Sunday, January 31, 2021

ෆැකල්ටි ඔෆ් සෙක්ස් (Faculty of Sex) - #1 සෙක්ස් (Sex), #2 ගිල්ට් (Guilt) සහ #3 ලව් (Love) - අඳුරු සිහිනයක් යතාර්ථයක් වූ විට

 


මෙම පොත් ත්‍රිත්වය පිළිවෙළින් 2017, 2018, සහ 2020 යන වර්ෂ වලදී සංහිද ප්‍රකාශකයින් හරහා ජනතාකරණය වූ අතර 2020දී අවසාන කෘතියත් සමඟ පෙර පළවූ කෘති දෙක (#1 සෙක්ස් (Sex) සහ #2 ගිල්ට් (Guilt)) නව ආකෘතියකින් (#3 ලව් (Love)) සමාජගත විය.

මා මෙම පොත් තුන පිළිවෙළින් එම වර්ෂ වලදී මිලදී ගත් බැවින් නව සංශෝදනය පිළිබඳව ඇත්තේ මද දැනුමකි. මා මෙම පොත් ත්‍රිත්වය 2020 දී කොවිඩ් 19 / කොරෝනා දෙවන රැල්ල පැතිරී ගිය සමයේ ඔක්තෝබර් මාසයේදී කියවා දැම්මෙමි.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු කාම කතා රැල්ලේ එරෝටික නවකතා තුනක් වන මෙම කෘති හරහා ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය සමාජයේ පවත්නා සංකීර්ණ ලිංගික ජීවිතය දෙසට ආලෝක ධාරාවක් එල්ල කිරීමට සමත් වේ.

කියවන්නන් තරුණ සමයේදී රහසිගතව නැරඹු අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට සහ වීඩියෝ දර්ශණ සිහිකරවන මෙම නවකතා පෙළ අපගේ අඳුරු මානසික ලිංගික සිහින ෆැන්ටසියන් යථාර්තයක් ලෙස නිරුපණය කරයි.

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ජීවන රටාව හසුකරගැනීමට දැරූ උත්සහයක් ලෙස මෙම කතා ත්‍රිත්වය තුළ දිවෙන පරිසර වර්ණනයන්, විවිද ප්‍රකට ස්ථාන, සන්නාම හා සමාජයීය සිදුවීම් හරහා වන පැහැදිලි කිරීම් තුළින් නිරුපණය වන බවක් සිතිය හැක.

මෙවන් නවකතා ත්‍රිත්වයක් ලිවිම වාරණයට බඳුන් විය හැකි තත්ත්වයකි. නමුත් කතුවරයා සහ ප්‍රකාශකයා කෙසේ හෝ අඳුරු සිහිනයක් යථාර්තයක් බවට පරිවර්තනය කිරීමට සමත් වී ඇත.

කතාවේ නිරුපණය වන විවිධ උපසංස්කෘතික මෙන්ම ප්‍රතිසංස්කෘතික කාරණාවන් නිර්මාණත්මක ලෙස තම පොතේ කවර නිර්මාණය හරහා බිහි කිරීම සාර්ථක අලෙවිකරණ උපක්‍රමයකි.

මෙම පොත් පෙළ සමාජයේ සැඟවී ඇති, නමුත් සැවොම දන්නා අඳුරු යථාර්තය නිරුපණය කරන කාම කතාවකි.




No comments:

Post a Comment