Friday, May 18, 2018

තාත්තා, මාව හා මගේ සහෝදරයින්ව කියවීමට යොමු කරපු පොත්




අපේ තාත්තා (ප්‍රසාද් පොල්වත්ත මායා) ඉතාම දක්ෂ බැ0කුකරුවෙකි. ගණකාධිකාරිවරයෙකි. එමෙන්ම නව සාහිත්‍යකරුවෙකි.

ඔහු ඉතාම හොඳ පියෙකි.

අප කුඩා කාලයේදී, යොවුන් වියේදී හා තරුණ වියේදී දිගින් දිගින් දිගටම විවිද පොත් පත් කියවන ලෙස අපහට මෙම පොත් කියවන ලෙස ඔහු යොමු කළේය.

එවැනි පොත් කිහිපයක් පහත දැක්වේ.


(01) සාහිත්‍යමය පොත්


(01.01) අපේ ගම

මාර්ටින් වික්‍රමසිංහගේ ග්‍රාමීය ජීවිතයේ මතකයන් ඇතුලත් කතා පොතකි.

(01.02) මඩොල් දූව

මාර්ටින් වික්‍රමසිංහගේ යොවුන් නවකතාවකි.

(01.03) රෝහිණි

මාර්ටින් වික්‍රමසිංහගේ ඉතිහාසය හා සම්බන්ද නවකතාවකි.

(01.04) මනුතාපය

වික්ටර් හියුගෝගේ Les Miserables නම් ලෝක ප්‍රකට සාහිත්‍ය කෘතියේ අයි. එම්. ආර්. ඉ. ඉරියගොල්ලගේ සිංහල පරිවර්තනය.

 (01.05) දේවතාපය

අයි. එම්. ආර්. ඉ. ඉරියගොල්ලගේ තවත් සිංහල පරිවර්තනයක්.

(01.06) ෂේන්

ජැක් ෂෙෆර්ගේ "Shane" නම් ඉංග්‍රීසි නවකතාවේ, සිරිල් සි. පෙරේරාගේ  සිංහල පරිවර්තනය

(01.07) ඉර, හඳ හා තරු මැද

මෙය මා හට මිලදී ගත්තේ 2001 වසරේදී පමණය. මෙය ආතර් සී. ක්ලාර්ක්ගේ විද්‍යා කෙටි ප්‍රබන්ද එකතුවක සිංහල පරිවර්තනය .

(01.08) විජයබා කොල්ලය

මෙය ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් සිදුකරන ලද ඉතිහාසය හා සම්බන්ද නවකතාවකි

(01.09) කුලීකාර කථා වස්තුව

මෙය "තාන් කොක් සෙන්" නම් සාර්ථක ආසියාතික ව්‍යාපාරිකයාගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. මෙය මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් සිදුකරන ලදී.

(01.10) අඹ යහළුවෝ, ශිෂ්‍යත්වය හා හපනා

ටී. බී. ඉලංගරත්න විසින් රචිත ප්‍රකට ශ්‍රී ලාංකීය යොවුන් නවකතා තුනකි.

(01.11) වනේ පන්නරය ලැබූ හෙටි 1 සහ 2

මෙය රුසියන් ජාතික නිකොලායි ඔස්ත්රෝවිස්කි විසින් රචිත ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. දැදිගම වී. රුද්‍රිගෝ විසින් කරන ලදී.

(01.12) Ladybird publications for young readers

(01.12.01) Dick Whittington
(01.12.02) Animal Kingdom

(01.13) නොහදුනන ලින්කන්

මෙය Dale Carnegie විසින් රචිත Lincoln the Unknown නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙය සිංහලට නැගුවේ ගාමිණී කුමාර විතාන අතිනි.




(02) අධ්‍යාපනික පොත් 

(02.01) මිල න්‍යායය - ඒ. ඩී. වී. ද. එස්. ඉන්ද්‍රරත්න

මා උසස් පෙළ විෂය ධාරාව 2010 වසරේදී වාණිජ හා ව්‍යාපාර අධ්‍යාපන හරහා අධ්‍යනය කිරීමට උනන්දුවක් ඇති බැවින් පැවසූ පසු, ඔහු ගිණුම්කරණය කරපු සමයේදී මෙම පොත ආර්ථික විද්‍යාව අධ්‍යනයට යොදා ගත් බව පැවසුවේය.

