Wednesday, December 12, 2018

පුරුෂයෙක්, ස්ත්‍රියක් හා පැවිද්දන් දෙදෙනෙක් දුටු ඉන්දියාව හා සිදුකරන ලද දඹදිව වන්දනාව පිලිබඳ පොත් 4ක් (හතරක්)





මට 2018 අගෝස්තු 17 සිට අගෝස්තු 26 දින දක්වා දඹදිව [ඉන්දියාව සහ නේපාලය] (බුදුන් වැඩ සිටි හා උපන් දේශය) වැඳ පුදා ගැනීමට ඒ උතුම් අවස්ථාව සැලසුනි.

දඹදිව වන්දනාවට පෙර මම පොත් 4ක් (හතරක්) කියෙව්වෙමි.

එම පොත් 4 (හතර) ලියා තිබුනේ පුරුෂයෙක්, ස්ත්‍රියක් හා පැවිද්දන් දෙදෙනෙකි.

(01) පුරුෂයා - එරික් ඉලයප්ආරච්චි: ඉන්දියාව ශුන්‍යය සෙවීම.
(02) ස්ත්‍රිය  - සුනේත්‍රා රාජකරුණානායක: ඉන්දියානු මතක
(03) පැවිදි තෙරක් - පුජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි: දඹදිව සඳහම් සුවඳ
(04) තවත් පැවිදි තෙරක් - පුජ්‍ය ආචාර්ය උණුවතුර බුබුලේ මහින්ද හිම  : දඹදිව වන්දනා ගමනට අත්වැලක්

එරික් මහතා සහ සුනේත්‍රා මහත්මිය දුටු ඉන්දියාව ලෞකික සංවර්ධනය, සාහිත්‍යය, කලා ශිල්ප, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉන්දියානු අහාර වර්ග, කෘෂිකර්මාන්තය හා තනි නමුත් ඒක පුද්ගල වශයෙන් දැනුවත් මෙන්ම වැදගත් අය පිළිබඳව ගැඹුරින් විකාශණය වන පොත් දෙකකි.

පැවිදි හිමිවරුන් දෙදෙනාගේ ඉන්දියාව පිලිබඳ දෘෂ්ටිය බොහෝ විට දඹදිව වන්දනාව සහ බුද්ධ ධර්මය හා බද්ධව පවතී. මෙම පොත් දෙකද ගැඹුරින් අදාළ 'බෞද්ධ වන්දනාව' හා 'බෞද්ධ ඉතිහාසය' යන ක්ෂේත්‍රයන් විවරණය කරයි.

මෙම සතරදෙනාගේ ඉන්දියාව හා දඹදිව පිලිබඳ දෘෂ්ටිය ඔබ ඉන්දියාවේ දඹදිව වන්දනාවේ යන්නේ නම් ඉතා වැදගත් වේ.

සුනේත්‍රා මහත්මිය දකින ඉන්දියාව තිරුඅන්මලයේ සිට මුළු ඉන්දියාව පුරා පිටු 124කින් මිල රු.225 කට විහිද යයි. එයට ඇයට පරිච්චේද 11ක් ප්‍රමාණවත් වේ. විවිද සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික සිද්දි වටා මෙම පරිච්චේද ගලා යයි.



පිටු 184කින් මිල රු. 280 කට පරිච්චේද 28කින් ඉන්දියාවත් (දඹදිවත්) එමෙන්ම නේපාලයත් (ලුම්බිණිය) ගැඹුරින් ඉතාම සංකීර්ණ විශ්ලේෂණයට මෙන්ම ආර්ථික විද්‍යානුකුල විවරණයකට ලක්කිරීමට එරික් ඉලියප්ආරච්චි මහතා සමත් වී ඇත. මෙය 'පසු නුතන ඉන්දියාව' දෙස ශ්‍රී ලාංකීය බැල්මක් හෝ දැක්මක් පෙන්වා ඇති බව යන්න මෙම පොත කියවීමෙන් පසුව මට ඇතිවූ අහිංසක හැගිමයි.


පිටු 200කින් මිල රු.400 කට පුජ්‍ය ආචාර්ය උණුවතුර බුබුළේ මහින්ද හිමි දඹදිව වන්දනාව තම තීක්ෂණ බුද්ධිය හරහා බෞද්ධ පාඨකයින්ට පැහැදිළි භාෂාවෙන් ලිවීමට සමත් වී ඇත. මෙම පොතේ මීට අමතරව සාංචි ස්තුපය, චෙන්නායි, අජන්තා ලෙන්, ඇල්ලෝරා, නගර්ජුර්ණ කන්ද සහ අනෙකුත් ස්ථාන රැසක් ගැන තොරතුරු ඇතුලත්ය. මෙම ස්ථාන නැරඹීමට මා හට යෑමට නොහැකි විය.  


පිටු 189ක් පුරා මිල රු.450 කට පුජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි දඹදිව වන්දනාව පිළිබඳව සුන්දර බණක් කියන බස් වහරක් යොදාගෙන බුද්ධ චරිතය ඇසුරෙන් ධර්මය හා බුද්ධ චරිතයේ සිද්ධි අදාළ බෞද්ධ සිද්ධස්ථාන ඇසුරෙන් පාඨකයන්ට පැහැදිළි කිරීමට සමත් වී ඇත.


මෙම පොත් හතරම ඉන්දියාව හා දඹදිව වන්දනාව පිළිබඳව විවිද පැතිකඩයන් පෙන්වාදීමට සමත් වී ඇත.

"Jetwing Holidays" ආයතනයට පිං සිදුවෙන්න ඉන්දියාවේ වරණාසි, බෝධ්ගයා, පැට්නා, කුෂිනගර්, නේපාලයේ ලුම්බිණිය, ශ්‍රාවස්ති පුරය, අග්‍රා සහ නව දිල්ලිය යන නගර දින 10කදී එහි ඇති නගරවල බෞද්ධ පුදබිම් වන්දනාවට හැකි වීම ඉතාමත් වැදගත් වේ.

වන්දනා නඩය 'ශ්‍රී ලංකාවේ' සිට 'ඉන්දියාවටත්', 'ඉන්දියාවේ' සිට 'ශ්‍රී ලංකාවටත්' ඉතාමත් ප්‍රවේශමෙන් රැගෙන ගිය 'Jetwing Holidays' ආයතනයේ කෝසල කුරුප්පු මහතාට ස්තුතියි.

තවද ඉන්දියාවේදී 'ජටක් ට්‍රවෙල්ස්' / Jatak Travels' ආයතනයට සහ එහි නියෝජිත 'ජැකී විශ්වකර්ම/ Jackie Vishwakarma' මහතාට ද මාගේ ප්‍රණාමය හිමිවේ.

මෙම ආයතන දෙක එකට එකතු වී අදාළ බෞද්ධ හා දඹදිව, වන්දනාමාන හා චාරිකා සංවිධාන කරයි.

එසේ නොවන්නට මා හට මෙම වටිනා ජීවන අත්දැකීම් ලැබීමට නොහැකි වන්නට තිබුණි.

මෙම ලිපියේ තවද සිතියම් හතරකින් මාගේ මෙන්ම අනිත් කතුවරයන්ගේ ගමන් මග දැක්වෙන සිතියම් හතරක් ඇත. එය අපැහැදිලි වුවද එමගින් සමස්ත ඉන්දියාව සහ එහි නගරවල භූගෝලීය ව්‍යාප්තිය පිලිබඳ අවබෝදයක් ලැබිය හැක. 

මෙහි නිල්පැහයෙන් ඇත්තේ දඹදිව වන්දනාවේ ගමන් මගය.

මෙහි 2 සහ එහි උප අංක ලෙස ඇත්තේ එරික් ඉලියප්ආරච්චි ගේ ගමන් මගයි.

මෙහි තැඹිලි පැහැයෙන් දැක්වෙන්නේ සුනේත්‍රා රාජකරුණානායක ගේ ඉන්දියානු මතක වේ.





















Sunday, December 9, 2018

A mischievous story book - Fantastic Mr. Fox By Roald Dahl



This 88-page, rupees 970 (LKR) valued book of a mischevious fox's story by Roald Dahl (RD) defines his writing style as a children's literature author.

Like many of his books 'Fantastic Mr. Fox' is a colorful book with fun, jolly and mischief.

I think RD hates humans. And I think it's the war that impacted him. 


Beams, Bunce and Boggis are the antagonists of this small book.

They are like the symbolic reflection of Mr. Winston Churchil, Mr. Joseph Stalin and Mr. Franklin D. Roosevelt in my view who drove the 2nd world war against Adolph Hitler of Germany.

Mr. Fox is the protagonist.

A beautiful adventure of survival with a humorous and fairytale-like touch. (Pied Piper of Hamlin)

If you watched the film from 2009 by the same title by Mr. Wes Anderson and read the book as well because there are a lot of differences.

Hope you'll enjoy them because both are great entertainment.


Overall rating - 4/5






Tuesday, December 4, 2018

The Rule of Why ? : Shaveen Bandaranayake - Shaveen is ambitious. He believes in capitalism and he knows marketing (As far as I know)



Shaveen Bandaranayake (SB) was famous among law students when I did law in 2011 and 2012.

But it didn't work out for me as I expected (Now I am an accountant in training [2018]), but Shaveen now having 3 Qualifications in 3 various disciplines (Law, Multimedia and Film) is now an ad-man (Advertiser), filmmaker, runner and a petrolhead (A car fanatic) has written a book.

He is the founder of "The Law simplified", "Asenshal" and "INSTAVLOGS".

Shaveen Bandaranayake's "The Rule of Why" is a very descriptive but summarised book about marketing based on his 6-year career in the advertising and marketing industry.

