Wednesday, August 8, 2018

ගුණදාස අමරසේකර : ජාතිකත්ව සංකථන - සුමුදු චතුරාණි ජයවර්ධන : "Jathikathwaya" has no english word. And it is not "Nationalism". / "ජාතිකත්වය" යනු "ජාතිකානුරාගය" [Nationalism] නොවේ.



According to veteran social analyst and Sinhala literature writer, Dr. Gunadasa Amarasekara, it is written in a discussion with a Sri Lankan young journalist, Sumudu Chathurani Jayawardena in her book "ජාතිකත්ව සංකථන", that nationalism and "Jathikathwaya" [ජාතිකත්වය] are two different concepts.

Therefore there will be a discussion on this matter in a book with 47 pages, but with great value.

It will be written/typed in Sinhala.

But it basically discusses factors of the Sri Lankan psyche based on "Jathikathwaya" [ජාතිකත්වය] and its impact on politics, economics, culture, and literature.

"ගුණදාස අමරසේකර" හා "සුමුදු චතුරාණි ජයවර්ධණ" අතර සිදු වන කෙටි නමුත් ඉතාමත් වැදගත් මෙම කතිකාව මගින් ජාතිකත්වය යන සංකල්පය කතා කරයි.

"සුමුදු චතුරාණි ජයවර්ධණ" විසින් රචිත මෙම පිටු 47 ක ලේඛණය රුපියල් 100 කට ඕනෙම ලංකිකයකු හට මිලදී ගෙන කියවිය හැකිය. මෙය කියවිය යුතුය.

"සුමුදු චතුරාණි ජයවර්ධණ" මෙනවිය 'සිළුමිණ' කර්තෘ කෙනෙකු ලෙස සේවය කළාය. එම අවදියේදී ඇය 2007 වසරේදී "පුන්කළස" ලෙස ශාස්ත්‍රීය අතිරේකයක් සංස්කරණය කළේය. එහි දක්නට ලැබුණු ලිපි පෙළක් තවත් විවරනාත්මකව මෙහි දක්වා ඇත.

ගුණදාස අමරසේකර මහතා කෙරෙහි මෙහිදී විශේෂී හැඳින්වීමක් අවශ්‍ය නොවේ.

ඔහු ලක්දිව උපන් ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවකු මෙන්ම සමාජ විචාරකයෙකි.

මෙම සංකථනය කෙටි වුවද ඉතාම හරබර වියමනකි.

මම මෙහි බොහෝ හොඳ දේ දුටුවද එමගින් සිදුවන තරමක් සංකල්පීය දුර්වලතා දක්නට ලැබේ.

ඒවා මෙලෙස ලියා දැක්වීමට කැමැත්තෙමි.

(01) මෙම ලේඛනයේ පිටු 28-29 වලදී, "ජාතිකත්වය හා ආර්ථිකය" යන 3 වන පරිච්චේදයේදී GNP හෙවත් (Gross National Production) [දළ ජාතික නිෂ්පාදනයආර්ථික මිනුම් දර්ශකය පිලිබඳ පවත්නා දුර්වලතා පිළිබඳව කථා කරයි.

තවද එමගින් රටක සමස්ථ දියුණුව නිරුපණය නොවන බව මෙමගින් පෙන්වයි.

එනම් බහුතරය දුක්පත් ව සිට කුඩා ජන කොටසක් ආර්ථිකයේ දියුණුව අතිරික්තයක් ලෙස භුක්ති විඳින බව මෙමගින් නිරුපිතයි.

නමුත් මෙම තත්ත්වය සැම විටම නිවැරදි නොවන බව නුතන ධනවාදී ආර්ථික විද්‍යාඥයන් විසින් නව ආර්ථික මිනුම් දර්ශක මගින් පෙන්වා ඇත.

උදාහරනයක් ලෙස The Human Development Index (HDI) / මානව සංවර්ධන දර්ශකය, ආර්ථික මිනුම් දර්ශකය ගත හැක. මේ පිළිබඳව වැඩි විස්තර පහත වෙබ් අඩවිය හරහා සොයා ගත හැක.

http://hdr.undp.org/en/content/human-development-index-hdi

නමුත් ශ්‍රී ලංකාව යනු තුන්වන ලෝකයේ, සංවර්ධනය වෙමින් පවතින රටකි. එමනිසා මෙම ආර්ථික මිනුම් දර්ශක ගණනය ප්‍රයෝගිකව කල හැකිද යන්න ප්‍රශ්නයකි.

