Saturday, June 13, 2020

සිංහලෙන් බිස්නස් - 8 : සිහියෙන් සිටීම - සතිමත් බව කළමනාකරණ කුසලතාවයක් ලෙස (Mindfulness as an executive capability) : දීපාල් සුරියආරච්චි - මනස තුළින් සාර්ථකත්වයට



දීපාල් සුරියආරච්චි ගේ "සිංහලෙන් බිස්නස්" පොත් පෙළේ අටවන පොත වන මෙම කෘතිය හරහා වෘත්තීය ජීවිතයේදී සිතෙහි ක්‍රියාකාරිත්වය, සිත දක්වන ප්‍රතිචාර, සිත දක්වන ප්‍රතික්‍රියා, මෙම ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියා නිසා විඳීමට සිදුවන හොඳ සහ නරක ප්‍රතිඵල එකිනෙකට වෙනකොට පැහැදිලි කිරීමට කතුවරයා සමත් වී ඇත.

ඔහුගේ හත්වෙනි පොතේ ඇති සමහර කරුණු සහ තොරතුරු මෙම ග්‍රන්ථයේද නැවත දක්නට ලැබූනද ඒ තේමාවට අනුකුල වන පරිදිය.

මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට අවශ්‍යය භාවනා ක්‍රම සහ ව්‍යායාම වලට අවශ්‍යය උපදෙස් මෙම ග්‍රන්ථයෙහි මුල් පරිච්චේද වල දක්නට ලැබේ.

ග්‍රන්ථයේ හරය වන්නේ මනස පාලනය හා පුහුණුව හරහා වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය ළඟා වීමයි.

No comments:

Post a Comment