He has conceptualized during his 6 year's that 'the customer' actually has changed so fast that he has the upper hand against marketers. He has somewhat focused on 'shopping' and 'specialty' products in his book. [Marketing Terminology]

He discussed the 'Convenience goods' in one chapter with a relatable example but still he believes in the contemporary world the customers are the higher power due to abundant information sources like media, internet etc.

And also this book is for marketers and not for customers.

He has used so much terminology it confused me many times.

The book feels a bit stuffed with facts and hard to grasp due to it's printed format but feels good to read due to its practicality. [Examples from real life]

The author has used 'What', 'Why', 'How', 'Where', 'Who' and 'When' as the main marketing scope of a marketing campaign.

In summary,

'What' - Unique Selling Proposition [USP]
'Why' - 'USP' and the client's perception
'How' - Based on the 'brief' [how a product is better than another product]
'Where' - Which media platform [More social buzz - better]
'Who' - New brand ambassador [The demographics of buyers]
'When' - Seasonal or which time of day [More social buzz - better]

If the formatting and a more elaborative text were existant this 54 page, rupees 225 valued book would have been a real academic textbook with a new marketing perspective. 





 

"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - පුරාණ සිංහලේ : භාරත යක්ෂ ඉතිහාසය හෙළි කරන ලංකා පුවත



"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව තුළ දැනුමේ 'සම්භවය' සංකීර්ණ කාර්යභාර්යක් මිනිසාගේ ජීවන ඇමතුම් පැවතුම් වලට බලපායි යන පදනම මත පිහිටා ක්‍රියාත්මක වන බව ඔවුන් දෙදෙනාගේ පර්යේෂණ කියවන විට මට හැඟුණි.

එනම් ඔබ දේශීයත්වය හා දැනුමේ සත්‍යතාවය හා එම දැනුමේ නිවැරදි බව යන සාධක කෙරෙහි වැඩි බර තැබීමක් සිදු කරයි නම් ඔබ "කොලට්" හා "නාරද" ගේ මග යන බව පෙනේ.

"නාරද" හා "කොලට්" ට අනුව දැනුම ක්‍රියාත්මක වන්නේ දේශීයත්වය මතය.

එනම් සෑම දේශීය සමාජයේ ආකෘතිමය හා අභ්‍යන්තර ආයතනික ගැටළුද (අභ්‍යන්තර පරිසරය), සමස්ත සමාජීය හා දේශපාලනික පරිසරයේ ගැටළුද (දේශීය බාහිර පරිසරය) හා ගෝලීය පරිසරයේ ගැටළුද (විදේශීය බාහිර පරිසරය) යන සාධක හට ගන්නේ බටහිරකරණය හෙවත් දෘෂ්ටිවාදයේ වෙනස් වීම් නිසයි.

 "නාරද" හා "කොලට්" මෙම දැනුම පිළබඳ අරෝවට එරෙහිව විසදුම් ඔවුන් දෙදෙනාගේ නව කෘතියෙන්ද පිටු 60ක් පුරා, රු. 150.00/= කට තම හැකි අයුරින් පර්යේෂණාත්මක මගක් ගෙන විසදුම් ලබා දීමට තැත් කරයි.

නමුත් එහි ගැටළු නැත්තේම නොවේ.

(01) 'ඉතිහාසය' හා 'සමාජයීය' දේශීය දැනුම, වර්තමාන දේශීය ඛණ්ඩනය වූ ශ්‍රී ලාංකීය සමාජය තුළ තවමත් ක්‍රියාත්මක කළ හැකිද? [ජනගත කළ හැකිද?]

(02)  අතීත කාමයෙන් පලක් තිබේද?

නමුත් පොත් 22ක් පුරා 'ඉතිහාසය' හා 'බුදු දහම' ආරක්ෂා කිරීම "නාරද" හා "කොලට්" සඳහා වැදගත් සාධක වී ඇත.

තවද බොහෝ 'වර්තමානයේ' හා 'අතීතයේ' උගතුන්ගේ තීරණ වලට පහර දෙමින් ලියවෙන මෙම කෘතිය 'යක්දෙස්සාව' නම් ග්‍රාමයේ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසය පාඨකයා ඉදිරියේ අභිමානවත්ව තැබීමට ඔවුන් සමත් වී ඇත.

'පුස්කොළ පොත්' භාවිතය, ජන ව්‍යවහාර හා බොහෝ ග්‍රාමීය මුලාශ්‍ර වලට කිඳා බසිමින් පෙර මෙන් විප්ලවවාදී ස්වභාවයක් ගන්නා "නාරද" හා "කොලට්" තම ක්ෂේත්‍රයේ හිටපු හා සිටින දැවන්තයින්ට නොබියව පහර දෙයි.

'ලංකා පුවත' බිහිවන්නේ නාට්‍යයක් ඇසුරෙනි.

'මුතුගල විහාරයේ කරදන් උන්වහන්සේගේ පුස්කොළ පොත' ඇසුරෙන් බිහිවන මෙම කෘතිය රසවත් ඓතිහසික තොරතුරු ඇතුළත් පොතකි.

Monday, December 3, 2018

Going Solo by Roald Dahl - A book about war, Africa and Roald Dahl's weirdness




Roald Dahl (RD) and his real-life world war II adventures are discussed in his second autobiographical book 'Going Solo' [GS] (1986).

His first book is the 'BOY' (1984).

This review will focus on the 2nd book, GS by RD.

Therefore understanding some of RD's funny mannerisms and other aspects that lead him to be a world-famous children's literature writer will not be discussed in this review because of my lack of exposure in reading RD books and also because of not reading 'BOY' (1984).

I remember reading and being mystified by 'The Enormous Crocodile' (1978) which was meant for young readers. 

I can't remember the plot of the story or other aspects but I remember loving the humor, storyline and 
beautiful pictures by Quentin Blake.

Therefore I will and I must write about him as a big fan and his book GS (1986).

This book cost my elder brother Sri Lankan Rupees 970 (SLR) and this book has 212 pages.

Puffin books in the introduction say 'It is hard to imagine a more colorful and exciting autobiography.



   
The book contains 15 chapters expanding on his journeys in Africa and the below map.




Some of the quotes remind of 'The Curious Case of Benjamin Button' (2008) [film],

'A life is made up of a great number of small incidents and a small number of great ones.'

The book at first discusses about his first job in East Africa and the second half discusses about his role in Royal Air Force (RAF) in the second world war.


RD in his book has been fearless to show his emotions and the realities of the world that he sees in the world around him.

And in the end, he claims there is no place like home.

He shows his strategic sharpness and also the quirks as a human being that he gained through his ideology by experience, reading, and education.

A very real and a powerful book about struggles of ordinary people which make this an amazing reading experience.

The writer published this book in 1986 whereby he explains the changes in attitudes of people and deep-rooted tribalism of human beings.

A must read. 



Monday, November 12, 2018

මගේ මිත්‍රයකුගෙන් කියවිය යුතු පොත් පිලිබඳ සටහනක් - 2018 පෙබරවාරි / මාර්තු



මම KPMG Sri Lanka ආයතනයේ වසර 2ක් ගිණුම්කරණ හා විගණන වෘත්තීය පුහුණු වන සමයේදී (2016-2018) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට  2012 වසරේ අධ්‍යාපන පොදු සහතිකපත් (අ.පො.ස) උසස් පෙළ (උ.පෙළ) විභාගයට මුහුණ දී කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවකු මුණ ගැසුණි. [මගේ බාල මල්ලිගේ වයසේ [උදන්ත පොල්වත්ත]]

ඔහු නමින් 'රෝහිත මධුශංක' වේ.

ඔහු මම ඉවත් වීමට පෙර මෙම පොත් කියවන ලෙස කිවේය.

(01) ගම්පෙරළිය (1944) - මාර්ටින් වික්‍රමසිංහ මහතා
(02) කළියුගය (1957) - මාර්ටින් වික්‍රමසිංහ මහතා
(03) යුගාන්තය (1956) - මාර්ටින් වික්‍රමසිංහ මහතා
(04) මඩොල් දුව (1947) - මාර්ටින් වික්‍රමසිංහ මහතා
(05) රණමග ඔස්සේ නන්දිකඩාල් (2016) - මේජර් ජෙනරාල් කමල් ගුනරත්න මහතා
(06) අම්මා (2014) - උපුල් ශාන්ත සන්නස්ගල මහතා

මෙම පොත් මෙම වසරේ (2018) හෝ අනාගතයේදී කියවීමට බලාපොරොත්තු වෙමි.

මෙම පොත්, ශ්‍රී ලංකාවේ සිංහල සාහිත්‍ය පාඨකයන් අතර ප්‍රකට නිසාත් එම පොත් කියවීමට මාව යොමු කිරීම ගැන ස්තුතිය පළ කිරීමක් ලෙස මෙම ලේඛණය  ලියා දක්වමි.


