Sunday, February 21, 2021

අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා - ප්‍රසාද් පොල්වත්ත / Amaraneeya Soldaduwan this dedena by Prasad Polwatte : ඉතාම උතුම් හා වටිනා පොතක්

 

මම මෙම පොත 2016 වසරේදී ඉතාම "උතුම් හා වටිනා / වැදගත් පොතක් " ලෙස මාගේ බ්ලොග් පිටුවේ සටහන් කළෙමි.

එයට අදාළ ඇමුණුම පහත දැක්වේ.

https://bookerreadsdaily.blogspot.com/2017/01/0-2016.html 

එම සටහනට හේතුව මෙම කෘතියේ කතුවරයා මාගේ පියා වීමත් ඒ හරහා මතුවන පක්ෂපාතිත්වය මෙන්ම කතුවරයා පොත ප්‍රකාශ කිරීම තුළ තිබුණු හොඳ අරමුණු හා එහි රැස්ව තිබු තොරතුරු වල පිළිවෙලත් ඉතා හොඳින් පැවතීම වැනි කරුණු නිසාය.

පරම වීර විභූෂණය යන සම්මානය මෙම කෘතියේ පළමු මුද්‍රණය සිදුවන විට ලබා දී තිබුනේ සොල්දාදුවන් 29 දෙනෙකුට පමණි.

නමුත් පසුව සොල්දාදුවන් තුන් දෙනෙකුට එම සම්මානය පිරිනැමීම සිදුකරන ලදී.

එයින් පසු සිදුවූ සොල්දාදුවන් සංඛ්‍යාව ඉහළ යාමන් පසු බිහිවූ කෘතියයි, අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා.

පෙර කෘතියේ නොපැවති ශ්‍රී ලංකාවේ පැවැති ඓතිහාසික සටන් සහ යුද්ධ ඇතුළත් වන මෙම නව මුද්‍රණය හරහා ලංකාවේ පැවැති දේශපාලනික ඉතිහාසයද කතුවරයාගේ එනම් මාගේ පියාගේ පෞද්ගලික හා දේශපාලනික දෘෂ්ටිවාදයට පක්ෂපාතිව සිදුවේ. නමුත් එම විවරණය ඉතාම වැදගත් තොරතුරු ඇතුළත් වන නව මානයක් විවරණය කරන තත්ත්වයකි.

කතුවරයා ශ්‍රී ලංකාවේ දශක තුනක සිවිල් යුධ සාහිත්‍යයේ හිස් තැනක් මෙම කෘතිය හරහා පිරවීමට සමත් වේ.


No comments:

Post a Comment