Sunday, February 21, 2021

Amaraneeya Soldaduwan this dedena by Prasad Polwatte ( අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා - ප්‍රසාද් පොල්වත්ත ) : A great and valuable book

 


I posted on my Blogspot website in 2016 that the previous publication of this book is a very great and valuable book in Sinhala.

The link is shared below.

https://bookerreadsdaily.blogspot.com/2017/01/0-2016.html

The main reason for that Blogspot post is that the author of the book was my father, and also I liked how he structured the flow of information in the book with good intentions. The author being my father was a major bias that needs to be highlighted in this post as well.

The Parama Weera Vibhushanaya (PWV) award was only given to only 29 soldiers when this book was first published in 2016.

After the publication, 3 more soldiers were given the award.

This publication is the updated version with the stories of the new three soldiers. [Amaraneeya Soldaduwan this dedena by Prasad Polwatte ( අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා - ප්‍රසාද් පොල්වත්ත )]

The newly updated publication contains historic battles and wars of Sri Lanka with the modern political history of the country. The personal political ideology of my father is included in the book revealing some of his partialities to his ideology but this new set of information is a new paradigm to the readers.

Through this book, the author has managed to cover a niche area of the three-decades-long Sri Lankan civil war literature.


අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා - ප්‍රසාද් පොල්වත්ත / Amaraneeya Soldaduwan this dedena by Prasad Polwatte : ඉතාම උතුම් හා වටිනා පොතක්

 

මම මෙම පොත 2016 වසරේදී ඉතාම "උතුම් හා වටිනා / වැදගත් පොතක් " ලෙස මාගේ බ්ලොග් පිටුවේ සටහන් කළෙමි.

එයට අදාළ ඇමුණුම පහත දැක්වේ.

https://bookerreadsdaily.blogspot.com/2017/01/0-2016.html 

එම සටහනට හේතුව මෙම කෘතියේ කතුවරයා මාගේ පියා වීමත් ඒ හරහා මතුවන පක්ෂපාතිත්වය මෙන්ම කතුවරයා පොත ප්‍රකාශ කිරීම තුළ තිබුණු හොඳ අරමුණු හා එහි රැස්ව තිබු තොරතුරු වල පිළිවෙලත් ඉතා හොඳින් පැවතීම වැනි කරුණු නිසාය.

පරම වීර විභූෂණය යන සම්මානය මෙම කෘතියේ පළමු මුද්‍රණය සිදුවන විට ලබා දී තිබුනේ සොල්දාදුවන් 29 දෙනෙකුට පමණි.

නමුත් පසුව සොල්දාදුවන් තුන් දෙනෙකුට එම සම්මානය පිරිනැමීම සිදුකරන ලදී.

එයින් පසු සිදුවූ සොල්දාදුවන් සංඛ්‍යාව ඉහළ යාමන් පසු බිහිවූ කෘතියයි, අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා.

පෙර කෘතියේ නොපැවති ශ්‍රී ලංකාවේ පැවැති ඓතිහාසික සටන් සහ යුද්ධ ඇතුළත් වන මෙම නව මුද්‍රණය හරහා ලංකාවේ පැවැති දේශපාලනික ඉතිහාසයද කතුවරයාගේ එනම් මාගේ පියාගේ පෞද්ගලික හා දේශපාලනික දෘෂ්ටිවාදයට පක්ෂපාතිව සිදුවේ. නමුත් එම විවරණය ඉතාම වැදගත් තොරතුරු ඇතුළත් වන නව මානයක් විවරණය කරන තත්ත්වයකි.

කතුවරයා ශ්‍රී ලංකාවේ දශක තුනක සිවිල් යුධ සාහිත්‍යයේ හිස් තැනක් මෙම කෘතිය හරහා පිරවීමට සමත් වේ.


Sunday, January 31, 2021

Colpetty People : Ashok Ferrey - A glimpse of the Colombo people

 


Suresh Mudannayake or Ashok Ferrey is a famous figure in the Colombo Sri Lankan English literary scene. He has written many short stories as well as novels based on an interesting writing style unique to him.

He was able to create a discourse in the Colombo literary scene on various topics that he had discussed in his novels and short stories on many platforms. (Digital and actual book reading events.)

Many of his short stories in the book "Colpetty People" reflects the psyche of the "Upper middle class and high class" people who live in Colombo Sri Lanka.

With a nostalgic writing style that collects memories and experiences of the writer himself, the book becomes a stylish book with colorful events and situations.

For me as an amateur reader though his writing style was unique was hard to understand. 

But I enjoyed what the writer trying to say to the readers, that what is it to be Sri Lankan.





Corona Dayariya / කොරෝනා ඩයරිය - Milinda Rajapakse : A self boast about the three months of successful Covid-19 / Corona Virus containment (2020 March to May)

 


The second wave of the covid-19 / corona pandemic started in 2020 October, the first week.

I read this book in September 2020.

I'm writing this review in January 2021. During the year 2021, the pandemic became out of control and created a crisis in the country.

But this book allows the reader to enjoy and also gain some knowledge on how the current government contained the "covid-19/corona" virus in the months of March to May 2020. This is a self boast by a member of the Sri Lanka People's Party, but a good one at that.



කොරෝනා ඩයරිය - මිලින්ද රාජපක්ෂ : කොරෝනා / කොවිඩ් -19 වෛරසය පැතිරීම හොඳින් පාලනය කළ මාස තුනේ ස්වයං වර්ණනය (2020 මාර්තු සිට මැයි)

 


කොවිඩ් - 19 / කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ආරම්භ වන්නේ 2020 ඔක්තෝබර් මස පළමුවන සතියේය.