මුලාශ්‍ර 

ඡායරුප

https://sinhalaebooks.com/2018/10/09/amma-upul-shantha-sannasgala-free-sinhala-novel/


https://www.ebay.com/itm/Road-to-Nandikadal-Book-Major-General-Kamal-Gunaratne-Sri-Lanka-/122210219288


https://www.google.lk/search?safe=active&biw=1366&bih=577&tbm=isch&sa=1&ei=mZHpW4O2J4LtvASv_o3wAg&q=Novel+trilogy+of+martin+wickramasinghe&oq=Novel+trilogy+of+martin+wickramasinghe&gs_l=img.3...146155.161501.0.161699.39.35.0.1.1.0.377.4641.0j8j11j2.21.0....0...1c.1.64.img..17.9.1744.0..0j35i39k1j0i67k1j0i8i30k1j0i24k1j0i10i24k1.0.PpkbpQD108Q#imgrc=-CfBJra5HPKSSM:


https://www.google.lk/search?safe=active&biw=1366&bih=577&tbm=isch&sa=1&ei=mZHpW4O2J4LtvASv_o3wAg&q=Novel+trilogy+of+martin+wickramasinghe&oq=Novel+trilogy+of+martin+wickramasinghe&gs_l=img.3...146155.161501.0.161699.39.35.0.1.1.0.377.4641.0j8j11j2.21.0....0...1c.1.64.img..17.9.1744.0..0j35i39k1j0i67k1j0i8i30k1j0i24k1j0i10i24k1.0.PpkbpQD108Q#imgrc=rYUkjzjLqsEaAM:


https://www.google.lk/search?safe=active&biw=1366&bih=577&tbm=isch&sa=1&ei=mZHpW4O2J4LtvASv_o3wAg&q=Novel+trilogy+of+martin+wickramasinghe&oq=Novel+trilogy+of+martin+wickramasinghe&gs_l=img.3...146155.161501.0.161699.39.35.0.1.1.0.377.4641.0j8j11j2.21.0....0...1c.1.64.img..17.9.1744.0..0j35i39k1j0i67k1j0i8i30k1j0i24k1j0i10i24k1.0.PpkbpQD108Q#imgrc=Jw4ZEmqXJJlxEM:


https://www.google.com/search?q=madol+doova&safe=active&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiV6K3DkM_eAhULvY8KHV4vAEAQ_AUIDigB&biw=1366&bih=626#imgrc=MjEviOtXPHDLnM:

තොරතුරු 

https://www.goodreads.com/book/show/23277831-amma


http://www.martinwickramasinghe.info/english/books/index.htm


http://www.ft.lk/article/566048/Road-to-Nandikadal

Book Recommendations from a friend - 2018 February/March




I met a student from the University of Sri Jayawardanapura who studied in the Management faculty during my 2-year training at KPMG Sri Lanka. (2016-2018)

His name is Rohitha Madhushanka.

He completed his G.C.E. (General Certificate of Education) A/L (Advanced Level) in 2012. (My younger brother's age [Udantha Polwatte])

He before I left recommended me the following books to read when I'm free.

(01) Gamperiliya (1944) by Mr. Martin Wickramasinghe
(02) Yuganthaya (1956) by Mr. Martin Wickramasinghe
(03) Kaliyugaya (1957) by Mr. Martin Wickramasinghe
(04) Road to Nandikadal (2016) by Major General Kamal Gunaratne
(05) Madol Doova (1947) by Mr. Martin Wickramasinghe
(06) Amma (2014) by Mr. Upul Shantha Sannasgala

Hoping to read during this year (2018) or in the future to come.

Since these books are very famous among many Sri Lankans as good books I thought of sharing as a reflection of thanking my friend.

References

Images








Information of the relevant books






Monday, September 17, 2018

නුතන ශ්‍රී ලංකාවේ පුනරුදය (2015 - 2020) - විකිණීම, බිලිදීම සහ එට්කා [ජනතා විමුක්ති පෙරමුණ]




ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජවාදී මතධාරී පක්ෂයකි.

එහි ප්‍රතිපත්ති ප්‍රකාශන 'නියමුවා ප්‍රකාශන' ලෙස මුද්‍රණය කර ජනතාකරණය කරයි.

මෙම පිටු 44ක ලේඛණය රු. 50 කි.

මෙහිදී පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයා විසින් 2016 සැප්තැම්බර් 20 වැනි දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වූ දේශණය නිරුපණය වේ.

එම දේශණය 'විකිනීම, බිලිදීම සහ එට්කා[ETCA]' නම් වේ.

එට්කා[ETCA] යනු 'Economic and Technological Cooperation Agreement' වේ.

මෙම ගිවිසුම සිංහල බසින් 'ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම' ලෙස හැඳින්විය හැක.

මෙම දේශනයේදී කථිකයා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ආර්ථිකයේ බිඳ වැටීම හා එහි අනාගත අවිනිශ්චිතතාවය, පැවති දේශපාලන ප්‍රතිපත්තිමය බෙලහීනතාවය නිසා සිදු වූ බව පවසයි.

කතිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රී.ල.නි.ප.) හා එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) යන දෙපාර්ශවයේම අධික අන්තගාමිවූ දේශපාලනික ප්‍රතිපත්තිමය පිළිවෙත් විවරණය කරන අතරතුර මෙම පොත හරහා තරමක් දුරට අනවශ්‍ය 'මඩ' ගැසීම් වලට යොමුවේ.

නමුත් පවත්නා ආර්ථික ක්‍රමවේදය තුළ 'විකිණීම' හෙවත් ශ්‍රී ලංකාවට අයිති දේශීය සම්පත්, විදේශීය ගෝලීය බලවතුන්ට විකිණීම නම් බියකරු ආර්ථික ප්‍රතිපත්තිය තරමක් දුරට සංකීර්ණ විශ්ලේෂණයට ලක් කිරීම සැලකිය යුතුයි.  

දෙමළ ඩයස්පෝරාව යනු හිස් පඹයකු බව 7 වැනි පිටුවේදී කියයි. එය තරමක් පදනම් විරහිත බවක් පෙනේ. පවත්නා ශ්‍රී ලාංකීය සමාජ හා වෘත්තීය වෙළඳපොල ආකෘතියට බොහෝ ප්‍රශ්ණ මෙම ක්‍රියාකරිත්වය තුළින් ඇති විය. 

එමනිසා එය කතිකයා පවසන පරිදි මෙය බැහැර නොකළ යුතු සාධකයකි.

තවද 10 වෙනි පිටුවේදී ගෝලීය බලවතුන් නිසා ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය බිඳ වැටීමට එරෙහිව හඬ නැගු එකම පක්ෂය ඔවුන් (ජ.වී.පෙ) බව කතිකයා පවසයි. 

නමුත් මගේ අවුරුදු 27 ක ජීවිතයේදී නම් ශ්‍රී ලංකාවේ තිස් වසරක සිවිල්, යුද්ධය අවසන් කිරීම හා බොහෝ විදේශීය සෘණාත්මක බලපෑම් වලට එරෙහිව හඬ නැගුවේ මගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයයි. (ශ්‍රී.ල.නි.ප)

එනමුදු සමස්ථ පිටු 44 තුළ ශ්‍රී ලංකාවේ තුන්වෙනි ලෝකයේ රටක් ලෙස ගෝලීය බලවත් රාජ්‍යයන් හා අන්තර්ජාතික මුල්‍යය ආයතන ඉදිරියේ තම දේශීය සම්පත් ආරක්ෂා කිරීම සහ ආයෝජන සඳහා ලබාගත් ණය පියවීමට දැරීමට සිදුවන දැවැන්ත වෙහෙස පහත ලෙස සාරාංශ කරගත හැක.

මෙම සාරාංශය ජ.වී.පෙ. නායකතුමා ETCA කෙරෙහි දැක්වූ මතය මත වැඩිබර තැබීමක් ලෙස හැඳින්විය හැක.

  • මෙම දේශණයට අනුව එට්කා (ETCA) ගිවිසුමට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ඇතුළත් නොකර ඉන්දියාවට එට්කා (ETCA) වැඩක් නැහැ ලෙස කතිකයා පවසයි.
  • මෙම දේෂණයට අනුව එට්කා (ETCA) මගින් දේශීය තොරතුරු තාක්ෂණික ආයතන වලට තම වෙළදපොල මෙන්ම ශ්‍රම වෙළඳපොල ද අහිමි විය හැක. කතිකයා MIT හා WSO2 වැනි ලංකාවේ ඇති විශාල තොරතුරු තාක්ෂණික ආයතන වල පැවැත්ම මගින් දේශීය ක්ෂේත්‍රයේ පවත්නා සරුසාර බව තවතවත් විවරණය කරයි.
  • එහිදී ඔහු දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ හැකියාව පිළිබඳව විවරණය කරයි.
එහිදී ඔහු දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ හැකියාව පිළිබඳව ගැඹුරින් විවරණය කරයි.

මෙම ලේඛණය තුළ ඇතුළත් දේශණය තුළ ඇති මුලික හරය දේශීය සම්පත් වල අයිතිය දේශීය මිනිසුන්ට හා රජයට බවයි.

එමගින් තිරසාර සංවර්ධනයක් රටට ලඟා කර ගත හැකි බව පක්ෂ නායකතුමා ගේ අදහස වේ.





Sunday, September 16, 2018

Modern Sri Lankan Renaissance (2015 - 2020) : A speech by the JVP leader Anura Dissanayake on ETCA [Economic and Technological Cooperation Agreement]




Janatha Vimukthi Peramuna / JVP (People's Liberation Front) is a major socialist political movement in Sri Lanka.

"Niyamuwa Prakashana" or "Niyamuwa Publications" are there major policy printing and publication unit of JVP.

This book which is valued for Rs. 50/- and have 44 pages contains a speech made by the political party leader of JVP with regards to economic policies of the past decade of Sri Lanka and also about the ETCA. (2006 - 2016)

This book contains a 'Sinhala version' of the speech made by the JVP leader Anura Dissanayake on 2016 September 20th at Colombo public library.

ETCA stands for Economic and Technological Cooperation Agreement.

This was a twenty-year-old (1998 - 2018), work in progress agreement attempting to liberalize the services and investments between India and Sri Lanka.

Due to its disadvantages, this was removed from the Sri Lankan context by Sri Lankan economic activists and politicians.

To give an understanding of the JVP leaders perspective on ETCA and the selling of Sri Lankan assets and investments to foreign parties this book is reviewed by me.

