Tuesday, December 4, 2018

"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - පුරාණ සිංහලේ : භාරත යක්ෂ ඉතිහාසය හෙළි කරන ලංකා පුවත



"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව තුළ දැනුමේ 'සම්භවය' සංකීර්ණ කාර්යභාර්යක් මිනිසාගේ ජීවන ඇමතුම් පැවතුම් වලට බලපායි යන පදනම මත පිහිටා ක්‍රියාත්මක වන බව ඔවුන් දෙදෙනාගේ පර්යේෂණ කියවන විට මට හැඟුණි.

එනම් ඔබ දේශීයත්වය හා දැනුමේ සත්‍යතාවය හා එම දැනුමේ නිවැරදි බව යන සාධක කෙරෙහි වැඩි බර තැබීමක් සිදු කරයි නම් ඔබ "කොලට්" හා "නාරද" ගේ මග යන බව පෙනේ.

"නාරද" හා "කොලට්" ට අනුව දැනුම ක්‍රියාත්මක වන්නේ දේශීයත්වය මතය.

එනම් සෑම දේශීය සමාජයේ ආකෘතිමය හා අභ්‍යන්තර ආයතනික ගැටළුද (අභ්‍යන්තර පරිසරය), සමස්ත සමාජීය හා දේශපාලනික පරිසරයේ ගැටළුද (දේශීය බාහිර පරිසරය) හා ගෝලීය පරිසරයේ ගැටළුද (විදේශීය බාහිර පරිසරය) යන සාධක හට ගන්නේ බටහිරකරණය හෙවත් දෘෂ්ටිවාදයේ වෙනස් වීම් නිසයි.

 "නාරද" හා "කොලට්" මෙම දැනුම පිළබඳ අරෝවට එරෙහිව විසදුම් ඔවුන් දෙදෙනාගේ නව කෘතියෙන්ද පිටු 60ක් පුරා, රු. 150.00/= කට තම හැකි අයුරින් පර්යේෂණාත්මක මගක් ගෙන විසදුම් ලබා දීමට තැත් කරයි.

නමුත් එහි ගැටළු නැත්තේම නොවේ.

(01) 'ඉතිහාසය' හා 'සමාජයීය' දේශීය දැනුම, වර්තමාන දේශීය ඛණ්ඩනය වූ ශ්‍රී ලාංකීය සමාජය තුළ තවමත් ක්‍රියාත්මක කළ හැකිද? [ජනගත කළ හැකිද?]

(02)  අතීත කාමයෙන් පලක් තිබේද?

නමුත් පොත් 22ක් පුරා 'ඉතිහාසය' හා 'බුදු දහම' ආරක්ෂා කිරීම "නාරද" හා "කොලට්" සඳහා වැදගත් සාධක වී ඇත.

තවද බොහෝ 'වර්තමානයේ' හා 'අතීතයේ' උගතුන්ගේ තීරණ වලට පහර දෙමින් ලියවෙන මෙම කෘතිය 'යක්දෙස්සාව' නම් ග්‍රාමයේ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසය පාඨකයා ඉදිරියේ අභිමානවත්ව තැබීමට ඔවුන් සමත් වී ඇත.

'පුස්කොළ පොත්' භාවිතය, ජන ව්‍යවහාර හා බොහෝ ග්‍රාමීය මුලාශ්‍ර වලට කිඳා බසිමින් පෙර මෙන් විප්ලවවාදී ස්වභාවයක් ගන්නා "නාරද" හා "කොලට්" තම ක්ෂේත්‍රයේ හිටපු හා සිටින දැවන්තයින්ට නොබියව පහර දෙයි.

'ලංකා පුවත' බිහිවන්නේ නාට්‍යයක් ඇසුරෙනි.

'මුතුගල විහාරයේ කරදන් උන්වහන්සේගේ පුස්කොළ පොත' ඇසුරෙන් බිහිවන මෙම කෘතිය රසවත් ඓතිහසික තොරතුරු ඇතුළත් පොතකි.

No comments:

Post a Comment