(02.02) වීජ ගණිතය / ජ්‍යාමිතිය - ජේ. ඊ. ජයසුරිය

මා සාමාන්‍යය පෙළ විෂය ධාරාව හදාරන සමයේදී එනම් 2007 දී වීජ ගණිතය හා ජ්‍යාමිතිය, සදහා අවශ්‍ය මුලික දැනුම ලබා ගෙනිමට මෙම පොත් පත් යොදා ගන්නා ලෙස ඔහු පැවසුවේය.



ඉහත සදහන් පොත් පත් 14 මෙම ලේඛණයට ඇතුළත් කළේ මා හට මෙන්ම අපගේ පවුලේ අනිත් සහෝදරයින් දෙදෙනාගේද මානසික මෙන්ම සමාජීය ජීවිතයද දියුණු කිරීම උදෙසා ඔහු තුළ තිබු අවංක චේතනාවෙනි.

එම කෘතින් තුළ සැගවී ඇති ඒ මුතු වෙනි දැනුම, සාහිත්‍ය රසයද එලසමය. 

එමනිසා මෙම ලේඛණය අන්තර්ජාලය හරහා කියවන ඔනෑම කෙනෙකුට මෙම පොත් පරිශීලනයට යොමුවන ලෙස කියමින් මෙම ලේඛනය අවසන් කරමි.





References








Thursday, May 17, 2018

Book suggestions of my father (Mr. Prasad Polwatte)



My father (Mr. Prasad Polwatte) was a talented banker, accountant and also a budding writer.

And also he is a good father.

When we were children, teens and in our 20's he used to guide us to read books.

To allow my blog post readers also to experience the same good readership that I believe is very valuable, the name's of the books are shared below.




(01) Non academic literature


01.01 Ape gama - Mr. Martin Wickramasinghe

01.02 Madol Doova - Mr. Martin Wickramasinghe

01.03 Rohini - Mr. Martin Wickramasinghe

01.04 Manuthapaya - Sinhala translation by Mr.I.M.R.E. Iriyagolla of Les Miserables by Mr.Victor Hugo.

01.05 Dewathapaya - Another sinhala translation by Mr.I.M.R.E. Iriyagolla

01.06 Shane - Sinhala translation by Mr.Cyril C. Perera of the same name by Mr.Jack Sheffa

01.07 Ira, handa, tharu meda - A sinhala translation of a collection of short stories by Mr. Arthur C. Clarke

01.08 Wijayaba Kollaya - Mr. W.A. Silva

01.09 Kulikara Katha Wasthuwa - Sinhala translation of "Thaan Cock Sen's" autobiography by Prof. Sucharitha Gamlath.

01.10 Amba yaluwo, Shishyathwaya and Hapana - Mr. T.B. Ilangaratne

01.11 Wanei pannaraya lebu heti : Part 01 & 02 - By Mr. Nikolai Ostrovsky, Sinhala translation by Dedigama V. Rodrigo

01.12 Ladybird Publications for young readers - (01) Dick Wittington and (02) Animal Kingdom

01.13 Nohandunana Lincoln - Sinhala translation of Dale Carnergies "Lincoln the Unknown" by Gamini Kumara Vithana


(02)Academic literature


02.01 Mila Niyaya - Mr. A.D.V.D.S. Indraratne

02.02 Weeja Ganithaya / Jyamithiya - Mr. J.E. Jayasooriya


References



























Saturday, December 30, 2017

දෙව්දත් වත - එදා සහ අද : පුජ්‍ය බෙංගමුව නාලක හිමි -> සතුරාව / දුෂ්ඨයාව ඇදහීම.




