Sunday, October 29, 2017

කලාව හා රසවින්දනය : ප්‍රේමචන්ද්‍ර මාගම්මන - සාහිත්‍ය පිලිබදව විමසුමක්, සිංහල සාහිත්‍යයේ එතරම් ප්‍රකට නොවන රචකයෙක් ගෙන්



මෙය ඉතාම සරල ලෙස සිංහල හා ජගත් සාහිත්‍ය, සිනමාව, නාට්‍ය කලාව , රංගන කලාව , නැටුම් කලාව හා සංගීතය යන බොහෝ ක්ෂේත්‍ර දෙස විමසුමක් හා විචාරයක් කරන කෘතියකි.

කතෘගේ  සරල මතවාදය වන්නේ ඕනෙම කලා නිර්මාණයක මුඛ්‍ය අර්ථය රස වින්දනය විය බවත්, එය අනෙකුත් අරමුණු හා පරමාර්ථ  සදහා යොමු වුවහොත් එහි ගුණාත්මක හා කලාත්මක බවින්  අඩුවන බවත්ය.

මෙහිදී කතුවරයා ලබාදෙන බොහෝ පෙතිකඩයන් ඉතාම සංකීර්ණ සාහිත්‍ය සංකල්ප භාවිතා කරමින් මෙන්ම සරල බස් වහරක් රචනයට යොදා ගනිමින් විවරණය කිරීම වැදගත් වේ.

නමුත් එහි පවත්නා සරල පැහැදිලි කිරීම් හා විටෙක පෙන්වන රෞද්‍ර භාෂා භාවිතය හා විවේචන සහුර්ධ කියවන්නකුට අනුමත කල නොහැක.

එනම් කතුවරයාගේ සමහර විවේචනයන් පදනම් විරහිත බවක් පෙනේ. තවත් පැහැදිලි කලොත්  කිසිදු සාක්ෂියකින් හෝ සංකල්පමය විශ්ලේෂණයකින් තොරව කතුවරයා බොහෝ නිර්මාණ හා සාහිත්‍යමය භාවිතයන් විවේචනය කරයි.

නමුත් සාහිත්‍ය හා අනෙකුත් කලා කෘතීන් ගැන සරල රසවින්දනයක් ලැබීමට අවශ්‍ය මුලික පසුබිමක් කතුවරයා පොත හරහා ගෙනහෙර පායි.

No comments:

Post a Comment