Saturday, August 11, 2018

දහම් කළාප අංක 12 : මනෝ පුබ්බං ගමා ධම්මා - පෞද්ගලික පිරිසකට මුද්‍රණය කරපු පොතක්, ශ්‍රී ලංකාවේ නුතන සමාජයේ බෞද්ධ වෛඥානික භාවිතයේ` විමර්ශනයක්



මෙම පිටු 15ක් පමණ වූ පොත මුද්‍රණය කර ඇත්තේ 2009 වසරේ මැයි 30 වෙනිදාය. ඒ දෙහිවල විසු සුජාතා නෙත්තානන්ද මැතිණිය ට පිං පිණිසය. 

මෙම පොත ලබා දී ඇත්තේ`මිල අය කිරීමකින් තොරවය.

මෙවැනි පොත් කිහිපයක් මම 2016 දී කොළොඹ නැවතී සිටින විට කියෙව්වෙමි.

ඒවා පහත වෙබ් පිටුවෙන් ඔබට බලා ගත හැක.

https://bookerreadsdaily.blogspot.com/2017/01/0-2016.html

මෙවැනි මිල අය නොකර බෙදාහරින පොත් වලින් සිදු වන්නේ ධර්ම දානයකි.

බුදුන් වදාල හා දේශිත ධර්මයට අනුව උතුම්ම දානය, ධර්මය අනෙකුට ලබා දී එමගින් ඔහුව අදුරෙන් එලියට ගැනීමයි.

එමනිසා මෙවැනි පොත් විශාල ප්‍රමාණයක් මෙලස මුද්‍රණය කර ජනතාකරණය, වර්තමාන ශ්‍රී ලංකාවේ නුතන සමාජ ක්‍රමය තුල බෞද්ධ වෛඥානික භාවිතයේ` විමර්ශනයක් ලෙස දැකිය හැක.

මන්දයත් මෙය සිද්දවන්නේ අවබෝධයක් ඇතිවය.

මෙය ඉතාම හොඳ කාර්ය භාරයකි.

නමුත් මෙය කරපින්නා නොගෙන, අසරණ දුප්පත් / දුකට පත් අප වැනි අනෙකුත් මිනිසුන්ට හා සතුන්ට අභය දානය හෝ වෙනත් ආධාරයක් ලබා දීම මගින් ධර්ම දානයේ සැබෑ ප්‍රායෝගික මෙන්ම ආදර්ශවත් නිරුපනයක් හා මානුෂිය අත්දැකීමක්ද  එම පුද්ගලයාට ලබා ගත හැකි බව මගේ අහිංසක හැගීමයි.

එවිට එම පොත් මුද්‍රණය කරමින් වැය කරන එම සම්පත් නාස්ති නොවේ.

එමනිසා තම සම්පත් උපරීම ඵලදායිතාවයෙන් යොදා ගත යුතුයි.

මෙම ලේඛනය තුල ධජග්ග සුත්‍ර විවරණයක්, බුද්ධ මන්තරයක් හා "සිත ද ? හදවත ද ?" ලෙස මනසේ ක්‍රියාකාරිත්වය පිලිබඳ බෞද්ධ ධර්මය හරහා කරණ දෘෂ්ටිකෝණයක් දක්නට ලැබේ.









No comments:

Post a Comment