Monday, April 13, 2020

ලිලැක් - යේෂා ෆර්නැන්ඩු : සාහිත්‍යමය නව්‍යතාවයට උදාහරණයක්........



යේෂා ෆර්නැන්ඩු ගේ ලිලැක් යනු රු. 400 කට මිල කර ඇති පිටු 96ක් පුරා දිව යන සාහිත්‍යමය නව්‍යතාවයකට උදාහරණයකි.

මෙම කෘතිය තුළ ගද්‍යය මෙන්ම පද්‍යය ද ඇතුළත් වේ.

ලිලැක් යනු දම් පැහැති මල් වර්ගයකි.

මෙම කෘතියට මො.ල. සෙනවිරත්න ලියන පෙරවදනේදී මෙම ග්‍රන්ථයේ ඇති වැදගත්කම පහත ලෙස උපුටා දැක්විය හැක.

"ඉතිහාස කතන්දර දිගේ, කලබල සිහින මැද්දේ තමන්ගේ රිද්මයට ගලන්න පුළුවන් ජීවිතයක් කියන්නේම අපුරු සිත්තමක්.

අත්දැකීම්, මේ මොහොතේ අත් විඳින දේ සහ අනාගත සිහින ගැන කියන්න හැමෝටම උවමනාවක් තියෙන්න පුළුවන්.

ලිලැක් අපව කැඳවන්නේ ප්‍රේමනීය අවකාශයකටයි. එහි ඇති වැදගත්ම දේ මිනිස් හුස්ම-ජීවය ඒ තුළ තිබිමයි. ප්‍රානවාසි මිනිසුන් අතර සැරිසරන විට මිනිස් සබඳතා ඉරි ගසා වෙන් කළ නොහැක්කක්. 

ඒ බැව් වටහා ගන්නා අසමත් වීමෙන් අපි කරන්නේ විඳවීමක්. ජීවිතය ඉල්ලා සිටින්නේ විඳීමක්. 

කලා-සංස්කෘතික වැඩබිම ගොඩනැගෙන්නේ මෙතනදියි. තමන්ව රිලැක්ස් කරගන්න අනෙකා මත පීඩනය පටවනවා වෙනුවට අනෙකාවද ස්පාර්ක් කරමින් සංස්කෘතික මිනිසෙක් බිහිවෙන්නේ එතනින්."

මෙහි එන ගද්‍යය තුළ මනුෂ්‍ය ජීවිතයේ සියුම් හා සංකීර්ණ අවස්ථා ගැඹුරු ලෙස විවරණය කර ඇත.

ආදරයේ නිදහස හා මනුෂ්‍යත්වය මෙම ලේඛනයේ සෑම වචනයක් පුරාම දිව යයි.

පද්‍යයන් තුළ ඇති හාස්‍යය සහ නිර්මානත්මකභාවය ඉතාම ඉහළයි.

මෙම සරල කුඩා කවි සහ සටහන් එකතුව නුතන සාහිත්‍යය රසිකයන්ට සතුටින් පරිශීලනය කරන ලෙස යෝජනා කරමි.





No comments:

Post a Comment