Wednesday, July 11, 2018

ලින්කන් සහ ලෙනින් අතර වෙනස කුමක්ද ? : ව්‍යාපාරික නවකයන්ට බුද්ධිමය ආහාරයක් - ලෙනින් අමරවික්‍රම : ශ්‍රී ලාංකිකයන්ට නව දැක්මක්




පිටු 32 ක් වූ මෙම කුඩා ලේඛණය මගින් පෙරවදනේ සිටම කියවන්නාට පවසන්නේ මෙම කෘතිය නිදහස් දැනුමෙහි ප්‍රතිඵලයක් බවත්, මෙය හුදු ධනවාදය හා සමාජවාදය සමාන ලෙස සලකා කරන විශ්ලේෂණයක් නොවන බවත්ය.

එම නිසා මෙම ලේඛණය විවෘත මනසකින් කියවීමට හුරුවිය යුතුවේ.

මෙමගින් පෙරවදනේදී කතුවරයා පවසන්නේ පුර්ණ තරගකාරී වෙළදපොළ ක්‍රමයකදී සමාජ වාදයේ අවශ්‍යතාවය නැතිවී යන බවත්, එමගින් ශ්‍රම හෝ ප්‍රාග්ධන සුරාකෑම් නැතිවී යන බවත්ය.

එම නිසා කතුවරයා විසින් තොරතුරු සන්නිවේදනයේ තිබිය යුතු කාර්යභාරය ද පැහැදිලි කරයි. එනම් දැනුම නිසි අයුරින් ලොව පුරා ගමන් කල යුතු බවත්, එම දැනුම නිසි අයුරින් ප්‍රතිපත්ති ලෙස නොනැවතී ඉදිරියට ගමන් කල යුතු බවත් කතුවරයා පවසයි.

එමනිසා ඔහු කියන්නේ වාමවාදීන්ට තම ක්‍රියාකාරිත්වයේ අර්ථය තව දුරටත් විවෘත මනසකින් බලන ලෙසයි.

එනම් රටකට කිසිදු වාමවාදී දේශපාලනික වෙනසක් අවශ්‍ය නොවේනම්, එය තුල එල්බ සිටීම බොරු වැඩක් බවයි.

එමනිසා මෙම ලේඛක ලෙනින් අමරවික්‍රම ගේ මත වාදයෙහි යම් සත්‍ය තාවයක් තිබේ.

නමුත් ඔහුගේ බොහෝ මත වාද පවතින්නේ අතිතයේය. එනම් මාර්ටින් වික්‍රමසිංහ යුගයේ පැවති ස්වයංපෝෂි අර්ථක්‍රමයකට ශ්‍රී ලංකාවට නැවත යා නොහැක.

ආර්ථික විද්‍යානුකුලව බැලු කල ශ්‍රී ලංකාව 21 වන සියවස වන විට නව ලිබරල් ආර්ථික ක්‍රම වලට යටත් වී හමාරය. එමනිසා කෙතරම් කයිවාරු ගැසුවද මහා පරිමනුකල ඵල උපයන නිෂ්පාදකයා ලෝකය සහ තම ස්වයං ආර්ථිකයද ජයගෙන අවසන්ය.

එමනිසා ව්ලඩමීර් ලෙනින් පවසන ආකාරයට දේශප්‍රේමී චින්තනයකින් තම රට දේ සඳහා මුල් තැන දී තම රටෙහි ශ්‍රමය හා නිෂ්පාදන රැක ගැනීමට කතුවරයා මෙන්ම ශ්‍රි ලාංකිකයා යොමු විය යුතුයි.

ගෝලීය බලවතුන්ගේ ඉතිහාසයේ 20 වෙනි සියවසේ නායකයින් අමතක කර නුතන ගෝලීයකරණය හා දේශපාලන මර උගුල් වලින් පැනගැනීමට ශ්‍රී ලංකික ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන්ද දැනුවත් කල යුතුයි.

ආනයන නොව අපනයන හා දේශීය අලෙවිකරන ක්‍රම වේද, භාණ්ඩ හා සේවා සඳහා යොමු විය යුතුය.

එමනිසා මෙම ලේඛණය තුල හොඳ මෙන්ම නරකද, දෝලනය වේ.

එබැවින් ශ්‍රී ලාංකිකයන්ට නව දැක්මක් මෙමගින් ලබා දේ.






No comments:

Post a Comment