Friday, April 24, 2020

Gamayi Wanarodayi : Premachandra Magammana - Village, jungle and children



Premachandra Magammana is not a famous personality in Sinhalese literature.

Though that is the case he has published several books to enrich Sinhala literature.


I have reviewed one of his 'literary criticism' books in 2017. The link is shared below.




It is evident that this book is inspired by Martin Wickramasinghe's famous novel Madol Doova (1947). But not having a linear storyline is a weakness of this novel by the author.

Though it doesn't take readers to new dimensions of a new experience it is a very enjoyable read.

  


ගමයි වනරොදයි : ප්‍රේමචන්ද්‍ර මාගම්මන - ගම, වනය සහ ළමයි



ප්‍රේමචන්ද්‍ර මාගම්මන යනු සිංහල සාහිත්‍යයේ ප්‍රකට චරිතයක් නොවේ. 

එනමුදු ඔහු විවිධ සාහිත්‍යය කෘති පළකරමින් තම හැකි පමණින් සිංහල සාහිත්‍යයයේ ක්ෂේත්‍රයට සක්‍රිය දායකත්වයක් ලබාදීමට උත්සහ කර ඇත.

ඔහු විසින් පලකල "කලාව සහ රසවින්දනය" යන විචාර කෘතිය පිලිබඳ විමසුමක් මම මෙලෙස 2017 වර්ශයේදී මෙම බ්ලොග් පිටුවේ බෙදගත්තෙමි. එයට අදාළ ඇමුණුම් පහත දැක්වේ.



මාර්ටින් වික්‍රමසිංහගේ සුප්‍රකට ළමා කෙටි නවකතාවක් වන "මඩොල් දුව" (1947) හි නිරූපිත ළමා දඟකාර බව සහ මානව නිදහස උත්කර්ශයට නංවන නවකතාවක් වන මෙම කෘතිය ගම, වනය හා ළමයින් අතර ඇති සබැඳියාව නිරුපණය කරයි. 

නමුත් තරමක් දුරට කතාවේ ආකෘතියේ සහ අන්තර්ගතය තුළ ඒකීය කථා තේමාවක් නොමැති වීම මෙම කතාවේ දුර්වලතාවකි.

දුලබ කියවීමක් වන මෙම ග්‍රන්ථය සාහිත්‍යමය වශයෙන් නව මානයකට පාඨකයා  යොමු නොකලත් විනෝදයෙන් කියවිය හැකි කෘතියකි.





"Achchige Kolama" and "Achchige Kolama 2" : Sahan Kaseera Wickramasinghe - Before 2015



This collection of columns which was shared in the writer's Facebook account before 2015 is a sarcastic reflection of the previous Sri Lankan government's decision making.

These 52 articles are like a political cartoon and is a new dimension to the readers.


"ආච්චිගේ කොලම" සහ "ආච්චිගේ කොලම 2" : සහන් කසීර වික්‍රමසිංහ - 2015 ට පෙර



08 නොවැම්බර් 2012 සිට 29 දෙසැම්බර් 2013 දක්වාත් 06 ඔක්තෝබර් 2013 සිට 30 මාර්තු 2015 දක්වා තම ෆේස්බූක් සමාජ මාධ්‍ය ජාල ගිණුම හරහා ආච්චිගේ කොලම ලෙස සමාජය සමඟ බෙදාගත් හාස්‍යජනක ලේඛණ 52ක් මෙම ග්‍රන්ථ දෙකට ඇතුළත් වේ.

2015 ට පෙර පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික පරිසරය දෙස හාස්‍යජනක ලෙස විශ්ලේෂණය කරන මෙම ලේඛණ එකතුව පාඨකයාට නව මානයක් විවර කර දෙයි.

සෑම විටම සත්‍යය මෙන්ම නිවැරදි දෘෂ්ටියක් නිරුපණය නොවුවත් දේශපාලනික කටුන යක ස්වරුපයක් ගන්නා මෙම ලේඛණය රසවත් කියවීම් අත්දැකීමකි.