(02) මෙහි පිටු 38-40 වලදී 4 වෙනි පරිච්චේදය හරහා "ජාතිකත්වය හා සංස්කෘතිය" යන උප කොටසේදී අවසාන ප්‍රශ්ණ 2 දී සඳහන් වන්නේ සංස්කෘතියේ අංග වන භාෂාව, සාහිත්‍ය හා  කලා ශිල්ප මගින් රටක සමාජයට හා ආර්ථිකයට සිදු වන බලපෑම පිලිබඳව කතා කරයි.

එහිදී පවත්නා ජාතික අධ්‍යාපනයේ දුර්වලතා මෙන්ම සමස්ථ ආර්ථික හා සමාජ පද්ධතියේ ආචාර ධර්ම වල ශීඝ්‍ර සෝදාපාළුව ගැන තවත් විවරණය කරයි.

එම වාක්‍ය මෙලෙස දැක්විය හැක.

"අපේ භාෂාව අද සංකර සිංගිරිසි භාෂාවක් වෙලා."

"ප්‍රධාන සාහිත්‍යාංගය වන නවකතාව අද පොත් වෙළන්දන් ගේ වෙළඳ භාණ්ඩයක් වෙලා. වාණිජ රැල්ලටයි, කාම රැල්ලටයි නවකතාව බිලි වෙලා."

"අප සින්දුවෙනුයි, පන්දුවෙනුයි නැළවෙන ජාතියක් වෙලා."

"අද මේ රටේ ජාතික අධ්‍යාපනයක් තිබෙනවද? අන්තර්ජාතික අධ්‍යාපනයක් නම් තියෙනවා. විශ්ව විද්‍යාල වල තත්ත්වය කුමක්ද? රටට අවශ්‍ය වෛද්‍ය විද්‍යාල හදල මේ විශ්ව විද්‍යාල ඔක්කොම වහල දැම්මට කිසිම පාඩුවක් නොවේ."

(01) මෙහි "පන්දුවෙනුයි නැළවෙන ජාතියක් වෙලා." යන සාධකය අනුමත කල නොහැක.

ශ්‍රී ලංකාව ක්‍රිකට් හරහා විශාල ජයග්‍රහණ "අන්තර්ජාතික" වශයෙන් ලබාගෙන ඇත.

එමනිසා මෙය හිස් වචන පෙළකි. එහෙනම් ලෝකයේ බොහෝ "සංවර්ධිත" හා "සංවර්ධනය වෙමින්" පවතින රටවල් පන්දුවෙන් නැළවෙන රටවල් වේ.

ක්‍රීඩාව කරපින්නා නොගෙන එමගින් විනෝදයත්, ව්‍යායාමත් ලැබීම රටක ජනතාවට කායිකව මෙන්ම මානසිකව හොඳය.

(02) "අද මේ රටේ ජාතික අධ්‍යාපනයක් තිබෙනවද? අන්තර්ජාතික අධ්‍යාපනයක් නම් තියෙනවා. විශ්ව විද්‍යාල වල තත්ත්වය කුමක්ද? රටට අවශ්‍ය වෛද්‍ය විද්‍යාල හදල මේ විශ්ව විද්‍යාල ඔක්කොම වහල දැම්මට කිසිම පාඩුවක් නොවේ."

 මෙම වෙබ් අඩවියට අනුව ඔහු පුහුණු ධන්ත වෛද්‍යවරයෙකි.එහනම් ඔහුට කිසි විටක වෛද්‍ය විද්‍යාලයන් විවේචනය කිරීමට අයිතිවාසිකමක් නොමැත. http://www.loc.gov/acq/ovop/delhi/salrp/gunadaasaamarasekara.html )

මෙහිදී ගුණදාස අමරසේකරට අවශ්‍ය වන්නේ සමාජ විද්‍යාව, සංගීතය, භාෂාව, ඉතිහාසය, සාහිත්‍යය හා මාධ්‍යය පමණක්ද ? මෙය ගටලුකරියි.

කෙසේ හෝ වේවා මෙම ලේඛණය ශ්‍රී ලංකික මිනිසුන්ට, සිංහලයන්ට ඉතාමත් වැදගත් ලේඛනයකි.

එමනිසා රුපියල් 100ක් වියදම් කර මෙය කියවන ලෙස රටට ආදරේ මිනිසකු ලෙස ඉල්ලා සිටිමි.





























No comments:

Post a Comment