Friday, May 18, 2018

තාත්තා, මාව හා මගේ සහෝදරයින්ව කියවීමට යොමු කරපු පොත්




අපේ තාත්තා (ප්‍රසාද් පොල්වත්ත මායා) ඉතාම දක්ෂ බැ0කුකරුවෙකි. ගණකාධිකාරිවරයෙකි. එමෙන්ම නව සාහිත්‍යකරුවෙකි.

ඔහු ඉතාම හොඳ පියෙකි.

අප කුඩා කාලයේදී, යොවුන් වියේදී හා තරුණ වියේදී දිගින් දිගින් දිගටම විවිද පොත් පත් කියවන ලෙස අපහට මෙම පොත් කියවන ලෙස ඔහු යොමු කළේය.

එවැනි පොත් කිහිපයක් පහත දැක්වේ.


(01) සාහිත්‍යමය පොත්


(01.01) අපේ ගම

මාර්ටින් වික්‍රමසිංහගේ ග්‍රාමීය ජීවිතයේ මතකයන් ඇතුලත් කතා පොතකි.

(01.02) මඩොල් දූව

මාර්ටින් වික්‍රමසිංහගේ යොවුන් නවකතාවකි.

(01.03) රෝහිණි

මාර්ටින් වික්‍රමසිංහගේ ඉතිහාසය හා සම්බන්ද නවකතාවකි.

(01.04) මනුතාපය

වික්ටර් හියුගෝගේ Les Miserables නම් ලෝක ප්‍රකට සාහිත්‍ය කෘතියේ අයි. එම්. ආර්. ඉ. ඉරියගොල්ලගේ සිංහල පරිවර්තනය.

 (01.05) දේවතාපය

අයි. එම්. ආර්. ඉ. ඉරියගොල්ලගේ තවත් සිංහල පරිවර්තනයක්.

(01.06) ෂේන්

ජැක් ෂෙෆර්ගේ "Shane" නම් ඉංග්‍රීසි නවකතාවේ, සිරිල් සි. පෙරේරාගේ  සිංහල පරිවර්තනය

(01.07) ඉර, හඳ හා තරු මැද

මෙය මා හට මිලදී ගත්තේ 2001 වසරේදී පමණය. මෙය ආතර් සී. ක්ලාර්ක්ගේ විද්‍යා කෙටි ප්‍රබන්ද එකතුවක සිංහල පරිවර්තනය .

(01.08) විජයබා කොල්ලය

මෙය ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් සිදුකරන ලද ඉතිහාසය හා සම්බන්ද නවකතාවකි

(01.09) කුලීකාර කථා වස්තුව

මෙය "තාන් කොක් සෙන්" නම් සාර්ථක ආසියාතික ව්‍යාපාරිකයාගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. මෙය මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් සිදුකරන ලදී.

(01.10) අඹ යහළුවෝ, ශිෂ්‍යත්වය හා හපනා

ටී. බී. ඉලංගරත්න විසින් රචිත ප්‍රකට ශ්‍රී ලාංකීය යොවුන් නවකතා තුනකි.

(01.11) වනේ පන්නරය ලැබූ හෙටි 1 සහ 2

මෙය රුසියන් ජාතික නිකොලායි ඔස්ත්රෝවිස්කි විසින් රචිත ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. දැදිගම වී. රුද්‍රිගෝ විසින් කරන ලදී.

(01.12) Ladybird publications for young readers

(01.12.01) Dick Whittington
(01.12.02) Animal Kingdom

(01.13) නොහදුනන ලින්කන්

මෙය Dale Carnegie විසින් රචිත Lincoln the Unknown නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙය සිංහලට නැගුවේ ගාමිණී කුමාර විතාන අතිනි.




(02) අධ්‍යාපනික පොත් 

(02.01) මිල න්‍යායය - ඒ. ඩී. වී. ද. එස්. ඉන්ද්‍රරත්න

මා උසස් පෙළ විෂය ධාරාව 2010 වසරේදී වාණිජ හා ව්‍යාපාර අධ්‍යාපන හරහා අධ්‍යනය කිරීමට උනන්දුවක් ඇති බැවින් පැවසූ පසු, ඔහු ගිණුම්කරණය කරපු සමයේදී මෙම පොත ආර්ථික විද්‍යාව අධ්‍යනයට යොදා ගත් බව පැවසුවේය.

(02.02) වීජ ගණිතය / ජ්‍යාමිතිය - ජේ. ඊ. ජයසුරිය

මා සාමාන්‍යය පෙළ විෂය ධාරාව හදාරන සමයේදී එනම් 2007 දී වීජ ගණිතය හා ජ්‍යාමිතිය, සදහා අවශ්‍ය මුලික දැනුම ලබා ගෙනිමට මෙම පොත් පත් යොදා ගන්නා ලෙස ඔහු පැවසුවේය.



ඉහත සදහන් පොත් පත් 14 මෙම ලේඛණයට ඇතුළත් කළේ මා හට මෙන්ම අපගේ පවුලේ අනිත් සහෝදරයින් දෙදෙනාගේද මානසික මෙන්ම සමාජීය ජීවිතයද දියුණු කිරීම උදෙසා ඔහු තුළ තිබු අවංක චේතනාවෙනි.

එම කෘතින් තුළ සැගවී ඇති ඒ මුතු වෙනි දැනුම, සාහිත්‍ය රසයද එලසමය. 

එමනිසා මෙම ලේඛණය අන්තර්ජාලය හරහා කියවන ඔනෑම කෙනෙකුට මෙම පොත් පරිශීලනයට යොමුවන ලෙස කියමින් මෙම ලේඛනය අවසන් කරමි.





References








No comments:

Post a Comment