Wasanthaya Enawa Saththayi : Upul Shantha Sannasgala - A reflection of every Sri Lankans Love fantasy


Upul Shantha Sannasgala's "Wasanthaya Enawa Saththayi" is a love story that reflects the collective Sri Lankan fantasy.

With an independent and free writing style, this book reminds of the love story films of the 1970s and 1980s.

A childish love story with undertones of anti-art novelization tactics (Surrealism) is an okay book to any reader to enjoy and have a nostalgic time thinking of old Sri Lankan love films.


වසන්තය එනවා සත්තයි : උපුල් ශාන්ත සන්නස්ගල - ශ්‍රී ලාංකිකයාගේ ෆැන්ටසියේ (අරුමැසියේ) පිළිබිඹුවක්



"The First Teacher" (1962) සිංහලට පරිවර්තනය වන්නේ "පළමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය" (1966) ලෙසයි. මෙය චින්ගීස් අයිතමතව්ගේ රුසියන් කෙටි නවකතාවක් වන අතර සිංහලට පරිවර්තනය කරනු ලබන්නේ ප්‍රකට පරිවර්තක දැදිගම වී. රුද්‍රිගෝ අතිනි.

මෙම ලේඛණයේ ඉතාමත් ප්‍රකට වාක්‍යය කණ්ඩයක් ඇත. එය මෙලෙස උපුටා දක්වමි.

     " ඔව් ශීත කාලය පැමිණේවි.....තද සීත කුණාටු හමාවී.....හිම කැට සහිත                  මහා නපුරු සුළි සුළං හමාවී......එහෙත් වසන්තය එනවා සත්තමයි."

මෙම වාක්‍යය කාණ්ඩය අවසානයේන් තම නවකතාවට අවශ්‍යය නාමය සොයාගන්නා උපුල් ශාන්ත සන්නස්ගල 2004 වර්ෂයේදී තම ප්‍රථම මුද්‍රණයෙන් ද හා 2018 දී තෙවැනි මුද්‍රණයෙන් ද ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික මිනිසාගේ බොලඳ ෆැන්ටසියක (අරුමසියක) පිළිබිඹුවක් නිරුපණයට යම්තාක් දුරකට සමත් වී ඇති බවට පැවසිය හැක.

"පළමුවන ගුරුවරයා හෙවත් ගුරුගීතය" (1966) සිංහල පරිවර්තනය රුසියාවේ පැවති සමාජවාදී යතාර්ථවාදයේ (Socialist realism) පිළිබිඹුවක් වන්නේ යම් සේ ද, උපුල් ශාන්ත සන්නස්ගලගේ "වසන්තය එනවා සත්තයි" (2004) ශ්‍රී ලාංකිකයාගේ බොලඳ ෆැන්ටසිය (අරුමසිය) තරමක් දුරට නව නිදහස් භාෂා ශෛලියකින් හා ආදරය පිරවූ සිහිනමය ආකෘතියකින් පෙන්වා දීමට සමත් වන්නේය.

මෙය විටෙක ප්‍රති කලාත්මක (Anti Art) සාහිත්‍යමය ප්‍රහාරයක්ද යැයි සිතෙන්නේ පහත අභව්‍ය හා විහිලු කාරී කියවීම කරන විටය.

       " ඔව්. රෑ වෙයි. ඊට පස්සේ එකිනෙක තරු පායයි. දැනටමත් බ්‍රහස්පති                        තාරකාව පායලා ඇති. අපරාදේ අපිට බලන්නයි තිබුනේ. ඒ ලඟම හඳ                      ඇති. හඳ ළඟ ඉන්න තාරකාව හඳ ලඟින් ඇත් වෙන්නේ නෑ. හඳට දුක                      හිතෙයි කියලා. ඊට පස්සේ-ඔන්න ඉතිං ඊට පස්සේ තව තරු පයයි.                          හොඳටම පරක්කු වුනත් - කවදාවත් ඉර පායන්නේ නැති වුනත් මං ඔයා                ළඟ ඉන්නවා. සත්තකයි අංජනා. වසන්තය එනවා සත්තයි."