පිටු 48 ක් වූ මේ කුඩා පොත බෞද්ධ ඉතිහාසය හා දර්ශණය තුළ කථාවට ලක්වන දෙව්දත් චරිතය ගැන මනා වූ විශ්ලේෂණයක යෙදෙති.

එම චරිතය විසින් බුදු හිමිටත්, ඔහුගේ චිරාගත දර්ශණයටත් හා සාශනයටත් කරන ලද හානිය වර්තමානයේ දෝංකාර දෙන ආකාරය මෙහි ලේඛක හාමුදුරුවෝ පෙන්වා දෙයි.

පැරණි ජාතක කථා, නුතන යුගයේ දෙව්දත් චරිත උදාහරණ, සිද්ධීන් සමග හා උන්වහන්සේගේ පෞද්ගලික අත්දැකීම් හරහා හෙළි කරන මෙම කෘතිය ඉතාම වැදගත් අතිරේක බෞද්ධ කියවීමකි.

කතුවරයා නොබියව නුතන මෙන්ම අතීත දෙව්දත් වත හා එහි බියකරු බලපෑමට නිර්දය ලෙස පහර ගසයි.

මෙහි දුෂ්ටයා ඇදහීම හෙවත් සතුරා පසු පස යෑම නිසා සිදුවිය හැකි අනිසි ප්‍රථිපල පිලිබඳ දැක්වීමට මෙම මාතෘකාව යෙදුවෙමි.

එනම් බුදුන්ගේ ධර්මය ආරක්ෂා කිරීම දෙව්දත් වත බිඳ දැමීම හා සමානයි.

එම නිසා දුෂ්ටයින් අවුස්සන්නේ නැතිව තම නැණ සහ කායික ශක්තියෙන් බුද්ධ ධර්මය ආරක්ෂාකිරීම සහ සිංහලයා ආරක්ෂා කිරීම වැදගත් වේ.

සතුරා දැනගත යුතුයි.

ඒ මද පමණිනි.

ඊට වැඩිය බුදු හිමිගේ ධර්මය සහ භාවිතය මගින් ප්‍රයෝගික දියුණුවක් ලැබීම ඉතා වැදගත් වේ.



චිත්‍රපට : සිනමා සාක්ෂරතාවය පෝෂණය උදෙසා ...... [ 2017 සැප්තැම්බර් - දෙසැම්බර් ] [ සිනමා චතුර් මාසිකය ] - ප්‍රකාශණය : අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව : අතීත කාමය, විවිධ දෘෂ්ටිවාදී ලේඛන සහ අයාලේ ගිය ශ්‍රී ලංකාවේ වර්තමාන සිනමා තත්ත්වය හෙලිකරණ කැඩපතක් බදු වූ "චිත්‍රපට" 2017 අවසාන සඟරා කළාපය




මා ශ්‍රී ලාංකීය සිනමා රසිකයෙක්මි. එමනිසා දශක හතකට වඩා අතීතයක් ඇති ශ්‍රි ලාංකිය සිනමාවට හා එයට බද්ධව ඇති කලාව, රසාස්වාදනය හා මිනිසුන්ට මා කෙරෙහි ඇත්තේ අප්‍රතිහත ගෞරවයකි.

වර්තමාන ශ්‍රී ලංකා සිනමාව ඉතාම ඉහළ ලෙස ජනතාව අතර විවේචනයට ලක්වේ. වැසියන සිනමා ශාලා, අධික විදේශීය සිනමා ආක්‍රමණය, දේශීය සිනමාවේ ගුණාත්මක බව අඩු වීම හා අධික වානිජකරණය වීම මෙවැනි විවේචනයන්ට හේතුවන සාධක කිහිපයකි.

එවන් මට්ටමකදී මෙවැනි සගරාවක් හරහා සිංහල රසික මනස පෝෂණය කිරීම ඉතාම වැදගත් වේ. නමුත් පෝෂණය කළ යුත්තේ කුමන සාධකයන්ද යන්න ඉතාමත් වැදගත්ය.

මා හට මෙම කලාපය මිලදී ගැනීමට ලැබෙන්නේ නොවැම්බර් මස රැකියාව අවසන් වී ගම්පහ දුම්රිය පොළින් බැස ගම්පහ සරසවි පොත් හලේ සැරිසරන අවස්ථාවකදීය.