To understand the "Sri Lankan Modern Rennaissance (2015-2020)" this can be taken into consideration as another perception.

This speech is an observation of the Sri Lankan political parties and their reaction to the matter.

The speaker emphasizes the "uncertain" political decision making of the past Sri Lankan political parties and how it has cyclically impacted the modern Sri Lankan economic condition on an economy which is struggling in the third world to achieve development targets of global financial institutions and the money lending powerful nations like China and United States of America. (USA)

Sri Lanka Freedom Party (SLFP) / United People's Freedom Alliance (UPFA) and United National Party (UNP) are being heavily disgraced by the speech made by the J.V.P. leader on their inability to be fixated to a certain economic policy.

But their speaker goes into excessive attacks against the above two parties.

But the deceptive and the short term concept of "selling" of Sri Lankan assets can be considered as a vital factor discussed in the speech considering the future of the Sri Lankan economy as a nation.

And also selling assets to foreign global powerful economies and its policy should be studied in a broader sense because it may incur dangerous impacts to future.

In the page '07' of the speech, it includes a description about the "Tamil Diaspora". The speaker claims that Tamil Diaspora is powerless and not something to focus highly.

But personally, I disagree.

In the current, Sri Lankan context, the economy has impacted very negatively due to the non-governmental organizations (NGO) related to the Tamil diaspora because these entities have created many issues related to human resource management and the job market.

On page 10 the speaker emphasizes on his parties role of fighting against global powers profiting through manipulating third world economies.

But my personal observation is through experience and observation of 27 years is that only United People's Freedom Alliances (UPFA) or Sri Lanka Freedom Party (SLFP) fought against global powers who tried to manipulate Sri Lanka and also stopped the 30-year-old war.

To finalize the essence of this speech to the readers specifying on ETCA and it impacts,

(01) Speaker believes Indians wants to penetrate Sri Lanka's IT  [Information Technology] industry or sector to gain benefits to their economy

(02) But he suggests a solution by giving examples like the Sri Lanka's well renowned IT background and companies. (WSO2 and MIT [Millenium IT])

Finally, the essence is to maintain the idea and show Sri Lankans the value of the struggle against ETCA.

The speaker believes that it is vital to Sri Lankans to maintain the ownership of the assets and investments in order to protect the values and resources of the economy.






















Saturday, September 8, 2018

The Power of Now : Eckhart Tolle - A book that repeats itself over and over, but with a valid point


This 236-page book is written about human spirituality.

The book spans into ten (10) chapters discussing the practical use of the strength of 'presence'.

'Presence' according to the writer it is the ability to understand the current situation of his mental and physical state of life.

By understanding 'presence', the writer suggests taking your life decisions wisely.

For that, he gives insights to the reader through his book from various religions and other literature sources.

The basic idea is that the writer tries to emphasize throughout the book is to not to get fixated into deeply rooted animalistic human behavior when you are dealing with 'presence'.

The contents of the book are as follows.

Author's preface to the paperback edition
Introduction
Chapter One: You are not your mind
Chapter Two: Consciousness - The way out of pain
Chapter Three: Moving deeply into the now
Chapter Four: Mind strategies for avoiding the now
Chapter Five: The state of presence
Chapter Six: The Inner Body
Chapter Seven: Portals into the unmanifested 
Chapter Eight: Enlightened Relationship
Chapter Nine: Beyond Happiness and Unhappiness there is peace
Chapter Ten: The meaning of surrender

Summarising the facts the writer believes through meditation and deeply understanding your own thoughts you can achieve your highest mental stability, intelligent and emotional quotient.

The writer throughout the 236-page book uses the pause symbol after certain passages which is a suggestion that the reader may want to stop reading for a moment, become still, and feel and experience the truth of what has just been said. 

There may be other places in the text where you will do this naturally and spontaneously. 

Simply summarised this is like a handbook to human spirituality with a practical essence.
















Tuesday, September 4, 2018

"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - මහා වංසය ගැන උගනිමු. : නාරද කරුණාතිලක හා කොලට් සේනානායක



නාරද කරුණාතිලක සහ කොලට් සේනානායකගේ "මහාවංසය ගැන උගනිමු" යන පොත ප්‍රථම වරට මුද්‍රණය වන්නේ 2014 වර්ෂයේදී ය.

මෙම ලේඛණය අන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා සංස්කෘතිය පිළිබඳව ලේඛනයන් වලට වඩා වැදගත් වන්නේ ඒවායේ පවත්නා,

(01) තියුණු පර්යේෂණාත්මක විවරණයන්
(02) සරළ භාෂා භාවිතය හා සංක්ෂිප්ත බව  
(03) නොසෙවූ සංකීර්ණ ඓතිහාසික සාධක තම පර්යේෂණ හරහා 

ජනතාකරණය කිරීමයි.

කෙසේ හෝ වේවා මෙම ලේඛකයන් දෙදෙනා තරමක් අප රට තුළ වැදගත් ස්ථානයක් ගන්නේ ඔවුන් තුළ පවත්නා බෞද්ධ දර්ශණය මුලික කරගත් ලේඛණ ශෛලිය නිසාවෙනි.

මෙම ශෛලිය තුළින් ජනිත වන සංකීර්ණ ගැටළුව වන්නේ, ශ්‍රී ලංකාවේ බහු වාර්ගික රටක් වීම සහ ලේඛකයන් දෙදෙනා තම අවශ්‍යතාවය පරිදි 'මැවුම්වාදය' නිර්දය ලෙස විවේචනය කිරීමයි.

එනමුදු එමගින් බුදු දහමෙහි අගය සහ වටිනාකම වැඩිවන අතර එය පදනම් සහිතව තර්කානුකුලුව සිදු කරන බැවින් එහි වරදක් නොපෙනේ.

මෙම කුඩා ග්‍රන්ථය රු. 100ක් වන අතර පිටු 31කි. මම මෙය මරදාන ගොඩගේ පොත් මැදුරෙන් ගත්තෙමි.

බෝධි සභාව නම් ආයතනයක් හරහා ප්‍රකාශණය කරන මෙම පොත ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රකටව පැවතිය යුතු පොතකි.

අන්තර්ජාලය හරහා හෝ වෙනත් තොරතුරු මාධ්‍ය හරහා මෙම කතුවරයන් ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වීම, තරමක් දුක්බර තත්වයකි.

අන්තර්ජාලයේදී මොවුන් දෙදෙනා ගැන මට ලිපි දෙකක් සොයාගත හැකි විය.

මොවුන් දෙදෙනාගේ තවත් කෘතියක් වූ 'කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම' විචාරයට ලක් කරමින් ලියවුනු "BOONDI.lk" නම් වෙබ් අඩවියේ මොවුන් දෙදෙනාගේ සාහිත්‍යමය විප්ලවවාදී ස්වභාවය ගැන අපට දැනගත හැකි විය.

එම ලේඛණය පහත ඇමුණුමෙන් සොයා ගත හැක.

http://www.boondi.lk/article.php?ArtID=4561

තවද ශ්‍රී ලංකාවේ පවත්නා ක්‍රිස්තියානි හා කතෝලික ධර්මය හා එය ගැන මුලික සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් අප හට මේ ලිපිය තුළින් ලබාගත හැක.

නමුත් 'නාරද' හා 'කොලට්' යන සාහිත්‍යධරයන් දෙදෙනා ගැන ලොකු විස්තරයක් එහි නොමැත.

ඔවුන් දෙදෙනාගේ දෘශ්ටිය තරමක් විචාරාත්මකය. 

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට යටත් විජිත පාලන සමයන්හි සිදුවූ බලපෑම් මගින් ශ්‍රී ලංකිය දේශීය සංස්කෘතිය, ආර්ථිකය හා අභිමානයේ සෝදාපාළුව තම සාහිත්‍යය හරහා පෙන්නුම කර ඇත.

එමනිසා හටගන්නා අර්බුදයන් හා ඒවාට විසදුම් මෙම පොත් වල දක්වා ඇත.

අන්තර්ජාලය හරහා ගැඹුරින් විශ්ලේෂණය කරන විට "ගුගල් බුක්ස්" [Google Books] හරහා පහත ඉංග්‍රීසි බසින් රචිත මුද්‍රිත පොතක විද්‍යුත් මාධ්‍යයෙන් සකස් කරන ලද පොතේ මොවුන් දෙදනා ගැන සොයා ගත හැකිවිය.

එම පොතේ නම "Being a Christian in Sri Lanka [ Historical, Political, Social and Religious Considerations ] යන මැයෙන් රචිත ඉංග්‍රීසි කෘතියකි.

මෙය රචනා කර ඇත්තේ 'ලෙනාර්ඩ් පින්ටෝ' [Leonard Pinto] නම් කතුවරයා විසිනි.

මෙම කෘතියේදී 'කොලට්' හා 'නාරද' යන කතුවරයන් දෙදෙනා විවේචනය කර ඇත.

ඒ ඔවුන්ගේ සාහිත්‍ය කෘතීන් වල "මැවුම්වාදය", මුලිකව පදනම් වී ඇත්තේ බුද්ධ ධර්මය මත බව පැවසීමයි.

එම තොරතුරු පහත වෙබ් අඩවි ඇනවුම හරහා සොයා ගත හැක.

https://books.google.lk/books?id=ifVMCgAAQBAJ&pg=PT408&dq=narada+karunathilaka&hl=en&sa=X&ved=0ahUKEwjKorD78KHdAhUPfX0KHQyuCBEQ6AEIJzAA#v=onepage&q=narada%20karunathilaka&f=false

මෙසේ හැර 'කොලට් සේනානායක' හෝ 'නාරද කරුණාතිලක' ගැන අන්තර්ජාලය තුළ දක්නට නොමැත.