         පිටු 90 - 91

"ජනක සහ මංජු" (1978) වැනි සිංහල සිනමා කෘතියක වැනි ආදර කතාවක් ඇතුළත් වන මෙම සාහිත්‍යය කෘතිය ශ්‍රී ලාංකිකයාගේ සිහින ෆැන්ටසියේ (අරුමැසියේ) සරල හා බොලඳ පිළිබිඹුවක් ලෙස හැඳින්විය හැක.

  


Monday, April 13, 2020

Beera Suwandathi Haadu [බීර සුවඳැති හාදු ( Beer Scented Kisses )] : Dilshi Thathsarani Abeyraja - Freedom of love and it's resistance to life



Beera Suwandathi Haadu [බීර සුවඳැති හාදු ( Beer Scented Kisses )] novel have 224 pages and costs around Rs. 750.

This novel is most suitable for adults.

The story of the novel revolves around "Alisha's love life", a girl who is living in a fictionalized mountain valley in Sri Lanka. The novel is far ahead in terms of cultural values and touches deep concepts like freedom of love and it's resistance to life. The novel contains undertones of the concept of time and minimalism of life as well.

The passages filled with the elaboration of the beauty of the fictional valley is very commendable.

The writer used her Facebook page "Dilshi Thathsarani Musings" as a marketing tool of the novel with uploaded videos containing readings of paragraphs from the novel which is an innovative marketing strategy to her daring, countercultural and controversial novel.

Though the writer attempts to avoid the childlike nature of the romance in the book the main weakness also is its story becoming childish as a plot.

But by creating a mythical valley of love and interesting characters, Beera Suwandathi Haadu [බීර සුවඳැති හාදු ( Beer Scented Kisses )] can be considered as a modern and a daring novel reflecting countercultural themes.






බීර සුවඳැති හාදු ( Beer Scented Kisses ) - දිල්ෂි තත්සරණි අබේරාජ : ආදරයේ නිදහස සහ එහි ප්‍රතිරෝදය



බීර සුවඳැති හාදු නවකතාව පිටු 224 ක් පුරා ඇදී යන මිල රු. 750 ක් වන පොතකි.

මෙම නවකථාව වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි.

ශ්‍රී ලංකාවේ මනඃකල්පිත කඳුකර නිම්නයක "ඇලිෂා" නම් යුවතියගේ ආදර ජීවිතය වටා ගොඩනැගෙන මෙම නවකතාව සංස්කෘතික පරිසරය අතින් ඉතාමත් ඉදිරිගාමී ස්වභාවයක් ගන්නා අතර ආදරයේ නිදහස හා එහි ප්‍රතිරෝදය වැනි ගැඹුරු සංකල්ප ස්පර්ශ කරන අතර යටිපෙලින් කාලය හා ජීවිතයේ ශුන්‍යතාවාදී ස්වභාවයද ඉස්මතු කරන සුන්දර පරිසර වර්ණනයන්ගෙන් පිරි ඇති නවකතාවක් ලෙස හැඳින්විය හැක.

Dilshi Thathsarani Musings නම් මෙම පොතේ ලේඛිකාවගේ සමාජ මාධ්‍ය වෙබ් පිටුව හරහා මෙම ප්‍රතිසංස්කෘතික නවකථාවට අලෙවිකරණය උදෙසා නිර්මාණාත්මකව සිදුකෙරෙන ලද වීඩියෝ දක්නට ලැබීම සාහිත්‍යමය වශයෙන් නව්‍යතවයකි.

බොළඳ ආදරය අබිභවා යමින් ප්‍රතිසංස්කෘතික ජීවිතයක නිදහස හා එහි ප්‍රතිරෝදය මතුකරන මෙම නවකතාවේ දුර්වලතාවය වන්නේ ද නවකතාව මගහැරීමට දැරූ බොළඳ බව ඉස්මතු වීමයි.

