Monday, July 2, 2018

දේශපාලන අලෙවිකරණය හා එහි මුලික සංකල්ප - ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න : හොඳ පොතක් හා නරක පොතක් අතර දෝලනය වන ලේඛනයක්



මෙම පිටු 40ක් වූ කෙටි නමුත් පිළිගත හැකි අයුරින් තොරතුරු ඇතුලත්ව ලියා ඇති මෙම කෘතිය තුළ සාරාංශ කරන ලද ශ්‍රී ලංකාවේ දේශපාලණ අලෙවිකරණ භාවිතයේ ඉතිහාසයක් මෙන්ම කාලීන විශ්ලේෂණයක් ඇතුලත් වේ.

මෙම ලේඛකයා තුල අධ්‍යාපනික මෙන්ම, වෘත්තිමය වශයෙන්ද ගැඹුරු අත්දැකීම් වලින් පරිපූර්ණ බවක් ඇති නිසා එහි අන්තර්ගතය හා එහි භාවිතයේ ප්‍රයෝගිකත්වය පිලිබඳ සැකයක් හෝ කුකුසක් කියවන්නාට ඇති නොවේ.

තවද කතුවරයාගේ සාරාංශයක් ලෙස ලියා තිබුනද  පොත ඉතාමත් දක්‍ෂ ලෙස වෘත්තිමය භාෂා භාවිතයක් යොදා ගනිමින් කරන ලද ලිවීමක් නිසා මෙය තුල පර්යේෂණාත්මක වටිනාකමක් ද ඇත.

මන්දයත් එය තුල කිසිදු පක්ෂපාතිත්වයක් හෝ මා දන්නා තරමට ව්‍යාජ තොරතුරු ඇතුලත් නොවීමයි.

දේශපාලන අලෙවිකරණයේ මුලික P - 8 කි.

එම P - 8 සහ ව්‍යාපාර වල ඇතුලත් P - 4 සහ P - 7 හි වෙනස දැක්වීම මගින් මෙම කෘතිය ප්‍රයෝගික භාවිතයේදී පහසු වේ.

ඉතාමත් වටිනා වගු හා විශ්ලේෂන ද මෙහි ඇතුලත්ය.

මා දකින මෙම ලේඛනයේ එකම අඩුව වන්නේ, මෙම පොත ඉතාමත් අඩු මිලකට මෙම තොරතුරු ලබා දීමට හැකියාව පවතින විට එසේ නොකිරීමයි.

වර්තමාන ශ්‍රී ලංකික සැම ඡන්දදායකයකුම කියවිය යුතු පොතකි.






No comments:

Post a Comment