මෙම පිටු 31ක් තුළ මාගේ හද සලිත කරන ලද තොරතුර වන්නේ බුදු සමයේ පැවති පාළි භාෂාවට බුද්ධ ධර්මය දේශනයට තිබුණු නැඹුරුවයි.

බුදු රජාණන් වහන්සේ සංස්කෘත භාෂාව මග හැර පාළි භාෂාව තම බුද්ධ දේශනයට යොදාගන්නේ එය කුලහීන ජනතාවගේ ශුභසිද්දිය උදෙසයි.

මෙම කරුණෙහි සත්‍යතාව මට  "Britannica.com" හරහා තහවුරු කරගැනීමට හැකි විය. එම තොරතුරු පහත ඇමුණුමෙන් බලා ගත හැක.

https://www.britannica.com/topic/Pali-language

තවද පහත වෙබ් අඩවි ඇනවුම හරහා තවත් තොරතුරු බලා ගත හැක.

https://www.quora.com/Which-language-did-Buddha-preach-in


මෙම කෘතිය තුළ මහාවංසය ඉගෙනගැනීමේ වැදගත්කම හා ඊට බද්ධ වූ ශ්‍රී ලංකාවට අවේණික දේශීයත්වය යන සාධක කෙරෙහි නැවත ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමටත් ප්‍රයත්න දැරීම වැදගත් සාධකයක් ලෙස දැකිය හැක.

එමනිසා මෙම පොත දේශීය සාහිත්‍යමය වශයෙන් ගත් කළ ඉතාමත් ඉහළ වටිනාකමකින් යුක්ත පොතකි.

'කොලට්' හා 'නාරද' ගේ ශ්‍රී ලංකාව පිළිබඳව දෘෂ්ටිය සිංහලයන්ට තිරසාර සතුටක් ලබා දේ.

එමනිසා මෙම දෙදෙනාගේ ලේඛණවල හරය පෞද්ගලික ජීවිතයේදී භාවිතා කිරීම රටක් ලෙස දියුණුවට වැදගත් වේ.



ආශ්‍රිත මුලාශ්‍ර නාමාවලිය


වෙබ් අඩවි 

  • ජයතුංග, රුවන්. එම්. (2015). කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය.[Online/අන්තර්ජාලය හරහා] BOONDI.lk. Available at / වෙබ් අඩවි ඇමුණුම: http://www.boondi.lk/article.php?ArtID=4561 [ Accessed on / පරිශීලනය කළ දිනය: 05/09/2018]









































"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - වවුල් බංගලාව : නාරද කරුණාතිලක හා කොලට් සේනානායක



ළමා කතා ස්වරුපයෙන් ලියන මෙම කුඩා යොවුන් නවකතාව පිටු 79 කි. මෙහි මුල්‍යමය වටිනාකම රු. 150 කි.

කථාව විටෙක යථාර්ථයත්, විටෙක ළමා මනසේ මැවෙන මායාවක්ද යන්න සැක සහිත ය.

නිවාඩුවක් පිණිස ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට එන දැරියකට ඇගේ පරම්පරා නිවසේදී වවුලන් කිහිප දෙනෙකු ඇසුරු කරන්නට අවස්ථාව ලැබේ.

ගෙදර වහලේ සිටින වවුලනුත්, පබළු (කතාවේ ප්‍රධාන චරිතය) හා ඇයගේ නෑයන් වටා ගෙතී යන මෙම කතාව ශ්‍රී ලංකාවේ ගැමි චින්තනය හා ගැමි ජීවිතයට වවුලගේ කාර්යභාර්ය නිරූපිත ලේඛනයක් ලෙස හැඳින්විය හැක.

ජන කවි, ජන කථා හා ගෝලීය උදාහරණ සමග ලියා ඇති කෙටි නමුත් සුන්දර හා දැනුමෙන් පෝෂිත හරබර වියමනක් ලෙස මෙම කුඩා කෘතිය හැඳින්විය හැක.

පොත ඉතා විමසිල්ලෙන් රස වින්දනය කරන අතරතුර අන්තර්ජාලය හරහා ඔබ පර්යේෂණය කලේ නම් තවත් දැනුමෙන් පෝෂණය විය හැකි අතර 'වවුලා' ගේ ගෝලීය කාර්යභාරය පිළිබඳව සාක්ෂි සහිතව ඉගෙන ගැනීමට හැකියාවක් ඇත.

'නාරද' හා 'කොලට්', ශ්‍රී ලංකාවේ ගම හා සොබාදහම අතර පවත්නා සබැඳියාව හොඳින් පැහැදිලි කරයි.











Sunday, September 2, 2018

බුදුන්ගේ රස්තියාදුව - කේ. කේ. ශ්‍රීනාත් : කාලය, මුදල් හා මනස කා දමන පොතකි.


පිටු 249ක් වන මෙම 'පුස් ' ආන්දෝලනාත්මක කෘතිය රු. 500 කි.

මෙම පොතේ කවරය සහ නව කතාවේ නම දකින විටම එහි අලවියටම බිහිවූ බවක් පෙනේ.

එමනිසා හොඳ සාහිත්‍ය පාඨකයකුගේ යුතුකමක් මෙන්ම සාහිත්‍යට ආදරය කරන රසිකයකුගේ වගකීම වන්නේ මෙවන් විකාර රුපි පොත් ගැන සමාජය හා සහෘද පාඨක පිරිස් දැනුවත් කිරීමයි.

තාත්වික කථා කලාවෙන් බැහැරවී අධි තාත්වික කථා සම්ප්‍රදායකින් ලියා ඇති මෙම කුණුහරුපය, මානසික රෝගියකුගේ පපොච්චාරණයකි.

කථාව ගලා යන්නේ යථාර්තය සමග නොව වේදිකා නාට්‍යයක ස්වරූපයෙනි. චරිත කිහිපයකි. ඉතාම පහත් හා තුප්පහි විහිළු තහළු මෙම නව කතාවේ ඇතුලත් වේ. 

එම විහිළු, බුදු සිරිත සහ ඇඳා ගැනීම සිත තරමක් ව්‍යාකුල කරවන තත්ත්වයකි.

කථා නායකයා තරමක් ව්‍යාකුල මනසක් ඇති මිනිසෙකි. 

නමුත් හුදු පෞද්ගලික දුර්වලතා වලට සමාජයේ පවත්නා ආගමික හා සංස්කෘතික සාධක ඇඳා ගැනීම, තම මෝඩකම පෙන්වන්නකි. 

කතුවරයාට එම සාධකය (කථා නායකයාගේ ව්‍යාකුල මනස සහ ජීවිතය) නිරුපණයට මෙම බාහිර පරිසර (බුද්ධ දර්ශණය හා ශ්‍රී ලාංකීය සංස්කෘතිය) අවශ්‍යය වුයේද යන්න, පාඨකයාට විටෙක මානසිකව පසක් වේ.

තරමක් වියරුවෙන්ද, තරමක් මනෝ මුලික භාෂා හැසිරවිමකින් ආගමික ශාස්තෘවරයකු නිර්ධය ලෙස විවේචනය මහා පිස්සුවකි.

මෙහි කතුවරයා වන කේ. කේ. ශ්‍රීනාත් ගැන කිසිවක් සටහන් නොවීමත්, කතුවරයාගේ පොත තුළ ඉතාමත් සංකිර්ණ ආත්මාර්ථකාමී මනොමුලික බවක් දක්නට ලැබීම සිංහල හා දේශීය සාහිත්‍යයේ අනාගතය ගැන බියක් ඇති කරයි.

විටෙක කේ. කේ. ශ්‍රීනාත් යනු නුතන ශ්‍රී ලාංකීය සමාජයේ සිංහල සාහිත්‍ය තුළ සැරිසරන මනෝ ව්‍යාධිකයකු ද යැයි හැඟෙ.

එමනිසා 'ගුණාත්මක නිර්මාණය' කියන සාධකයට අවධානය යොමු කිරීම වැදගත්ය.

අන්‍ය ආගමිකයන් මෙවන් කෘති, තම ආගම ගැන නොලියන බවත්, මෙමගින් තම සාහිත්‍ය තුළින් තම සංස්කෘතියේ 'වල' කපා ගැනීමක් මෙහි දැකිය හැකිය.

ප්‍රධාන සාහිත්‍යය දරාවෙන් පිට පෙන 'වීරයන්' වීමට ලියන මෙම පොත් මගින් බිහිවන මෙවන් අතුරු ඵල වන් සාහිත්‍යය නිර්මාණ සමාජ කුෂ්ට, දද හා පිළිල මෙන්ය.

මේවා දකින විටද පවත්නා ක්‍රමය තුළ ඇති 'කල කිරීම' ඉහළ යයි. 

නමුත් සිංහල සාහිත්‍යයට මිනිසුන් නැවත යොමු කරවීමට ගත් මෙම උත්සාහයට ගරු කරමි.

මෙවැනි පොත් වලට කාලය නාස්ති නොකරන්න.

සෑම වසරකම නිර්දේශිත 'ස්වර්ණ පුස්තක', 'රජත පුස්තක' හා 'රාජ්‍ය සම්මාන' පොත් ඔබට හැකි පරිදි කියවන්න.

මෙවන් මනෝ මුලික, පිස්සු පොත් මග හරින්න.

වාසනාවකට මෙම පොත අන්තර්ජාලය PDF ලෙස පැතිර යාම තුලින් තරමක් හෝ දුරට කුණු ඕජස  සමාජය තුළ පැතිරයාම පාලනයට හැකි විය. 