එනමුදු ආදරය පිලිබඳ මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කරන "බීර සුවඳැති හාදු" නව්‍ය ශ්‍රී ලංකාවේ නවකතා කලාව තුළ ප්‍රතිසංස්කෘතික සාහිත්‍යයේ පිළිබිඹුවක් ලෙස දැකිය හැක.



Lilac - Yesha Fernando: An example of a new approach in literature......





Yesha Fernando's 'Lilac' costs Rs. 400, and have 96 pages is an innovative approach to literature.

This book contains free-verse poetry and prose.

Syringa vulgaris (lilac or common lilac) is a species of flowering plant in the olive family Oleaceae, native to the Balkan Peninsula, where it grows on rocky hills.

Mo. La. Senavirathne (මො.ල. සෙනවිරත්න) in his preface to this literary work emphasizes the value of this book as follows,

"Lilac invites us into a romantic atmosphere or space.
 Life expects an enjoyment of experiences.
 Therefore it is vital to share your feelings, not through pressure but a positive spark of emotions   through aesthetics."

In the prose passages of this book many deep and complex human situations are depicted in a beautiful manner.

The freedom of love and humanity is felt throughout this book.

Poetry is filled with creativity and humor.

I gladly invite literature lovers to read lilac because of its simplicity and humanity.




ලිලැක් - යේෂා ෆර්නැන්ඩු : සාහිත්‍යමය නව්‍යතාවයට උදාහරණයක්........



යේෂා ෆර්නැන්ඩු ගේ ලිලැක් යනු රු. 400 කට මිල කර ඇති පිටු 96ක් පුරා දිව යන සාහිත්‍යමය නව්‍යතාවයකට උදාහරණයකි.

මෙම කෘතිය තුළ ගද්‍යය මෙන්ම පද්‍යය ද ඇතුළත් වේ.

ලිලැක් යනු දම් පැහැති මල් වර්ගයකි.

මෙම කෘතියට මො.ල. සෙනවිරත්න ලියන පෙරවදනේදී මෙම ග්‍රන්ථයේ ඇති වැදගත්කම පහත ලෙස උපුටා දැක්විය හැක.

"ඉතිහාස කතන්දර දිගේ, කලබල සිහින මැද්දේ තමන්ගේ රිද්මයට ගලන්න පුළුවන් ජීවිතයක් කියන්නේම අපුරු සිත්තමක්.

අත්දැකීම්, මේ මොහොතේ අත් විඳින දේ සහ අනාගත සිහින ගැන කියන්න හැමෝටම උවමනාවක් තියෙන්න පුළුවන්.

ලිලැක් අපව කැඳවන්නේ ප්‍රේමනීය අවකාශයකටයි. එහි ඇති වැදගත්ම දේ මිනිස් හුස්ම-ජීවය ඒ තුළ තිබිමයි. ප්‍රානවාසි මිනිසුන් අතර සැරිසරන විට මිනිස් සබඳතා ඉරි ගසා වෙන් කළ නොහැක්කක්. 

ඒ බැව් වටහා ගන්නා අසමත් වීමෙන් අපි කරන්නේ විඳවීමක්. ජීවිතය ඉල්ලා සිටින්නේ විඳීමක්. 

කලා-සංස්කෘතික වැඩබිම ගොඩනැගෙන්නේ මෙතනදියි. තමන්ව රිලැක්ස් කරගන්න අනෙකා මත පීඩනය පටවනවා වෙනුවට අනෙකාවද ස්පාර්ක් කරමින් සංස්කෘතික මිනිසෙක් බිහිවෙන්නේ එතනින්."

මෙහි එන ගද්‍යය තුළ මනුෂ්‍ය ජීවිතයේ සියුම් හා සංකීර්ණ අවස්ථා ගැඹුරු ලෙස විවරණය කර ඇත.

ආදරයේ නිදහස හා මනුෂ්‍යත්වය මෙම ලේඛනයේ සෑම වචනයක් පුරාම දිව යයි.

පද්‍යයන් තුළ ඇති හාස්‍යය සහ නිර්මානත්මකභාවය ඉතාම ඉහළයි.

