Monday, September 17, 2018

නුතන ශ්‍රී ලංකාවේ පුනරුදය (2015 - 2020) - විකිණීම, බිලිදීම සහ එට්කා [ජනතා විමුක්ති පෙරමුණ]




ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජවාදී මතධාරී පක්ෂයකි.

එහි ප්‍රතිපත්ති ප්‍රකාශන 'නියමුවා ප්‍රකාශන' ලෙස මුද්‍රණය කර ජනතාකරණය කරයි.

මෙම පිටු 44ක ලේඛණය රු. 50 කි.

මෙහිදී පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයා විසින් 2016 සැප්තැම්බර් 20 වැනි දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වූ දේශණය නිරුපණය වේ.

එම දේශණය 'විකිනීම, බිලිදීම සහ එට්කා[ETCA]' නම් වේ.

එට්කා[ETCA] යනු 'Economic and Technological Cooperation Agreement' වේ.

මෙම ගිවිසුම සිංහල බසින් 'ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම' ලෙස හැඳින්විය හැක.

මෙම දේශනයේදී කථිකයා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ආර්ථිකයේ බිඳ වැටීම හා එහි අනාගත අවිනිශ්චිතතාවය, පැවති දේශපාලන ප්‍රතිපත්තිමය බෙලහීනතාවය නිසා සිදු වූ බව පවසයි.

කතිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රී.ල.නි.ප.) හා එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) යන දෙපාර්ශවයේම අධික අන්තගාමිවූ දේශපාලනික ප්‍රතිපත්තිමය පිළිවෙත් විවරණය කරන අතරතුර මෙම පොත හරහා තරමක් දුරට අනවශ්‍ය 'මඩ' ගැසීම් වලට යොමුවේ.

නමුත් පවත්නා ආර්ථික ක්‍රමවේදය තුළ 'විකිණීම' හෙවත් ශ්‍රී ලංකාවට අයිති දේශීය සම්පත්, විදේශීය ගෝලීය බලවතුන්ට විකිණීම නම් බියකරු ආර්ථික ප්‍රතිපත්තිය තරමක් දුරට සංකීර්ණ විශ්ලේෂණයට ලක් කිරීම සැලකිය යුතුයි.  

දෙමළ ඩයස්පෝරාව යනු හිස් පඹයකු බව 7 වැනි පිටුවේදී කියයි. එය තරමක් පදනම් විරහිත බවක් පෙනේ. පවත්නා ශ්‍රී ලාංකීය සමාජ හා වෘත්තීය වෙළඳපොල ආකෘතියට බොහෝ ප්‍රශ්ණ මෙම ක්‍රියාකරිත්වය තුළින් ඇති විය. 

එමනිසා එය කතිකයා පවසන පරිදි මෙය බැහැර නොකළ යුතු සාධකයකි.

තවද 10 වෙනි පිටුවේදී ගෝලීය බලවතුන් නිසා ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය බිඳ වැටීමට එරෙහිව හඬ නැගු එකම පක්ෂය ඔවුන් (ජ.වී.පෙ) බව කතිකයා පවසයි. 

නමුත් මගේ අවුරුදු 27 ක ජීවිතයේදී නම් ශ්‍රී ලංකාවේ තිස් වසරක සිවිල්, යුද්ධය අවසන් කිරීම හා බොහෝ විදේශීය සෘණාත්මක බලපෑම් වලට එරෙහිව හඬ නැගුවේ මගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයයි. (ශ්‍රී.ල.නි.ප)

එනමුදු සමස්ථ පිටු 44 තුළ ශ්‍රී ලංකාවේ තුන්වෙනි ලෝකයේ රටක් ලෙස ගෝලීය බලවත් රාජ්‍යයන් හා අන්තර්ජාතික මුල්‍යය ආයතන ඉදිරියේ තම දේශීය සම්පත් ආරක්ෂා කිරීම සහ ආයෝජන සඳහා ලබාගත් ණය පියවීමට දැරීමට සිදුවන දැවැන්ත වෙහෙස පහත ලෙස සාරාංශ කරගත හැක.

මෙම සාරාංශය ජ.වී.පෙ. නායකතුමා ETCA කෙරෙහි දැක්වූ මතය මත වැඩිබර තැබීමක් ලෙස හැඳින්විය හැක.

  • මෙම දේශණයට අනුව එට්කා (ETCA) ගිවිසුමට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ඇතුළත් නොකර ඉන්දියාවට එට්කා (ETCA) වැඩක් නැහැ ලෙස කතිකයා පවසයි.
  • මෙම දේෂණයට අනුව එට්කා (ETCA) මගින් දේශීය තොරතුරු තාක්ෂණික ආයතන වලට තම වෙළදපොල මෙන්ම ශ්‍රම වෙළඳපොල ද අහිමි විය හැක. කතිකයා MIT හා WSO2 වැනි ලංකාවේ ඇති විශාල තොරතුරු තාක්ෂණික ආයතන වල පැවැත්ම මගින් දේශීය ක්ෂේත්‍රයේ පවත්නා සරුසාර බව තවතවත් විවරණය කරයි.
  • එහිදී ඔහු දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ හැකියාව පිළිබඳව විවරණය කරයි.
එහිදී ඔහු දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ හැකියාව පිළිබඳව ගැඹුරින් විවරණය කරයි.

මෙම ලේඛණය තුළ ඇතුළත් දේශණය තුළ ඇති මුලික හරය දේශීය සම්පත් වල අයිතිය දේශීය මිනිසුන්ට හා රජයට බවයි.

එමගින් තිරසාර සංවර්ධනයක් රටට ලඟා කර ගත හැකි බව පක්ෂ නායකතුමා ගේ අදහස වේ.





No comments:

Post a Comment