Monday, August 27, 2018

අපේ දානය - ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පුජ්‍යපාද කොටනෙළුවේ පුඤඤානන්ද ස්වාමින් වහන්සේ : සඟ සසුනට දෙන දානයට, නුතන සමාජයට ගැලපෙන අයුරින් කරන විවරණාත්මක ප්‍රවේශයක්



කුඩා ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කොට දෙන ලෙස කතුවර හිමිනම (ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පුජ්‍යපාද කොටනෙළුවේ පුඤඤානන්ද ස්වාමින් වහන්සේ) ගෙන් ඉල්ලා සිටින ලද්දේ රත්මලානේ කඳවල පාරේ අංක 23 නිවසේ පදිංචි එන්. එස්. අබේගුණවර්ධන මහත්මිය සහ දූ දරුවන් විසිනි.

එසේ මුද්‍රණය කළ මෙම කුඩා පොත බොහෝ දෙනෙකු ගේ ඉල්ලීම ඇති නිසා දෙවැනි මුද්‍රණයක් ලෙස රත්මලානේ තුසිත පොත්හලේ අධිපතිතුමා විසින් පොත් තුන් දහසකට (3000) වැඩි සංඛ්‍යාවක් මුද්‍රණය කරණ ලදී.

මෙම පොතට වඩ වඩාත් ඉල්ලීම් එන නිසා මෙහි තුන්වන මුද්‍රණය මහරගම රුවන් පහරුවේ අධිපතිතුමා වන ඩබ්ලිව්. ඒ. විජේබණ්ඩාර මහතා විසින් මුද්‍රණයට එකඟ විය.

මෙම කුඩා පොත මගින් කතුවර හිමිනම බලාපොරොත්තු වී ඇත්තේ දානය පිලිබඳ හෝ එහි ආනිසංස පිලිබඳ විස්තරයක් කිරීමට නොව දානයක් නිවැරදිව පුජාකරන ආකාරය කියා දීමටයි. 

මෙම පොත මගින් පිරිකර පුජාවේදී තම දානය දුන් පන්සලට හා එහි වැඩසිටින සඟ සසුනට පිරිකර පුජා කර යුතු ආකාරය පිළිබඳව විවරණය කිරීම ඉතාම වැදගත් විවරණයකි.







No comments:

Post a Comment