මෙම සරල කුඩා කවි සහ සටහන් එකතුව නුතන සාහිත්‍යය රසිකයන්ට සතුටින් පරිශීලනය කරන ලෙස යෝජනා කරමි.





Sunday, April 12, 2020

An aesthetic revelation to life....... - Dawasak daa Handawaka / දවසක් දා හැන්දෑවක (Reflections at Dusk) : Rasika Jayakody




This collection of newspaper columns that span throughout for 120 pages is priced at 450 Sri Lanka rupees.

Though Rasika Jayakody is a political analyst his knowledge in art and aesthetics is reflected in this book in a great manner.

Through a free and an independent writing style, the writer has managed to give valuable life lessons and also to give an aesthetic revelation to life.

If a reader seeks to find the role of aesthetics in life their book is compulsory to be added to your bookshelf.

දවසක් දා හැන්දෑවක (Reflections at Dusk) - රසික ජයකොඩි : ජීවිතයට සෞන්ධර්යාත්මක විවරණයක්.......



පිටු 120ක් පුරා දිව යන තීරු ලිපි සංග්‍රහයක් වන මෙම ග්‍රන්ථයෙහි මිල රු. 450 කි.

රසික ජයකොඩි දේශපාලන විශ්ලේෂකයකු වුවද ඔහුගේ සෞන්ධර්ය හා කලාව යන ක්ෂේත්‍රයන් පිළිබඳව පවතින දැනුම ඉතාම හොඳින් නිරුපණය වන අවස්ථාවක් ලෙස මෙම ලේඛණය හැඳින්විය හැක.

නිදහස් භාෂා ශෛලියකින් ලියා ඇති මෙම තීරු ලිපි හරහා ජීවිතයට ඉතාම හරයාත්මක මෙන්ම සෞන්ධර්යත්මක විවරණයක් ලබාදීමට සමත් වී ඇත.

ජීවිතයට සෞන්ධර්යයයේ ඇති කාර්යභාර්ය කුමක්ද යන්න වටහා ගන්න අවශ්‍යනම් කියවිය යුතු අනිවාර්ය කෘතියකි.

Meditative thoughts of a spiritual guru - Meditation of love - OSHO - Translated to sinhala by Mr. Mahesh Pathirathna and Bhagavan Sri Rajineesh - OSHO [ Society and Media ] Translated by Mr. K. K. Saman Kumara : Beautiful words and reality






Osho is a very talented speaker with beautiful words.

But that doesn't make the readers or listeners of his observations to blindly follow him.

OSHO has valuable observations about society.

He has analyzed the violence in society, complex problems with simple solutions and many other social issues that can be answered by his simple lifestyle and meditation.

The book "Meditation of love" is personal but his observations in "Media and society" attempts to analyze complex social and political factors.







මුනිවරයකුගේ භාවනා සිතුවිලි - ආදරයේ භාවනාව : ඕෂෝ : පරිවර්තනය : මහේෂ් පතිරත්න හා භගවාන් ශ්‍රී රාජිනිෂ් : ඕෂෝ [OSHO] (සමාජය සහ මාධ්‍යය) පරිවර්තනය : කේ. කේ. සමන් කුමාර - ලස්සන වචන සහ යතාර්ථය




ඕෂෝ දක්ෂ කථිකයෙකි.

නමුත් එය අන්ධ විශ්වාසයකට බහලාගෙන අනුගමනය නොකළ යුතුයි.

ඕෂෝ සමාජය දකින ආකාරය වැදගත්.

ඔහු විසින් සමාජයේ පවත්නා ප්‍රචණ්ඩත්වය, සංකීර්ණ කරගත් සරළ ප්‍රශ්ණ හා අනෙකුත් සමාජීය ගැටළු වලට විසදුම් තම සරල භාවනා ක්‍රම හා ජීවන ක්‍රමය තුළින් ලඟා කරගැනීමට හැකි ආකාරය අපට පෙන්වා දී ඇත, ඔහුගේ මේ කෘති දෙකෙන්.

