Tuesday, July 10, 2018

නුතන ශ්‍රී ලංකාවේ පුනරුදය (2015 - 2020) : කවුද හොරා සහ බැදුම්කර මගඩිය ගැන තවත් ලිපි - ශ්‍යාම් නුවන් ගනේවත්ත



නුතන ශ්‍රී ලංකාවේ පුනරුදය යන ලිපි පෙළ මගින් වර්තමාන ශ්‍රී ලංකාවේ පවත්නා සංකීර්ණ දේශපාලන, සමාජයීය, සංස්කෘතික, ආර්ථික, තාක්ෂණික, පාරිසරික හා නීතිමය ප්‍රශ්ණ පිළිබඳව සාකාච්ඡ කරයි.

මෙහිදී එම විශ්ලේෂණය සඳහා පදනම් වන්නේ පවත්නා අර්බුදයට විසදුම් හා තොරතුරු සපයන සමාජයේ විකිනීමට හා විමසුමට ප්‍රසිද්ධව පවතින පොත් පත්ය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ සඵලදයකත්වයට හා එහි ක්‍රියාකාරිත්වයේ විශ්වසනීයත්වයට ඉතා ඉහල ලෙස බලපෑම් කර ඇති "මහ බැංකු බැදුම්කර මගඩිය" නිසා ශ්‍රී ලංකාවේ බොහෝ පෞද්ගලික මුල්‍ය ආයතනවල ප්‍රධානින්, මහ බැංකු නිලධාරීන් හා ප්‍රකට දේශපාලන නායකයින් ඉහල ලෙස විවේචනයට ලක් කර ඇත.

මෙම පොත මගින් දැනට විමර්ශනයට ලක්වන මෙම ඉතාම ඉහළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අලාභයක් වූ මෙම අර්බුධය සහ වංචාව හි නවතම ලිපි පෙළක් මෙම පිටු 40ක් වූ කුඩා පොතෙහි අන්තර්ගත කර ඇත.

"2017 දෙසැම්බර්" සිට "2018 ජනවාරි" දක්වා වූ "දිවයින" හි පලවූ ලිපි 6ක් මෙහි ඇතුලත් වේ.

කතුවරයා නොබියව පවත්නා වංචාවේ අර්බුදය හා එහි ප්‍රමාණවත් විශ්ලේෂණයක් කියවන්නට ඉදිරිපත් කරයි.

ඔහු (කතුවරයා) පවසන්නේ මෙම විමර්ශනය මගින් ජනතාවට ශ්‍රී ලංකා ඉතිහාසය තුල වූ ගැඹුරු මෙන්ම විශාලම මුල්‍ය ආයතන වංචාවකට ගැලපෙන නිවරදි යුක්තිය අධිකරණය මගින් හා අනෙකුත් නීතිමය අධිකාරීන් මගින් ලබා දුන්නොත් ශ්‍රී ලංකාවට  සම්මත යහපාලනය ක්‍රියාත්මක කරන රටකට අවශ්‍ය මුලික පදනම සකස් කර ගත හැකි බවයි.



  

No comments:

Post a Comment