Friday, May 18, 2018

"විජය - සතුට" නැවත නිකුත් වේ.



සතුට සගරාව නැවත නිකුත් කිරීමත් සමග ශ්‍රී ලාංකික චිත්‍ර කථා රසිකයන්ට මෙන්ම නිර්මාණකරුවන්ටද තම තෙලි තුඩින් බිහිවන චිත්‍ර රසවිදීමට හැකිවී ඇත.

"සතුට" සතිපතා පත්‍රය ශ්‍රි ලංකාවේ බිහිවූ පළමු චිත්‍ර කථා පත්‍රය වේ.

මෙය 1972 වසරේ ලේක්හවුස් ආයතනය මගින් ආරම්භ කළ අතර 20 වන ශතවර්ෂයේදීම "මධුර" ලෙස පත්‍රයේ නම වෙනස් කොට ඉන් පසු එම කාල සීමාව තුළම නවත්වන ලදී.

2018 මාර්තු 07 වන බදාදා සිට දිනපතා පළවන ලංකාදීප පත්‍රය හරහා මෙය දැන් කිසිදු මිල අයකිරීමකින් තොරව ජනතාවට ලබාදෙයි.

පහත දැක්වෙන්නේ එහි නිර්මාණයි.

(01) Thin කීං (Thinking) - ප්‍රගීත් අබේධීර
(02) යකඩ ගැනි - තලංගම ජයසිංහ
(03) මගේම ආදරයක් තිබුණා - ඉන්ද්‍රජිත් රංජන්
(04) අනුර ශ්‍රීනාත්ගේ කෙටි චිත්‍ර කතාවක්
(05) විස්මයකරුගේ දෝණි - සිනෙත් බැද්දෙගේ
(06) වගුරු බිම - අරවින්ද
(07) අදියෝස් අල්වෙරෝස් - අන්ටෝන් බී. පෙරේරා
(08) දගකාරී - තරු
(09) සිහිනයකි මල් පිපිලා - සරත් මධු
(10) සන්නස - ටි. ඩි. අබේසුරිය

මෙහි නිර්මාණ වල ප්‍රමිතිය හා ගුණාත්මක බව තරමක් මද වුවද මෙවැනි නිර්මාණ නැවත බිහිකිරීම තුලින් නිර්මාණාත්මක හා කලාත්මක නිර්මාණ ජනතාකරණය වැදගත් වේ.

No comments:

Post a Comment