Wednesday, April 8, 2020

නව ආකෘතියක දේශපාලන / සමාජ විශ්ලේෂණයක්......... : අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක් - මිලින්ද රාජපක්ෂ



මිලින්ද රාජපක්ෂ ගේ ප්‍රථම කෘතිය වන්නේ මෙයයි.

මෙම කෘතියට ඇතුළත් වන්නේ ඔහු විසින් පුවත්පත්, සඟරා සහ ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍යය ජාලයට ලියු ලිපි පෙලක්ය.

මෙම කෘතියේ ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණහි දේශපාලණය කරන සම්මානලාභී තරුණ සමාජ ක්‍රියාකාරිකයකුගේ ලිවීමකි.

මෙම කෘතිය මතභේදාත්මක වන්නේ එහි අන්තර්ගතය ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදයට පක්ෂපාති වීමත් ඔහු එකඟ නොවන දේශපාලන දෘෂ්ටිවාදයට දැඩිලෙස ප්‍රහාර එල්ලකිරීමත් නිසාය.

නිදහස් භාෂා ශෛලියක් මෙන්ම හාස්‍යය රසයෙන් අනුනව ලියා ඇති මෙම නව ආකෘතියක "දේශපාලන හා සමාජ විශ්ලේෂණය" හරහා 2015 න් පසු ශ්‍රී ලංකාවේ සමාජීය හා දේශපාලනික කරුණු රාශියක එකතුවක් ලෙස දැකිය හැක.

වර්තමාන සමාජයේ ශ්‍රී ලාංකීය මිනිසාගේ කාර්යභාර්ය හා දේශපාලනික දෘෂ්ටිවාදය විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව උනන්දු පුද්ගලයින් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු පොතකි.




No comments:

Post a Comment