Friday, May 18, 2018

ලක්මව - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ප්‍රාදේශීය පුවත් පත



මම පෙබරවාරි 18, වන දින "ගම්පහ සමුපකාර" බෙහෙත් ශාලාවෙන් මගේ රෝගී තත්ත්වයකට බෙහෙත් ගැනීම සදහා යොමු විය. ඒ මගේ කොන්දෙහි පැවති වේදනාවකටය.

ඉන්පසු ෆාමසියෙන් බෙහෙත් ගැනීමට යන විට එහි පුවත් පතක් විකිනීමට තිබු අතර මම එය මිලදී ගැනීමට සිතුවෙමි.

මා සිතන ආකාරයට එය  ප්‍රථම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පුවත්පත ලෙස හැදින්විය හැක.

එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද පුවත් පතකි.

මා එය කියවගෙන යන විට එය ඉතාම සම්පුර්ණ වූ පුවත්පතක් ලෙස මට හැගුණි. එය තුළ ප්‍රාදේශීය (ගම්පහ), දේශීය (ශ්‍රී ලාංකීය) හා අන්තර්ජාතික යන මයෙන් සියලු තොරතුරු ඇතුලත් විය.

මා එය මිලදීගත් දින එය තුළ ගෘහණියන්ට හ ස්ත්‍රීන්ට විශේෂ වූ අතිරේකයක්ද ඇතුලත් කර තිබුණි. (මිහිලිය)

මා කුඩා කල සිටම විශ්වාශ කළ දෙයක් වන්නේ රටක් තුළ ප්‍රාදේශීය මට්ටමින් පුවත් පත්, ගුවන් විදුලි ආයතන හා රුපවාහිනී ආයතන පැවතිය යුතු බවයි. එමගින් පහළ හා මධ්‍යම මට්ටමේ ප්‍රාදේශීය ජීවිත වලට ජීවන මට්ටමක් මෙන්ම සමාජීය දෘෂ්ටියක්ද ලබාදීමේදී හැකියාවක් ඇත.

මෙම මාගේ අවශ්‍යතාවය සපුරාලීමට ගත් "ලක්මව" නම් පුවත් පතෙහි කාර්යභාර්ය අගයමින් මෙම ලේඛණය ලියමි.

No comments:

Post a Comment