තවත් විස්තර මෙම පහත විචාරය තුළ දක්නට ලැබේ.

http://3mana.com/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8/


















Monday, August 27, 2018

අපේ දානය - ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පුජ්‍යපාද කොටනෙළුවේ පුඤඤානන්ද ස්වාමින් වහන්සේ : සඟ සසුනට දෙන දානයට, නුතන සමාජයට ගැලපෙන අයුරින් කරන විවරණාත්මක ප්‍රවේශයක්



කුඩා ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කොට දෙන ලෙස කතුවර හිමිනම (ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පුජ්‍යපාද කොටනෙළුවේ පුඤඤානන්ද ස්වාමින් වහන්සේ) ගෙන් ඉල්ලා සිටින ලද්දේ රත්මලානේ කඳවල පාරේ අංක 23 නිවසේ පදිංචි එන්. එස්. අබේගුණවර්ධන මහත්මිය සහ දූ දරුවන් විසිනි.

එසේ මුද්‍රණය කළ මෙම කුඩා පොත බොහෝ දෙනෙකු ගේ ඉල්ලීම ඇති නිසා දෙවැනි මුද්‍රණයක් ලෙස රත්මලානේ තුසිත පොත්හලේ අධිපතිතුමා විසින් පොත් තුන් දහසකට (3000) වැඩි සංඛ්‍යාවක් මුද්‍රණය කරණ ලදී.

මෙම පොතට වඩ වඩාත් ඉල්ලීම් එන නිසා මෙහි තුන්වන මුද්‍රණය මහරගම රුවන් පහරුවේ අධිපතිතුමා වන ඩබ්ලිව්. ඒ. විජේබණ්ඩාර මහතා විසින් මුද්‍රණයට එකඟ විය.

මෙම කුඩා පොත මගින් කතුවර හිමිනම බලාපොරොත්තු වී ඇත්තේ දානය පිලිබඳ හෝ එහි ආනිසංස පිලිබඳ විස්තරයක් කිරීමට නොව දානයක් නිවැරදිව පුජාකරන ආකාරය කියා දීමටයි. 

මෙම පොත මගින් පිරිකර පුජාවේදී තම දානය දුන් පන්සලට හා එහි වැඩසිටින සඟ සසුනට පිරිකර පුජා කර යුතු ආකාරය පිළිබඳව විවරණය කිරීම ඉතාම වැදගත් විවරණයකි.







ශ්‍රී ලංකාවේ රුහුණු (දකුණු) ප්‍රදේශයේ, බෞද්ධ හා හින්දු වන්දනාව හා ආගමික භාවිතය පිලිබඳ ගැඹුරු හා හරබර වියමනක්, මිල අයකිරීමකින් තොරව. - දනන් දුකෙන් නිවාලන්න - කඳ සුරිදුනි පිහිට වෙන්න : S-Lon බැති සිතිවිලි



මෙම මුද්‍රිත පොත ඉතාමත් ඉහළ ගුණාත්මක බවකින් නිර්මානය කර ඇති අතර එස්-ලෝන් (S-Lon) ලංකා පුද්ගලික සමාගමේ තවත් එක සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස, රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැරට සහභාගී වන බැතිමතුන් වෙත මෙම ග්‍රන්ථය නොමිලේ බෙදා දෙන ලදී.

මෙම ග්‍රන්ථය ඔබට රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක.

මෙහි අන්තර්ගත කරුණු කතරගම කිරි වෙහෙර රාජමහ විහාරයේ සහ, කිරි විහාරයේ හිටපු විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ආචාර්ය අලුත්වැව සෝරත නාහිමිපාණන් විසින් රචිත කතරගම පුද සිරිත ග්‍රන්ථයෙන් සහ, කතරගම සිද්ධි සුනියම් දේවාලයේ තේවාභාර කපුධුරන්දර කේ. ඩී. දේවප්‍රිය මහතා රචිත කඳ සුරිදුන් වඳින ගාථා යන ග්‍රන්ථයන්ගෙන් උපුටා ගෙන ඇත.








Saturday, August 11, 2018

Glimpses of a shattered island : Chulananda Samaranayake - beautifully woven sentences of the Sri Lankan reality and struggle


Mr. Chulananda Samaranayaka is one of the major translators of internationally acclaimed literary books, a poet of four anthologies of poetry and an author of a book of short stories.

"GLIMPSES OF A SHATTERED ISLAND" is his recent work of poetry.

This 40 page, 250 rupees valued Sri Lankan English poems are a revelation for the stream of Sri Lankan literature.

I have only read a few Sri Lankan English poems [from the old English literature syllabus for General Certificate of Education (G.C.E.) Ordinary level (O/L) - 2007 (Prior to the syllabus change)] and only one novel by Mark Wilde, The "Chucking the Dragon".

The below link allows you to read my review on "Chucking The Dragon".

https://bookerreadsdaily.blogspot.com/2017/01/03-chucking-dragon-by-mark-Wilde-not.html

Though it's an emotionally powerful book or novel it is very personal.

The whole novel is woven around a person and his perspective on the destruction of the whole country as a nation due to its decline in good ethics and attitudes.

The writer Mr. Chulananda himself has attempted to cover many aspects of Sri Lanka through his journey of glimpses of Sri Lanka by turning beautiful words into 28 poems.

Though the poet has touched and scratched the surface of many aspects of the Sri Lankan struggle and its political drama which will be an eternal tragedy until good men or women find their seats in the right places, these poems will be written over and over again.

But since the Sri Lankan English literature is much confusing and dark [Funny boy by Shyam Selvadurei (Not read yet), Chucking The Dragon By Marke Wilde] to the readers, these poems have attempted to reduce it to an acceptable level.

Poet not seeking excessive sexuality (Prostitution in the country), Old news (Riots and War) or the criminal uprisings have managed to focus on the economic and the political aspects of our country which is a good thing to the reader.

Besides several structural problems in the poem like,

(01) lacking more artistic elaboration of language to the scenario described than being straightforward.
(02) And some grammatical and language errors 

It is a very rare sight for Sri Lankan literature readers to have an opportunity to read a Sri Lankan English anthology of poems these days.

I am very glad Mr. Chulananda Samaranayake, did this set of poems for he had unlocked a new paradigm for Sri Lankan literature to fearlessly go into the English language as well in writing and reading.

To finish my words of gratitude to him (Poet), the following somewhat haunting poem with a tragic aspect will be typed in this blog post to have one glimpse of our shattered island.


Glimpses 13.

An emptied
poison bottle
is lying
on a barren paddy field

දහම් කළාප අංක 12 : මනෝ පුබ්බං ගමා ධම්මා - පෞද්ගලික පිරිසකට මුද්‍රණය කරපු පොතක්, ශ්‍රී ලංකාවේ නුතන සමාජයේ බෞද්ධ වෛඥානික භාවිතයේ` විමර්ශනයක්



මෙම පිටු 15ක් පමණ වූ පොත මුද්‍රණය කර ඇත්තේ 2009 වසරේ මැයි 30 වෙනිදාය. ඒ දෙහිවල විසු සුජාතා නෙත්තානන්ද මැතිණිය ට පිං පිණිසය. 

මෙම පොත ලබා දී ඇත්තේ`මිල අය කිරීමකින් තොරවය.

මෙවැනි පොත් කිහිපයක් මම 2016 දී කොළොඹ නැවතී සිටින විට කියෙව්වෙමි.

ඒවා පහත වෙබ් පිටුවෙන් ඔබට බලා ගත හැක.

https://bookerreadsdaily.blogspot.com/2017/01/0-2016.html

මෙවැනි මිල අය නොකර බෙදාහරින පොත් වලින් සිදු වන්නේ ධර්ම දානයකි.

බුදුන් වදාල හා දේශිත ධර්මයට අනුව උතුම්ම දානය, ධර්මය අනෙකුට ලබා දී එමගින් ඔහුව අදුරෙන් එලියට ගැනීමයි.

එමනිසා මෙවැනි පොත් විශාල ප්‍රමාණයක් මෙලස මුද්‍රණය කර ජනතාකරණය, වර්තමාන ශ්‍රී ලංකාවේ නුතන සමාජ ක්‍රමය තුල බෞද්ධ වෛඥානික භාවිතයේ` විමර්ශනයක් ලෙස දැකිය හැක.

මන්දයත් මෙය සිද්දවන්නේ අවබෝධයක් ඇතිවය.

මෙය ඉතාම හොඳ කාර්ය භාරයකි.

නමුත් මෙය කරපින්නා නොගෙන, අසරණ දුප්පත් / දුකට පත් අප වැනි අනෙකුත් මිනිසුන්ට හා සතුන්ට අභය දානය හෝ වෙනත් ආධාරයක් ලබා දීම මගින් ධර්ම දානයේ සැබෑ ප්‍රායෝගික මෙන්ම ආදර්ශවත් නිරුපනයක් හා මානුෂිය අත්දැකීමක්ද  එම පුද්ගලයාට ලබා ගත හැකි බව මගේ අහිංසක හැගීමයි.

එවිට එම පොත් මුද්‍රණය කරමින් වැය කරන එම සම්පත් නාස්ති නොවේ.

එමනිසා තම සම්පත් උපරීම ඵලදායිතාවයෙන් යොදා ගත යුතුයි.

මෙම ලේඛනය තුල ධජග්ග සුත්‍ර විවරණයක්, බුද්ධ මන්තරයක් හා "සිත ද ? හදවත ද ?" ලෙස මනසේ ක්‍රියාකාරිත්වය පිලිබඳ බෞද්ධ ධර්මය හරහා කරණ දෘෂ්ටිකෝණයක් දක්නට ලැබේ.