මා මෙම "කොරෝනා ඩයරිය" නම් ග්‍රන්ථය කියවන්නේ 2020 සැප්තැම්බර් මාසයේදීය.

මෙම විචාරය ලියවෙන්නේ 2021 ජනවාරි මාසයේය. 2021 වන විට සම්පුර්ණ පාලනයෙන් තොරවූ කොරෝනා / කොවිඩ් -19 වෛරසයේ පැතිරීම ශ්‍රී ලංකාවේ මහත් අර්බුධයක් ඇති කළේය.

නමුත් මාර්තු සිට මැයි 2020 දක්වා හොඳින් පාලනය වූ කොරෝනා / කොවිඩ් -19 වෛරසය සහ එම සාර්ථකත්වය පිළිබඳව රාජ්‍යය අංශයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) දේශපාලකයකු ලෙස ලියවෙන ස්වයං වර්ණනයක් වන මෙම කෘතිය තරමක් විනෝදයෙන් මෙන්ම යමක් දැනුමටද එක් කරන ලේඛණයකි.



Faculty of Sex - #1 Sex, #2 Guilt and #3 Love - When a dark fantasy and a dream becomes a reality

 


This book trilogy was published from 2017, 2018, to 2020 by "Sanghinda Publishers" was ended with the final book (#3 Love) and other two books (#1 Sex and #2 Guilt) being published in a new format in the year 2020.

Since I bought the books in the order they were published, I have less awareness about the new format which was published in 2020. I read this trilogy in 2020 during the Covid-19 / Corona second wave in the month of October.

An erotic novel trilogy with a theme that is strictly suitable to adults, these three books sheds light on the complex sexual lifestyles of Sri Lankans as well as the global human beings of the modern world.

These three books take the readers to their youth where they watched hardcore pornography and films which are made strictly for adults secretly from the world around them, gives the readers an awareness that this is a dark fantasy and a dream that has become a reality.

The novel trilogy attempts to capture the lifestyle of the people who live in Colombo, through describing famous locations, famous local and foreign franchises, brand names, the beauty of famous locations, the beauty of the environment, famous social incidents, and explanations about human characteristics.

The novel trilogy would have been banned in Sri Lanka for its content. But somehow the author and the publisher managed to get their dark fantasy and dream a reality.

The subcultural and countercultural themes reflected in the books are used creatively on the cover of the book which is an innovative step in publishing.

This series of erotic novels are a reflection of the dark and hidden realities of the world.







ෆැකල්ටි ඔෆ් සෙක්ස් (Faculty of Sex) - #1 සෙක්ස් (Sex), #2 ගිල්ට් (Guilt) සහ #3 ලව් (Love) - අඳුරු සිහිනයක් යතාර්ථයක් වූ විට

 


මෙම පොත් ත්‍රිත්වය පිළිවෙළින් 2017, 2018, සහ 2020 යන වර්ෂ වලදී සංහිද ප්‍රකාශකයින් හරහා ජනතාකරණය වූ අතර 2020දී අවසාන කෘතියත් සමඟ පෙර පළවූ කෘති දෙක (#1 සෙක්ස් (Sex) සහ #2 ගිල්ට් (Guilt)) නව ආකෘතියකින් (#3 ලව් (Love)) සමාජගත විය.

මා මෙම පොත් තුන පිළිවෙළින් එම වර්ෂ වලදී මිලදී ගත් බැවින් නව සංශෝදනය පිළිබඳව ඇත්තේ මද දැනුමකි. මා මෙම පොත් ත්‍රිත්වය 2020 දී කොවිඩ් 19 / කොරෝනා දෙවන රැල්ල පැතිරී ගිය සමයේ ඔක්තෝබර් මාසයේදී කියවා දැම්මෙමි.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු කාම කතා රැල්ලේ එරෝටික නවකතා තුනක් වන මෙම කෘති හරහා ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය සමාජයේ පවත්නා සංකීර්ණ ලිංගික ජීවිතය දෙසට ආලෝක ධාරාවක් එල්ල කිරීමට සමත් වේ.

කියවන්නන් තරුණ සමයේදී රහසිගතව නැරඹු අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට සහ වීඩියෝ දර්ශණ සිහිකරවන මෙම නවකතා පෙළ අපගේ අඳුරු මානසික ලිංගික සිහින ෆැන්ටසියන් යථාර්තයක් ලෙස නිරුපණය කරයි.

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ජීවන රටාව හසුකරගැනීමට දැරූ උත්සහයක් ලෙස මෙම කතා ත්‍රිත්වය තුළ දිවෙන පරිසර වර්ණනයන්, විවිද ප්‍රකට ස්ථාන, සන්නාම හා සමාජයීය සිදුවීම් හරහා වන පැහැදිලි කිරීම් තුළින් නිරුපණය වන බවක් සිතිය හැක.

මෙවන් නවකතා ත්‍රිත්වයක් ලිවිම වාරණයට බඳුන් විය හැකි තත්ත්වයකි. නමුත් කතුවරයා සහ ප්‍රකාශකයා කෙසේ හෝ අඳුරු සිහිනයක් යථාර්තයක් බවට පරිවර්තනය කිරීමට සමත් වී ඇත.

කතාවේ නිරුපණය වන විවිධ උපසංස්කෘතික මෙන්ම ප්‍රතිසංස්කෘතික කාරණාවන් නිර්මාණත්මක ලෙස තම පොතේ කවර නිර්මාණය හරහා බිහි කිරීම සාර්ථක අලෙවිකරණ උපක්‍රමයකි.

මෙම පොත් පෙළ සමාජයේ සැඟවී ඇති, නමුත් සැවොම දන්නා අඳුරු යථාර්තය නිරුපණය කරන කාම කතාවකි.