මෙම ලේඛනයේ එන ළිපි පෙළ පහත අයුරින් දැක්විය හැකිය.



මෙම ලේඛනයේ අවංකව ඇත්තේ ධනාත්මක හැගීම් ප්‍රවාහයකට වඩා සෘණාත්මක හැගීමය.

මෙහි ධනාත්මක සාධක පහත ලෙස ලියා දැක්වීමට කැමැත්තෙමි.

මෙම සගරාවේ ප්‍රකාශකයන් ශ්‍රී ලාංකීය සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් ගැන කතා කරයි.

01. ප්‍රවීණ සිනමා විචාරක සුනිල් මිහිඳුකුල
02. අනෝමා ජනාධාරී
03. ලෙස්ටර් ජේම්ස් පීරිස්
04. තිස්ස අබේසේකර
05. ටෝනි රණසිංහ
06. වසන්ත ඔබේසේකර

ඕනෑම ක්ෂේත්‍රයක පැවැත්ම තීරණය වනුයේ එහි ඇති දක්ෂ මෙන්ම හැකියාවන් ඇති මිනිසුන් මතය.

ඉහත කියන පුද්ගලයන් ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ අති දක්ෂ පුද්ගලයන්. ඔවුන් මත පිහිටා කරන විශ්ලේෂණය සිනමාවේ පැවත්ම හා එහි සෞභාග්‍ය නිරුපණය කරණු ඇත.

තවද ඉතා කෙටි නමුත් විස්තර වලින් බහුල නුතන සිනමා ලෝකය වෙනස්වීමට ඩිජිටල් තාක්ෂණයේ බලපෑම ගැන ලේඛනයක් ඇතුළත් වීම ක්ෂේත්‍රයේ පරිණාමය හා විකාශනය පිලිබද රසිකයාට මෙන්ම සිනමාකරුවන්ට වැදගත්වන බව "කොනිත්තා" කීමක් බදුය.

අවසාන වශයෙන් ජනාධිපති සිනමා සම්මාන උළෙල 2017 පිලිබදව පිටු 2ක පමණ ඉතා අඩු හෝ බර තැබීමක් ලබාදීමක් ගැන ප්‍රකාශණය සිදු කළ පුද්ගලයන්ට සතුටක් හා ස්තුතියක් පළ කිරීමට කැමැත්තෙමි.



මා මෙම ලේඛණයට ඇතුළත් කිරීමට කැමතියි,  මෙහි ඇති සෘණාත්මක බලපෑම.

මෙහි එන ලිපිපෙළ තුළ ඉතාම ප්‍රගතශීලි සිනමා ක්ෂේත්‍රයකට අවශ්‍යතාවය පෙන්වුවද එයට විසදුමක් ගැන කථා නොකරයි. සැමවිටම පවත්නා සෘණාත්මක සාධක ගැන කථා කරමින් සිනමා ක්ෂත්‍රයේ නොහැකියාවේ සිට පිරිමින්ගේ බෙලහිනතාවයන් ගැනද කතා කරයි.

තවද මෙහි සැම ලේඛනයකම ඇත්තෙ අතීත කාමයයි.

වර්තමානයේ සිනමාව මෙම ලිපි පෙළෙහි කතුවරුන්ට විපරිත යුගයකි. කතාව සත්‍යකි.

නමුත් එය සැමවිටම සත්‍ය නොවන බව බොහෝ වාණිජ මෙන්ම, ගුණාත්මක හා තාක්ෂණික වශයෙන් වර්තමාන සාර්ථක සිනමා කෘති මගින් පෙන්වා ඇත. මා හට එවැනි සිනමා කෘති මෙම දශකය තුළ පැවති බවත් ඒවා ලේඛනයට අවශ්‍ය නොවන බවත් මම සිතමි.

