Tuesday, August 7, 2018

නියමුවා - ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පුවත්පත - 2018 අප්‍රේල් : ශ්‍රී ලංකාවේ දේශපාලනික තුන්වෙනි බලවේගය (වර්තමානයේදී එම තත්ත්වයද අවිනිශ්චිතවී ඇත) සහ එම පක්ෂයට නව අවුරුද්දට රටට කියන්න තිබුණු දෑ




පිටු 16ක් පමණ වන මෙම මාසික පුවත් පත රුපියල් 30 කි.

මෙමගින් ශ්‍රී  ලංකාවේ දේශපාලනික තුන්වෙනි බලවේගය (වර්තමානයේදී එම තත්ත්වයද අවිනිශ්චිතවී ඇත.) වන ජනතා විමුක්ති පෙරමුණ (ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක, එක් සමසමාජ හෝ වාමවාදී මතධාරී දේශපාලනික පක්ෂයකි.) තම  පක්ෂ සාමාජිකයන්ට, අනෙකුත් "දේශපාලනික උගතුන්ට" මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවට පැවසීමට ඇති මතවාදය ජනතාකරණයට සමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන පක්ෂ සඳහා මෙවන් ප්‍රතිපත්තිමය හා තම පක්ෂපාති ජන්දදායකයකින් දැනුවත් කරන සාහිත්‍යක් නොමැති බැවින් මෙම පක්ෂයේ මෙම ක්‍රියාකාරිත්වයට මගේ උපහාරය හිමි වේ.

නමුත් පවත්නා දේශපාලන වාතාවරණය තුළ ශ්‍රී ලංකික වාමවදින්ට ජයග්‍රහණයක් ලඟා කරගැනීමට සිදු කිරීමට ඇති කාර්යභාර්ය උඩුගං බලා පිහිනීමක් බඳුය.

නමුත් මෙම නොනවතින උත්සාහයට මාගේ උපහාරය නැවත පුදකරමි.

මෙහිදී කියවන්ලනාට ලක්දිව පවත්නා දේශපාලන වතාවරණය හා ඊට සමගාමී බොහෝ විසදුම් සරළව පහත මාතෘකා යටතේ අධ්‍යනය කල හැක.

(01) ජ.වී.පේ. හා විදායකයට එරෙහි ක්‍රියාමාර්ගය
(02) ජාතිවාදය හා සමාජවාදී විසදුම
(03) නව පනත් වලට එරෙහි ජ.වී.පේ. මතය

මෙම කියවීම තුළ රටකට හොඳ දැක්මක් දැකිය හැක. නමුත් වර්තමාන සාර්ථක ව පවත්නා ධනවාදී ප්‍රතිපත්ති හමුවේ සඵලදායි ක්‍රමවේදයක් හා ස්වාධින දේශපාලනික ක්‍රියාකාරිත්වයකින් වඩාත් හොඳ ප්‍රතිපල වලට යා හැකි බව මගේ මතයයි.

මෙයට හොඳ අධ්‍යනයක් මෙම පහත ලිපියේ ඇත.

http://3mana.com/why-people-do-not-come-to-leftist-politics/ 






No comments:

Post a Comment