Wednesday, August 8, 2018

ගුණදාස අමරසේකර : ජාතිකත්ව සංකථන - සුමුදු චතුරාණි ජයවර්ධන : "Jathikathwaya" has no english word. And it is not "Nationalism". / "ජාතිකත්වය" යනු "ජාතිකානුරාගය" [Nationalism] නොවේ.



According to veteran social analyst and Sinhala literature writer, Dr. Gunadasa Amarasekara, it is written in a discussion with a Sri Lankan young journalist, Sumudu Chathurani Jayawardena in her book "ජාතිකත්ව සංකථන", that nationalism and "Jathikathwaya" [ජාතිකත්වය] are two different concepts.

Therefore there will be a discussion on this matter in a book with 47 pages, but with great value.

It will be written/typed in Sinhala.

But it basically discusses factors of the Sri Lankan psyche based on "Jathikathwaya" [ජාතිකත්වය] and its impact on politics, economics, culture, and literature.

"ගුණදාස අමරසේකර" හා "සුමුදු චතුරාණි ජයවර්ධණ" අතර සිදු වන කෙටි නමුත් ඉතාමත් වැදගත් මෙම කතිකාව මගින් ජාතිකත්වය යන සංකල්පය කතා කරයි.

"සුමුදු චතුරාණි ජයවර්ධණ" විසින් රචිත මෙම පිටු 47 ක ලේඛණය රුපියල් 100 කට ඕනෙම ලංකිකයකු හට මිලදී ගෙන කියවිය හැකිය. මෙය කියවිය යුතුය.

"සුමුදු චතුරාණි ජයවර්ධණ" මෙනවිය 'සිළුමිණ' කර්තෘ කෙනෙකු ලෙස සේවය කළාය. එම අවදියේදී ඇය 2007 වසරේදී "පුන්කළස" ලෙස ශාස්ත්‍රීය අතිරේකයක් සංස්කරණය කළේය. එහි දක්නට ලැබුණු ලිපි පෙළක් තවත් විවරනාත්මකව මෙහි දක්වා ඇත.

ගුණදාස අමරසේකර මහතා කෙරෙහි මෙහිදී විශේෂී හැඳින්වීමක් අවශ්‍ය නොවේ.

ඔහු ලක්දිව උපන් ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවකු මෙන්ම සමාජ විචාරකයෙකි.

මෙම සංකථනය කෙටි වුවද ඉතාම හරබර වියමනකි.

මම මෙහි බොහෝ හොඳ දේ දුටුවද එමගින් සිදුවන තරමක් සංකල්පීය දුර්වලතා දක්නට ලැබේ.

ඒවා මෙලෙස ලියා දැක්වීමට කැමැත්තෙමි.

(01) මෙම ලේඛනයේ පිටු 28-29 වලදී, "ජාතිකත්වය හා ආර්ථිකය" යන 3 වන පරිච්චේදයේදී GNP හෙවත් (Gross National Production) [දළ ජාතික නිෂ්පාදනයආර්ථික මිනුම් දර්ශකය පිලිබඳ පවත්නා දුර්වලතා පිළිබඳව කථා කරයි.

තවද එමගින් රටක සමස්ථ දියුණුව නිරුපණය නොවන බව මෙමගින් පෙන්වයි.

එනම් බහුතරය දුක්පත් ව සිට කුඩා ජන කොටසක් ආර්ථිකයේ දියුණුව අතිරික්තයක් ලෙස භුක්ති විඳින බව මෙමගින් නිරුපිතයි.

නමුත් මෙම තත්ත්වය සැම විටම නිවැරදි නොවන බව නුතන ධනවාදී ආර්ථික විද්‍යාඥයන් විසින් නව ආර්ථික මිනුම් දර්ශක මගින් පෙන්වා ඇත.

උදාහරනයක් ලෙස The Human Development Index (HDI) / මානව සංවර්ධන දර්ශකය, ආර්ථික මිනුම් දර්ශකය ගත හැක. මේ පිළිබඳව වැඩි විස්තර පහත වෙබ් අඩවිය හරහා සොයා ගත හැක.

http://hdr.undp.org/en/content/human-development-index-hdi

නමුත් ශ්‍රී ලංකාව යනු තුන්වන ලෝකයේ, සංවර්ධනය වෙමින් පවතින රටකි. එමනිසා මෙම ආර්ථික මිනුම් දර්ශක ගණනය ප්‍රයෝගිකව කල හැකිද යන්න ප්‍රශ්නයකි.

(02) මෙහි පිටු 38-40 වලදී 4 වෙනි පරිච්චේදය හරහා "ජාතිකත්වය හා සංස්කෘතිය" යන උප කොටසේදී අවසාන ප්‍රශ්ණ 2 දී සඳහන් වන්නේ සංස්කෘතියේ අංග වන භාෂාව, සාහිත්‍ය හා  කලා ශිල්ප මගින් රටක සමාජයට හා ආර්ථිකයට සිදු වන බලපෑම පිලිබඳව කතා කරයි.

එහිදී පවත්නා ජාතික අධ්‍යාපනයේ දුර්වලතා මෙන්ම සමස්ථ ආර්ථික හා සමාජ පද්ධතියේ ආචාර ධර්ම වල ශීඝ්‍ර සෝදාපාළුව ගැන තවත් විවරණය කරයි.

එම වාක්‍ය මෙලෙස දැක්විය හැක.

"අපේ භාෂාව අද සංකර සිංගිරිසි භාෂාවක් වෙලා."

"ප්‍රධාන සාහිත්‍යාංගය වන නවකතාව අද පොත් වෙළන්දන් ගේ වෙළඳ භාණ්ඩයක් වෙලා. වාණිජ රැල්ලටයි, කාම රැල්ලටයි නවකතාව බිලි වෙලා."

"අප සින්දුවෙනුයි, පන්දුවෙනුයි නැළවෙන ජාතියක් වෙලා."

"අද මේ රටේ ජාතික අධ්‍යාපනයක් තිබෙනවද? අන්තර්ජාතික අධ්‍යාපනයක් නම් තියෙනවා. විශ්ව විද්‍යාල වල තත්ත්වය කුමක්ද? රටට අවශ්‍ය වෛද්‍ය විද්‍යාල හදල මේ විශ්ව විද්‍යාල ඔක්කොම වහල දැම්මට කිසිම පාඩුවක් නොවේ."

(01) මෙහි "පන්දුවෙනුයි නැළවෙන ජාතියක් වෙලා." යන සාධකය අනුමත කල නොහැක.

ශ්‍රී ලංකාව ක්‍රිකට් හරහා විශාල ජයග්‍රහණ "අන්තර්ජාතික" වශයෙන් ලබාගෙන ඇත.

එමනිසා මෙය හිස් වචන පෙළකි. එහෙනම් ලෝකයේ බොහෝ "සංවර්ධිත" හා "සංවර්ධනය වෙමින්" පවතින රටවල් පන්දුවෙන් නැළවෙන රටවල් වේ.

ක්‍රීඩාව කරපින්නා නොගෙන එමගින් විනෝදයත්, ව්‍යායාමත් ලැබීම රටක ජනතාවට කායිකව මෙන්ම මානසිකව හොඳය.

(02) "අද මේ රටේ ජාතික අධ්‍යාපනයක් තිබෙනවද? අන්තර්ජාතික අධ්‍යාපනයක් නම් තියෙනවා. විශ්ව විද්‍යාල වල තත්ත්වය කුමක්ද? රටට අවශ්‍ය වෛද්‍ය විද්‍යාල හදල මේ විශ්ව විද්‍යාල ඔක්කොම වහල දැම්මට කිසිම පාඩුවක් නොවේ."

 මෙම වෙබ් අඩවියට අනුව ඔහු පුහුණු ධන්ත වෛද්‍යවරයෙකි.එහනම් ඔහුට කිසි විටක වෛද්‍ය විද්‍යාලයන් විවේචනය කිරීමට අයිතිවාසිකමක් නොමැත. http://www.loc.gov/acq/ovop/delhi/salrp/gunadaasaamarasekara.html )

මෙහිදී ගුණදාස අමරසේකරට අවශ්‍ය වන්නේ සමාජ විද්‍යාව, සංගීතය, භාෂාව, ඉතිහාසය, සාහිත්‍යය හා මාධ්‍යය පමණක්ද ? මෙය ගටලුකරියි.

කෙසේ හෝ වේවා මෙම ලේඛණය ශ්‍රී ලංකික මිනිසුන්ට, සිංහලයන්ට ඉතාමත් වැදගත් ලේඛනයකි.

එමනිසා රුපියල් 100ක් වියදම් කර මෙය කියවන ලෙස රටට ආදරේ මිනිසකු ලෙස ඉල්ලා සිටිමි.





























විනෝදය හා විචාරය : ආධුනිකයාට අත්පොතක් - ගුණදාස අමරසේකර : වෙනස



මෙම කෘතිය බිහි වන්නේ 1955 දී ගුණදාස අමරසේකර මහතා සාහිත්‍ය අරභයා ගුවන් විදුලියේ සිදුකරන ලද කථා පෙළකිනි.

මෙය පිටු 95 කි.

මම පෙරද සාහිත්‍ය විචාර පොතක් පිළිබඳ "විවරණයක්" සිදු කලෙමි.

එම කෘතිය වන්නේ "කලාව හා රසවින්දනය : ප්‍රේමචන්ද්‍ර මාගම්මන".

එහිදී එම කෘතිය තුළ සාහිත්‍ය "විචාර විවරණයේදී" පැවති උදාහරණ වල මද බව හෙවත් විචාරයට අවශ්‍ය සාක්ෂි මද බව, මම එම මගේ "විචාර විවරණය" තුළ ඇතුළත් කළෙමි.