'ආදරයේ භාවනාව' කෘතිය තරමක් පෞද්ගලික ස්වභාවයක් ගත්තද 'සමාජය සහ මාධ්‍යය' කෘතිය තරමක් සංකීර්ණ සමාජයීය හා දේශපාලනික සාධක කිහිපයක් තම විෂය පථයට ග්‍රහණය කරගැනීමට උත්සහ දරයි.



Two (02) Buddhist sermons. Five (05) Buddhism books. A summary of Buddhist books read in 2018.


On 2018 August 03rd there was a Buddhist sermon preached by Ven. Kukulpane Sudassi Thero at Nittambuwa which I participated in.




During the sermon, all the participants were provided with two Buddhism books free of charge to reading.

(01) Offering life (අභය දානය)


In this book, the monk who wrote this book has explained the real value of saving the life of another.

What is emphasized in the book is the approaches to saving the life of another living being. Saving lives of cattle or cows (since it has drastically increased in Sri Lanka) is highly emphasized in the book. The write depicts that saving nature and the environment is also a method of offering life.

(02) Reality of worshipping buddha (බුද්ධ පුජාවේ යථාර්තය)



The book, in summary, have emphasized on how to actually conduct the worshipping of the buddha.

It mainly tries to reflect on attempting to blend with nature and the environment and accordingly find inner peace.

The author of these two books is Ven. Kukulpane Sudassi Thero.

In 2018 September 09th at Ananda Mawatha, Gampaha venerable Ududumbara Kashyapa thero preached a Buddhist sermon that I was able to listen to.

During the event, all the participants were provided three (03) books.

(01) Giving up (Ath harima / අත් හැරීම) - Ven. Kukulpane Sudassi Thero



The concept of giving up worldly pleasures that are discussed in Buddhism is analyzed in this book.

(02) Worshipping of knowledge (Buddhi wandana / බුද්ධි වන්දනා) - No author.



This book have many errors with reference to Buddhism and knowledge.

(03) (i) Heart of Buddhism is meditation. / බුදු දහමේ හදවත භාවනාවයි.
        (ii) Journey / ගමන

        Mr. Senaka De Silva



The book is a new perception of Buddhism in a summary.

These five books have managed to analyze and explain Buddhism to the readers in a summarised manner.















ධර්ම දේශනාවන් දෙකක් (02). බෞද්ධ පොත් පහක් (05). 2018 වර්ෂයේදී කියවපු බෞද්ධ පොත් කිහිපයකට [පහකට (05)] සාරාංශයක්.


2018 අගෝස්තු 03 වෙනිදා නිට්ටඹුවේදී පුජ්‍ය කුකුල්පනේ සුදස්සී තෙරණුවන් විසින් බණක් දේශණා කරන ලදී.


එදින නොමිලයේ පැමිණි සියළු දෙනාට බෞද්ධ පොත් පත් දෙකක් (02) කියවීමට ලබා දෙන ලදී.

(01) අභය දානය 


මෙම කෘතිය තුළ අභය දානයෙහි සැබෑ අරුත හා භාවිතය පැහැදිලි කරදී ඇත.

මෙහිදී අභය දානය ලෙස බොහෝ විට විශ්ලේෂණයට ලක්වන්නේ තවත් ජීවත් වන සත්වයකු ආරක්ෂා කිරීමට යොදාගන්නා පිළිවෙත්ය. ගව ඝාතනයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මෙහිදී ගැඹුරින් විවරණය වේ.

තවද පරිසරය රැකීමත් අභය දානයක් බව මෙහිදී කියවේ.

(02) බුද්ධ පුජාවේ යථාර්තය 




මෙම කෘතිය තුළ බුද්ධ පුජාවක් නිවැරදි අයුරින් සිදුකළ යුතු ආකාරයක් දැක්වේ. මෙම පොතේ සාරාංශයක් වන්නේ නිවැරදි බුද්ධ පුජාව, සොබා දහම තුළින් අධ්‍යාත්මයට පිවිසෙන්නට මග පාදයි.