තවද මෙම ලේඛන ඒ ඒ රචකයාගේ පෞද්ගලික දෘෂ්ටිවාදීන් හා මතවාදයන් මත පිහිටා ලියවුනු බවක් පෙනේ. මෙය සමස්ත ක්ෂේත්‍රයක් ධනාත්මක, ගුණාත්මක හා සංවර්ධනාත්මක පැවැත්මකට, පරිණාමයකට හා විකාශනයකට මෙය කෙතරම් වැදගත්ද යන්න අපැහැදිලිය.

නමුත් මේවන ධනාත්මක හෝ සෘණාත්මක වේවා සිතුවිලි සිනමාව ගැන මා හට ඇතී වුයේ මෙම සිනමා චතුර් මාසිකය 2017 වසර අවසන් ප්‍රකාශණය නිසාය. එමනිසා මේ සුසංයෝගී හැගීම් මැද මෙම ලේඛනය පිළිබදව විචාරය අවසන් කරමි.

Meaning of "Booker"


Meaning of "Booker" according to Collins Dictionary is..........




noun

1. a person who hires performers or performance companies

2. a bookkeeper

Friday, December 1, 2017

Longman Classics - Tales of Mystery and imagination : by Edgar Allen Poe / Simplified by Roland John and Michael West / Artwork illustrated by Per Dahlberg : A must read for a young reading enthusiasts but not for 'adult readers'.



I have to say as a 26 year old adult avid reader, getting to know the mystery and horror of "Edgar Allen Poe" through a "Longman Classic" was a very bad reading experience.

Longman classics are tailor made for young readers.

The book simplification was done by "Roland John" and "Michael West" has provided suffice justice on par to achieving the objectives as a "Longman classic". But it is definitely not for an adult reader.

This book is a collection of "Edgar Allen Poe's" most famous novella's or short stories.

There is an introduction in this book which provides an analysis of Edgar Allen Poe's personal and literary life. There are also six introductions and reviews on the short stories also.

The names of the short stories are provided below.

(01) "You are the man."


(02) The Gold Bug


(03) The Stolen letter


(04) The murders in the Rue Morgue


(05) Down into the Maelstrom


(06) The pit and the pendulum



My personal analysis and observation on the short stories of "Poe" is that they are very creative and innovative for his time.

Terror and horror is actually mystifying. His imagination in creating loneliness and human emotion in the face of danger is unmatchable.

But the problem for me as a reader was the original language and structure "Poe" actually used in his original and whether it is better comparing to the "Longman Classic" which is simplified for the ease of the young readers.

Anyway among the five short stories, my favourite was "Down into the Maelstrom". It has a writing style made out of literary grandeur in elaborating the beauty and horror of the sea and the surrounding environment in the reader's mind fused with fear.

All the other stories are also great because the illustrations by "Per Dahlberg" are amazing and they set the tone for the short stories of "Poe".

I suggest this book for young readers but not for adults just to make sure they avoid this "Longman Classic" just to have a better experience in reading the original "Poe" classics.



Sunday, October 29, 2017

කලාව හා රසවින්දනය : ප්‍රේමචන්ද්‍ර මාගම්මන / Premachandra Magammana - An analysis on art and it's perception, from a not so famous figure from Sinhala Literature



This book by "Premachandra Magammana", who is not a famous figure from Sinhala Literature, on art and aesthetics, and its role in the society does not provide a different perspective than other literary review books. But there are problems in the book.

The writer believes the sole purpose of art is to enjoy the relevant aesthetic aspects provided, but not to go into further aspects of political, cultural, legal, technological, economic or environmental factors in the external world.

He believes if this aspects gets involved in the creation, it will be deviated from the fundamentals of art from it's basic and deep concepts and will lead to unnecessary factors and also to lower the quality of aesthetic value of the creation.

As a reader I managed to explore into the basics of aesthetics the writer has brought up in the book which I find are harsh criticisms which are somewhat baseless. Because the justifications he had brought up in the book are not enough or somewhat less backed with good evidence to justify his criticism.

Anyway the book provides a basic analysis to study of the art and aesthetics with new perception to Sri Lankan readers where it allows new perception to study "art and aesthetics".