Monday, April 13, 2020

බීර සුවඳැති හාදු ( Beer Scented Kisses ) - දිල්ෂි තත්සරණි අබේරාජ : ආදරයේ නිදහස සහ එහි ප්‍රතිරෝදය



බීර සුවඳැති හාදු නවකතාව පිටු 224 ක් පුරා ඇදී යන මිල රු. 750 ක් වන පොතකි.

මෙම නවකථාව වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි.

ශ්‍රී ලංකාවේ මනඃකල්පිත කඳුකර නිම්නයක "ඇලිෂා" නම් යුවතියගේ ආදර ජීවිතය වටා ගොඩනැගෙන මෙම නවකතාව සංස්කෘතික පරිසරය අතින් ඉතාමත් ඉදිරිගාමී ස්වභාවයක් ගන්නා අතර ආදරයේ නිදහස හා එහි ප්‍රතිරෝදය වැනි ගැඹුරු සංකල්ප ස්පර්ශ කරන අතර යටිපෙලින් කාලය හා ජීවිතයේ ශුන්‍යතාවාදී ස්වභාවයද ඉස්මතු කරන සුන්දර පරිසර වර්ණනයන්ගෙන් පිරි ඇති නවකතාවක් ලෙස හැඳින්විය හැක.

Dilshi Thathsarani Musings නම් මෙම පොතේ ලේඛිකාවගේ සමාජ මාධ්‍ය වෙබ් පිටුව හරහා මෙම ප්‍රතිසංස්කෘතික නවකථාවට අලෙවිකරණය උදෙසා නිර්මාණාත්මකව සිදුකෙරෙන ලද වීඩියෝ දක්නට ලැබීම සාහිත්‍යමය වශයෙන් නව්‍යතවයකි.

බොළඳ ආදරය අබිභවා යමින් ප්‍රතිසංස්කෘතික ජීවිතයක නිදහස හා එහි ප්‍රතිරෝදය මතුකරන මෙම නවකතාවේ දුර්වලතාවය වන්නේ ද නවකතාව මගහැරීමට දැරූ බොළඳ බව ඉස්මතු වීමයි.

එනමුදු ආදරය පිලිබඳ මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කරන "බීර සුවඳැති හාදු" නව්‍ය ශ්‍රී ලංකාවේ නවකතා කලාව තුළ ප්‍රතිසංස්කෘතික සාහිත්‍යයේ පිළිබිඹුවක් ලෙස දැකිය හැක.



No comments:

Post a Comment