මෙම කෘති දෙක ග්‍රන්ථකරණය කරන ලද්දේ එනම් කතෘ වුයේ කුකුල්පනේ සුදස්සී හිමි අතිනි.

2018 සැප්තැම්බර් 09 වෙනිදා ගම්පහ ආනන්ද මාවතේදී පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් බණක් දේශණා කරන ලදී.

එදින නොමිලයේ පැමිනි සියළු දෙනාට බෞද්ධ පොත් පත් තුනක් (03) කියවීමට ලබා දෙන ලදී.

(01) අත් හැරීම - පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ 



මේ තුළ තණ්හාවට ප්‍රති විරුද්ධ ව බුද්ධ ධර්මය තුළ දක්නට ලැබෙන සාධක කතා බහට ලක් කරයි.

(02) බුද්ධි වන්දනා - කතෘ අඥාතයි.



මේ පොතෙහි ධර්ම කරුණු පිලිබඳ බොහෝ වැරදි ඇත.

(03) (03.01) බුදු දහමේ හදවත භාවනාවයි .
        (03.02) ගමන 

         නීතිඥ සේනක ද සිල්වා 



මෙම පොත පහ (05) සරළ බස් වහරකින් බුද්ධ ධර්මය පැහැදිලි ලෙස පාඨකයාට ගෙන ඒමට සමත් වී ඇත.



Wednesday, April 8, 2020

Another perspective of the modern Sri Lankan politics and Society...... : අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක් (One Hundred Misplaced Letters) Ayithikarayo Baaranogath Liyum Seeyak By Milinda Rajapaksha



Milinda Rajapaksha is a politician representing Sri Lanka People's Front, and a high-profile, award-winning and experienced youth leader, public servant, leadership trainer, creative strategist and international youth rights advocate with over a decade of grassroots experience.

This is Milinda Rajapaksha's first book which is a collection of letters he has written to newspapers, magazines, and Facebook.

This collection of creative essays is controversial due to its content being very straightforwardly biased to the writer's political ideology. And the writer criticizes his opposite ideology very harshly throughout this book.

The book has a simple and very free writing style and also a different perspective of society and politics of Sri Lanka. This collection of essays can be depicted as a very micro-level and macro-level observation of Sri Lankan society and politics after 2015.

This is a must-read book for all the people who seek an accurate political ideology and the role of humans in the society of Sri Lanka.


නව ආකෘතියක දේශපාලන / සමාජ විශ්ලේෂණයක්......... : අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක් - මිලින්ද රාජපක්ෂ



මිලින්ද රාජපක්ෂ ගේ ප්‍රථම කෘතිය වන්නේ මෙයයි.

මෙම කෘතියට ඇතුළත් වන්නේ ඔහු විසින් පුවත්පත්, සඟරා සහ ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍යය ජාලයට ලියු ලිපි පෙලක්ය.

මෙම කෘතියේ ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණහි දේශපාලණය කරන සම්මානලාභී තරුණ සමාජ ක්‍රියාකාරිකයකුගේ ලිවීමකි.

මෙම කෘතිය මතභේදාත්මක වන්නේ එහි අන්තර්ගතය ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදයට පක්ෂපාති වීමත් ඔහු එකඟ නොවන දේශපාලන දෘෂ්ටිවාදයට දැඩිලෙස ප්‍රහාර එල්ලකිරීමත් නිසාය.

නිදහස් භාෂා ශෛලියක් මෙන්ම හාස්‍යය රසයෙන් අනුනව ලියා ඇති මෙම නව ආකෘතියක "දේශපාලන හා සමාජ විශ්ලේෂණය" හරහා 2015 න් පසු ශ්‍රී ලංකාවේ සමාජීය හා දේශපාලනික කරුණු රාශියක එකතුවක් ලෙස දැකිය හැක.

වර්තමාන සමාජයේ ශ්‍රී ලාංකීය මිනිසාගේ කාර්යභාර්ය හා දේශපාලනික දෘෂ්ටිවාදය විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව උනන්දු පුද්ගලයින් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු පොතකි.