Sunday, April 12, 2020
ධර්ම දේශනාවන් දෙකක් (02). බෞද්ධ පොත් පහක් (05). 2018 වර්ෂයේදී කියවපු බෞද්ධ පොත් කිහිපයකට [පහකට (05)] සාරාංශයක්.
2018 අගෝස්තු 03 වෙනිදා නිට්ටඹුවේදී පුජ්‍ය කුකුල්පනේ සුදස්සී තෙරණුවන් විසින් බණක් දේශණා කරන ලදී.
එදින නොමිලයේ පැමිණි සියළු දෙනාට බෞද්ධ පොත් පත් දෙකක් (02) කියවීමට ලබා දෙන ලදී.
(01) අභය දානය
මෙම කෘතිය තුළ අභය දානයෙහි සැබෑ අරුත හා භාවිතය පැහැදිලි කරදී ඇත.
මෙහිදී අභය දානය ලෙස බොහෝ විට විශ්ලේෂණයට ලක්වන්නේ තවත් ජීවත් වන සත්වයකු ආරක්ෂා කිරීමට යොදාගන්නා පිළිවෙත්ය. ගව ඝාතනයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මෙහිදී ගැඹුරින් විවරණය වේ.
තවද පරිසරය රැකීමත් අභය දානයක් බව මෙහිදී කියවේ.
(02) බුද්ධ පුජාවේ යථාර්තය
මෙම කෘතිය තුළ බුද්ධ පුජාවක් නිවැරදි අයුරින් සිදුකළ යුතු ආකාරයක් දැක්වේ. මෙම පොතේ සාරාංශයක් වන්නේ නිවැරදි බුද්ධ පුජාව, සොබා දහම තුළින් අධ්‍යාත්මයට පිවිසෙන්නට මග පාදයි.
මෙම කෘති දෙක ග්රන්ථකරණය කරන ලද්දේ එනම් කතෘ වුයේ කුකුල්පනේ සුදස්සී හිමි අතිනි.
2018 සැප්තැම්බර් 09 වෙනිදා ගම්පහ ආනන්ද මාවතේදී පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් බණක් දේශණා කරන ලදී.
එදින නොමිලයේ පැමිනි සියළු දෙනාට බෞද්ධ පොත් පත් තුනක් (03) කියවීමට ලබා දෙන ලදී.
(01) අත් හැරීම - පුජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ
මේ තුළ තණ්හාවට ප්‍රති විරුද්ධ ව බුද්ධ ධර්මය තුළ දක්නට ලැබෙන සාධක කතා බහට ලක් කරයි.
(02) බුද්ධි වන්දනා - කතෘ අඥාතයි.
මේ පොතෙහි ධර්ම කරුණු පිලිබඳ බොහෝ වැරදි ඇත.
(03) (03.01) බුදු දහමේ හදවත භාවනාවයි .
(03.02) ගමන
නීතිඥ සේනක ද සිල්වා
මෙම පොත පහ (05) සරළ බස් වහරකින් බුද්ධ ධර්මය පැහැදිලි ලෙස පාඨකයාට ගෙන ඒමට සමත් වී ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment