Monday, July 2, 2018

"නයි නටවන්නා" සහ "අහංකාරය" - සෝමා ජයකොඩි : මානුෂීය වුත්, රමණිය වුත් ළමා කතා පොත් දෙකක්




සෝමා ජයකොඩි යනු නුතන ශ්‍රී ලාංකීය සිංහල සාහිත්‍යයේ ප්‍රමාණවත් දායකත්වයක් දැක්වූ ලේකිඛාවකි.

ඇගේ ප්‍රකට නවකතා ලෙස "මදාරා" සහ "රන්ගිර" හැඳින්විය හැක.

ඩෙන්සිල් කොබ්බෑකඩුව චරිතාපදානයත්, සාර්ථක ගුවන් විදුලි නාට්‍ය ගණනාවක් ඇය විසින් නිම කර ඇත.

මෙම කෘති වලින් ඇයගේ මෙන්ම, තම කතා වල සිටින චරිත වලද ඇති ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව ඉතාමත් සුමට හා පැහැදිලි ලෙස පාඨකයාට කියවා වටහා ගත හැකි අයුරින් ලිවිම මගින් ඇය ඇගේ අරමුණු ඉෂ්ට කරගෙන ඇත.

"නයි නටවන්නා" තුළ සද්ධර්මාලංකාරයේ කතා මෙන්ම "අහංකාරය" තුළ ධම්ම පදය, ධම්ම පදට්ඨ කතා හා ධම්ම පද වර්ණනාව වැනි කෘති වල තොරතුරු ඇතුලත් වේ.

"නයි නටවන්නා" හි ඇතුලත් කතා වන්නේ,

(01) මැස්සකුට හිරි හැර කල දරුවා
(02) නිර්භීත දෙවි කුමරිය
(03) නයි නටවන්නා

යන කතා තුනයි.

"අහංකාරය" හි ඇතුලත් කතා වන්නේ,

(01) අහංකාරය
(02) හිතුවක්කාර තවුසා 

යන කතා දෙකයි.

මා දකින විදිහට කතුවරයාගේ මෙම පොත් පළකිරීම මගින් බලාපොරොත්තු වූ හොඳ අරමුණු ඉතාමත් සාර්ථක ලෙස ඉෂ්ට කරගැනීමට සමත් වී ඇත.



3 comments:

  1. මේ පොත් දෙක බලලා නැහැ අයියේ.දැන් හොයා ගන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. Godage bookshop eke check Karanna... Thiyewi...

      Delete
    2. Thanks for the comment. Hope you find it. Better go to Maradana.

      Delete