Wednesday, July 21, 2021

ලිලිත් සහ ලිලී මල් - ගිහාන් සචින්ත : සංකල්ප සහ මනෝ රූප නුතන ආකාරයට සිත තුළ මවන කෙටි කතා පොතක්

 


ගිහාන් සචින්තගේ රස්තියාදුකාරයා (2017) කියවීමෙන් මම මහත් නුතන වූ කියවීම් අත්දැකීමක් ලදිමි.

එම අත්දැකීම මම බුදුන්ගේ රස්තියාදුව (2017) තුළ තිබුනු මනෝ රූප සහ සංකල්ප රූප කියවීම තුළින් සිත තුළ මැවීමට තිබුණු බාධාව සිහිකළේය. මෙම පොත (රස්තියාදුකාරයා [2017]) එම දුර්වලතාවය මඟහරවාගෙන සිටියේය.

ගිහාන් සචින්තගේ නවතම කෘතිය වන්නේ, "ලිලිත් සහ ලිලී මල්" (2021). එයද නව භාෂා ශෛලියකින් ලියා ඇති නුතන කෘතියකි. (ඇත්තෙන්ම "පශ්චාත් නුතන" කෘතියකි.)

මාර්ටින් වික්‍රමසිංහගේ යුගාන්තය (1949) නවකතාවෙන් පසු කොළඹ නගරයේ ජීවත්වන මිනිසුන්ගේ සහ කලාකරුවන්ගේ සංස්කෘතික ජීවිතයට ආලෝක දහරාවක් එල්ලකරන රස්තියාදුකාරයා (2017) සහ "ලිලිත් සහ ලිලී මල්" (2021) සුන්දර දියමන්තියක් ඔප දමන්නා මෙන් නිර්මිත කෙටි කතා පොත් දෙකකි.

"ලිලිත් සහ ලිලී මල්" තරමක් දුරට සංකීර්ණ භාෂා ව්‍යුහයකින් සකස් වූ කෙටිකතාවකි.

කතුවරයා සියුම් භාෂා ව්‍යුහාත්මක වෙනස්කම්, ප්‍රති සංස්කෘතික හා උප සංස්කෘතික කරුණු තම කෙටි කතා වලට එකතු කිරීම හරහා පාඨකයා සහ කතුවරයා අතර ඇති සිව්වන බිත්තිය බිඳ දමා ඇත. (නාට්‍ය ශාස්ත්‍රය) මෙම නොනවතින සබදතාවය (කතුවරයා සහ පාඨකයා අතර) නිසා කතුවරයාගේ මරණය (Death of the author) සිදු නොවේ. (රෝලන්ඩ් බාතර්) [1915 - 1980]

Gold Leaf (ගෝල්ඩ් ලීෆ්) සිගරට් වලට "ස්වර්ණ පත" ලෙස හැඳින්වීම කෙටි කතා තුළ එක් දිගටම දැකීමට ලැබීම නිර්මාණාත්මක භාෂා භාවිතයකි.

පැතුම් පුංචිහේවාගේ පසුවදන අපව කියවීමට මඟ පෙන්වීමක් ලබා දෙයි.




No comments:

Post a Comment