Sunday, January 31, 2021

කොරෝනා ඩයරිය - මිලින්ද රාජපක්ෂ : කොරෝනා / කොවිඩ් -19 වෛරසය පැතිරීම හොඳින් පාලනය කළ මාස තුනේ ස්වයං වර්ණනය (2020 මාර්තු සිට මැයි)

 


කොවිඩ් - 19 / කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ආරම්භ වන්නේ 2020 ඔක්තෝබර් මස පළමුවන සතියේය.

මා මෙම "කොරෝනා ඩයරිය" නම් ග්‍රන්ථය කියවන්නේ 2020 සැප්තැම්බර් මාසයේදීය.

මෙම විචාරය ලියවෙන්නේ 2021 ජනවාරි මාසයේය. 2021 වන විට සම්පුර්ණ පාලනයෙන් තොරවූ කොරෝනා / කොවිඩ් -19 වෛරසයේ පැතිරීම ශ්‍රී ලංකාවේ මහත් අර්බුධයක් ඇති කළේය.

නමුත් මාර්තු සිට මැයි 2020 දක්වා හොඳින් පාලනය වූ කොරෝනා / කොවිඩ් -19 වෛරසය සහ එම සාර්ථකත්වය පිළිබඳව රාජ්‍යය අංශයේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) දේශපාලකයකු ලෙස ලියවෙන ස්වයං වර්ණනයක් වන මෙම කෘතිය තරමක් විනෝදයෙන් මෙන්ම යමක් දැනුමටද එක් කරන ලේඛණයකි.



No comments:

Post a Comment