එම විවරණයට අවශ්‍ය මාර්ගය පහත ඇත.

https://bookerreadsdaily.blogspot.com/2017/10/premachandra-magammana-analysis-on-art.html

https://bookerreadsdaily.blogspot.com/2017/10/blog-post.html

එමනිසා මා හට කියන්නට ඇත්තේ මුලිකව, ඕනෑම දෙයක් විචාරයේදී සාක්ෂි සමග විචාරයේ යෙදෙන ලෙසයි.

එම කාර්යභාර්ය ඉතා සාර්ථකව මෙම කුඩා පොතේ ඉෂ්ටකරගැනීමට සමත් වී ඇත.

මෙම කුඩා පොත දේශීය මෙන්ම, විදේශීය සාහිත්‍ය කෘති වල විශාල උදාහරණ ප්‍රමාණයකින් ලියා ඇති පොතකි.

එමෙන්ම ඔහුගේ මෙම කෘති වල උදාහරණ, "සාහිත්‍යමය විචාර  ක්‍රමවේදයකට" අදාල උදාහරණ පැහැදිලි කිරීමට සමත් වී ඇත.

නමුත් මෙහි මා හට ඇති එකම දුර්වලතාවය වන්නේ නුතන කාව්‍ය, මෙම පොතේ 5 වන පරිච්චේදයේදී (වර්තමාන සිංහල කාව්‍ය) දැඩි ලෙස විවේචනය කිරීමයි.

ඔහුට පවත්නා ක්‍රමය පිලිබඳව ඇත්තේ තරමක් කලකිරීමක් හා වේදනාවක් නම් එයට තම දායකත්වය මගින් විසදුමක් කරන ලෙස කීමට, මම කැමැත්තෙමි.








Tuesday, August 7, 2018

නියමුවා - ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පුවත්පත - 2018 අප්‍රේල් : ශ්‍රී ලංකාවේ දේශපාලනික තුන්වෙනි බලවේගය (වර්තමානයේදී එම තත්ත්වයද අවිනිශ්චිතවී ඇත) සහ එම පක්ෂයට නව අවුරුද්දට රටට කියන්න තිබුණු දෑ




පිටු 16ක් පමණ වන මෙම මාසික පුවත් පත රුපියල් 30 කි.

මෙමගින් ශ්‍රී  ලංකාවේ දේශපාලනික තුන්වෙනි බලවේගය (වර්තමානයේදී එම තත්ත්වයද අවිනිශ්චිතවී ඇත.) වන ජනතා විමුක්ති පෙරමුණ (ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක, එක් සමසමාජ හෝ වාමවාදී මතධාරී දේශපාලනික පක්ෂයකි.) තම  පක්ෂ සාමාජිකයන්ට, අනෙකුත් "දේශපාලනික උගතුන්ට" මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවට පැවසීමට ඇති මතවාදය ජනතාකරණයට සමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන පක්ෂ සඳහා මෙවන් ප්‍රතිපත්තිමය හා තම පක්ෂපාති ජන්දදායකයකින් දැනුවත් කරන සාහිත්‍යක් නොමැති බැවින් මෙම පක්ෂයේ මෙම ක්‍රියාකාරිත්වයට මගේ උපහාරය හිමි වේ.

නමුත් පවත්නා දේශපාලන වාතාවරණය තුළ ශ්‍රී ලංකික වාමවදින්ට ජයග්‍රහණයක් ලඟා කරගැනීමට සිදු කිරීමට ඇති කාර්යභාර්ය උඩුගං බලා පිහිනීමක් බඳුය.

නමුත් මෙම නොනවතින උත්සාහයට මාගේ උපහාරය නැවත පුදකරමි.

මෙහිදී කියවන්ලනාට ලක්දිව පවත්නා දේශපාලන වතාවරණය හා ඊට සමගාමී බොහෝ විසදුම් සරළව පහත මාතෘකා යටතේ අධ්‍යනය කල හැක.

(01) ජ.වී.පේ. හා විදායකයට එරෙහි ක්‍රියාමාර්ගය
(02) ජාතිවාදය හා සමාජවාදී විසදුම
(03) නව පනත් වලට එරෙහි ජ.වී.පේ. මතය

මෙම කියවීම තුළ රටකට හොඳ දැක්මක් දැකිය හැක. නමුත් වර්තමාන සාර්ථක ව පවත්නා ධනවාදී ප්‍රතිපත්ති හමුවේ සඵලදායි ක්‍රමවේදයක් හා ස්වාධින දේශපාලනික ක්‍රියාකාරිත්වයකින් වඩාත් හොඳ ප්‍රතිපල වලට යා හැකි බව මගේ මතයයි.

මෙයට හොඳ අධ්‍යනයක් මෙම පහත ලිපියේ ඇත.

http://3mana.com/why-people-do-not-come-to-leftist-politics/ 






Thursday, August 2, 2018

අසිරිමත් මල් පුජාව : මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්ථවිර - බුද්ධ ධර්මය, එහි පිහිටා කටයුතු කිරීම හා මල් පුජාව



පිටු 24ක් පමණ ඉතාම කුඩා කෘතියක් වන මෙය මගින් බුද්ධ ධර්මය හා බුදුන් වන්දනාවේ එන මල් පුජාව පිලිබඳ සරල මෙන්ම ඉතාමත් ඉහළ දැනුමෙන් හා බෞද්ධ සංකල්පීය වශයෙන් පෝෂිත විවරණයක් ලබා දෙයි.

මෙම කුඩා ලේඛණයේදී බුදු සමයේ සිදිවු ප්‍රථම මල් පුජාව ගැනත් ඒ හරහා බුදුන් දේශනා කළ 'දස කුසල්' හා 'දස අකුසල්' පිළිබඳව සරල නිරවචනයක් ලබා දේ.

තවද සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායට අයත්, ධම්මපදය නම් ග්‍රන්ථයේ බාල වග්ගයේ එන 9 වන ගාථාවද විශ්ලේෂණය කර තිබීම අදාළ බුදු සිරිතේ අවස්ථා භාවිතයේ සත්‍යතාව තවත් තහවුරු කරයි.

එහිදී එම 'දස කුසල්' හා 'දස අකුසල්' වල විවරණය, බුදුන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට  සිදු කරන්නේ, තමා (යම් පුද්ගලයෙක්) විසින් සිදු කරන සැම කාර්යයක්ම නිවැරදි දෘෂ්ටිය, චින්තනය තුලින් ක්‍රියාවට නැංවීම හෙවත් එය කිරීම නිසා ඔබට පසුතැවීමට සිදුනොවේද, ඔබ එවැනි ක්‍රියා කිරීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයට ද යහපත් බවයි.

මෙසේ අවසන් වන මෙම කුඩා පොත තුළ කුඩා අඩුවක් දක්නට ලැබේ. 

එනම් ශ්‍රී ලංකාවේ සැම බෞද්ධයකු විසින්ම සිදු කරන මුලික බෞද්ධ වන්දනා වලදී යොදාගන්නා පාලි බසින් සකස් වූ ගාථා දෙකක් මෙහි විවරණයට හෝ විශ්ලේෂණයට කතුවර ස්වාමින් වහන්සේ පොත තුලට නොගෙන ඒමයි.

එමනිසා එම ගාථා දෙක මම මෙම බ්ලොග් පිටුවට සටහන් කිරීමට සිතුවෙමි.

(01) "වණ්ණ ගන්ධ ගුනොපේත0
         එත0 කුසුම සන්තති0
         පුජයාමි මුනින්දස්ස 
         සිරීපාද සරෝරුහෙ"

 වර්ණයෙන් හා සුවදින් යුක්තවූ මේ මල් රාශිය බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද       පද්මයෙහි පුජා කරමි.

(02) "පුජෙමි බුද්ධ0 කුසුමෙනනෙන 
         පුඤ්ඤන මෙතෙන ලභාමි මොක්ඛ0
         පුප්ඵ0 මිලායති යථා ඉධම්මේ 
         කයෝ තථයාති විනසභව0"

මේ කුසුමින් බුදුන් පුදමි. ඒ පිනෙන් නිවන් ලබම්වා. යම්සේ මල් මැලවේද, එසේම මගේ සිරුරද වැනසෙයි.

කියවන්නට මෙහි පවත්නා සත්‍යතාවය තහවුරු කිරීමට, සම්මත අධ්‍යාපනික නිර්දේෂිත "ආශ්‍රිත ග්‍රන්ථ" දක්වන ක්‍රමයෙන් ඉවත්වී මම මෙසේ අදාල පොත ගැන ලියා තැබීමට කැමැත්තෙමි.

ඉහත පාලි ගාථා දෙක මා සොයා ගත්තේ "ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය" විසින් ප්‍රකාශිත "සෙත් පිරිත් සහ වන්දනා ගාථා" කෘතියේනි.

මෙම පොත සම්පාදනය කරන ලද්දේ පණ්ඩිත අත්තුඩාවේ රාහුල ස්ථවිර විසිනි. මෙය මිල අයකිරීමකින් තොරව බෙදා හරින ලද මුද්‍රිත පොතකි. 

අදාල ගාථා දෙක (02) ඇතුලත් වන්නේ පිටු 53 හා 54 තුලයි.

මෙම ඉහත කි ගාථා 02 ක ඕනෑම බුද්ධ ධර්මය ට අනුව ජීවත් වන පුද්ගලයකු බුද්ධ වන්දනාවේදී භාවිතා කිරීම සිදු කරයි.

එමනිසා එම ගාථා මෙම කෘතියට ඇතුලත් කිරීම මගින් මෙම පොතෙහි අගය තවත් ඉහළ දැමීමට හැකියාව තිබුණ ඇතැයි මට පෞද්ගලිකව සිතේ.