Wednesday, August 8, 2018

විනෝදය හා විචාරය : ආධුනිකයාට අත්පොතක් - ගුණදාස අමරසේකර : වෙනස



මෙම කෘතිය බිහි වන්නේ 1955 දී ගුණදාස අමරසේකර මහතා සාහිත්‍ය අරභයා ගුවන් විදුලියේ සිදුකරන ලද කථා පෙළකිනි.

මෙය පිටු 95 කි.

මම පෙරද සාහිත්‍ය විචාර පොතක් පිළිබඳ "විවරණයක්" සිදු කලෙමි.

එම කෘතිය වන්නේ "කලාව හා රසවින්දනය : ප්‍රේමචන්ද්‍ර මාගම්මන".

එහිදී එම කෘතිය තුළ සාහිත්‍ය "විචාර විවරණයේදී" පැවති උදාහරණ වල මද බව හෙවත් විචාරයට අවශ්‍ය සාක්ෂි මද බව, මම එම මගේ "විචාර විවරණය" තුළ ඇතුළත් කළෙමි.

එම විවරණයට අවශ්‍ය මාර්ගය පහත ඇත.

https://bookerreadsdaily.blogspot.com/2017/10/premachandra-magammana-analysis-on-art.html

https://bookerreadsdaily.blogspot.com/2017/10/blog-post.html

එමනිසා මා හට කියන්නට ඇත්තේ මුලිකව, ඕනෑම දෙයක් විචාරයේදී සාක්ෂි සමග විචාරයේ යෙදෙන ලෙසයි.

එම කාර්යභාර්ය ඉතා සාර්ථකව මෙම කුඩා පොතේ ඉෂ්ටකරගැනීමට සමත් වී ඇත.

මෙම කුඩා පොත දේශීය මෙන්ම, විදේශීය සාහිත්‍ය කෘති වල විශාල උදාහරණ ප්‍රමාණයකින් ලියා ඇති පොතකි.

එමෙන්ම ඔහුගේ මෙම කෘති වල උදාහරණ, "සාහිත්‍යමය විචාර  ක්‍රමවේදයකට" අදාල උදාහරණ පැහැදිලි කිරීමට සමත් වී ඇත.

නමුත් මෙහි මා හට ඇති එකම දුර්වලතාවය වන්නේ නුතන කාව්‍ය, මෙම පොතේ 5 වන පරිච්චේදයේදී (වර්තමාන සිංහල කාව්‍ය) දැඩි ලෙස විවේචනය කිරීමයි.

ඔහුට පවත්නා ක්‍රමය පිලිබඳව ඇත්තේ තරමක් කලකිරීමක් හා වේදනාවක් නම් එයට තම දායකත්වය මගින් විසදුමක් කරන ලෙස කීමට, මම කැමැත්තෙමි.








No comments:

Post a Comment