Saturday, June 13, 2020

සිංහලෙන් බිස්නස් - 7 : රැකියාවයි ඔබයි : වෘත්තීය දිවියේ දියුණුවන මඟ (A handy guide to succeed in a job) : දීපාල් සුරියආරච්චි - සාර්ථකත්වයට ගමන් මාර්ගයක්



දීපාල් සුරියආරච්චි මහතාගේ "සිංහලෙන් බිස්නස්" නම් පොත් පෙළේ හත්වන පොත වන මෙම කෘතිය හරහා රැකියාවක සාර්ථකත්වයට ළඟා වීමට පවත්වාගෙන යායුතු මානුෂීය චර්යා ලක්‍ෂණ පෙළගස්වා ඇති අතර ඒවා ප්‍රායෝගිකව ශ්‍රී ලාංකීය සංස්කෘතියේ උදාහරණ යොදා ගෙන මෙන්ම ගෝලීය සිදුවන සිදුවීම් හරහා කියවන්නාට පැහැදිලි කිරීමට උත්සහ දරා ඇත.

තවද ලෝ ප්‍රකට කළමනාකරණ මුලධර්ම හරහා වෘත්තීය ජීවිතය ආලෝකවත් කරගන්නා ආකාරය මෙහිදී නිරුපණය කිරීමට කතුවරයා යොමු වී ඇත.

පොතේ අවසන් පරිච්චේදයේ සඳහන් වන්නේ දීපාල් සුරියආරච්චි මහතාගේ පෞද්ගලික වෘත්තීය දියුණුවට අදාළ කථාවයි.

අවසාන පිටු කිහිපය කතුවරයා පොත කියවූ පාඨකයාට සටහන් යෙදීමට අවස්ථාව සලසා දී ඇත.

එම මාතෘකාවන් පහත ලෙස පෙළගැස්විය හැක.

(01) මෙම කෘතියෙන් ඔබ වඩාත් ජීවිතයට සමීප කරගත් මාතෘකා 07 ක් 
(02) ක්‍රියාකාරී සැලැස්ම - පළමුවන මාසය 
(03) ක්‍රියාකාරී සැලැස්ම ඉදිරි වසර 
(04) ක්‍රියාකාරී සැලැස්ම ඉදිරි වසර 07
(05) විශේෂ සටහන් 

මෙමඟින් පාඨකයාව ග්‍රන්ථයට ක්‍රියාකාරීව සහභාගී කරගැනීමට කතුවරයා සමත් වන අතර ග්‍රන්ථයේ අරමුණු තවතවත් සාර්ථකව ළඟාකරගනීමට සමත් වේ.

මෙම ග්‍රන්ථයේ මුලික හරය වන්නේ සාර්ථකත්වය ළඟාකරගැනීමට අවශ්‍ය අභ්‍යන්තර මනෝ විද්‍යාත්මක සාධක මෙන්ම බාහිර සමාජයීය හා සංස්කෘතික සාධක ගැන අවධානය යොමු කළ යුතුය යන්නයි.


No comments:

Post a Comment