Saturday, December 30, 2017
චිත්‍රපට : සිනමා සාක්ෂරතාවය පෝෂණය උදෙසා ...... [ 2017 සැප්තැම්බර් - දෙසැම්බර් ] [ සිනමා චතුර් මාසිකය ] - ප්‍රකාශණය : අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව : අතීත කාමය, විවිධ දෘෂ්ටිවාදී ලේඛන සහ අයාලේ ගිය ශ්‍රී ලංකාවේ වර්තමාන සිනමා තත්ත්වය හෙලිකරණ කැඩපතක් බදු වූ "චිත්‍රපට" 2017 අවසාන සඟරා කළාපය
මා ශ්‍රී ලාංකීය සිනමා රසිකයෙක්මි. එමනිසා දශක හතකට වඩා අතීතයක් ඇති ශ්‍රි ලාංකිය සිනමාවට හා එයට බද්ධව ඇති කලාව, රසාස්වාදනය හා මිනිසුන්ට මා කෙරෙහි ඇත්තේ අප්‍රතිහත ගෞරවයකි.
වර්තමාන ශ්‍රී ලංකා සිනමාව ඉතාම ඉහළ ලෙස ජනතාව අතර විවේචනයට ලක්වේ. වැසියන සිනමා ශාලා, අධික විදේශීය සිනමා ආක්‍රමණය, දේශීය සිනමාවේ ගුණාත්මක බව අඩු වීම හා අධික වානිජකරණය වීම මෙවැනි විවේචනයන්ට හේතුවන සාධක කිහිපයකි.
එවන් මට්ටමකදී මෙවැනි සගරාවක් හරහා සිංහල රසික මනස පෝෂණය කිරීම ඉතාම වැදගත් වේ. නමුත් පෝෂණය කළ යුත්තේ කුමන සාධකයන්ද යන්න ඉතාමත් වැදගත්ය.
මා හට මෙම කලාපය මිලදී ගැනීමට ලැබෙන්නේ නොවැම්බර් මස රැකියාව අවසන් වී ගම්පහ දුම්රිය පොළින් බැස ගම්පහ සරසවි පොත් හලේ සැරිසරන අවස්ථාවකදීය.
මෙම ලේඛනයේ එන ළිපි පෙළ පහත අයුරින් දැක්විය හැකිය.
මෙම ලේඛනයේ අවංකව ඇත්තේ ධනාත්මක හැගීම් ප්‍රවාහයකට වඩා සෘණාත්මක හැගීමය.
මෙහි ධනාත්මක සාධක පහත ලෙස ලියා දැක්වීමට කැමැත්තෙමි.
මෙම සගරාවේ ප්‍රකාශකයන් ශ්‍රී ලාංකීය සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් ගැන කතා කරයි.
01. ප්‍රවීණ සිනමා විචාරක සුනිල් මිහිඳුකුල
02. අනෝමා ජනාධාරී
03. ලෙස්ටර් ජේම්ස් පීරිස්
04. තිස්ස අබේසේකර
05. ටෝනි රණසිංහ
06. වසන්ත ඔබේසේකර
ඕනෑම ක්ෂේත්‍රයක පැවැත්ම තීරණය වනුයේ එහි ඇති දක්ෂ මෙන්ම හැකියාවන් ඇති මිනිසුන් මතය.
ඉහත කියන පුද්ගලයන් ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ අති දක්ෂ පුද්ගලයන්. ඔවුන් මත පිහිටා කරන විශ්ලේෂණය සිනමාවේ පැවත්ම හා එහි සෞභාග්‍ය නිරුපණය කරණු ඇත.
තවද ඉතා කෙටි නමුත් විස්තර වලින් බහුල නුතන සිනමා ලෝකය වෙනස්වීමට ඩිජිටල් තාක්ෂණයේ බලපෑම ගැන ලේඛනයක් ඇතුළත් වීම ක්ෂේත්‍රයේ පරිණාමය හා විකාශනය පිලිබද රසිකයාට මෙන්ම සිනමාකරුවන්ට වැදගත්වන බව "කොනිත්තා" කීමක් බදුය.
අවසාන වශයෙන් ජනාධිපති සිනමා සම්මාන උළෙල 2017 පිලිබදව පිටු 2ක පමණ ඉතා අඩු හෝ බර තැබීමක් ලබාදීමක් ගැන ප්‍රකාශණය සිදු කළ පුද්ගලයන්ට සතුටක් හා ස්තුතියක් පළ කිරීමට කැමැත්තෙමි.
මා මෙම ලේඛණයට ඇතුළත් කිරීමට කැමතියි, මෙහි ඇති සෘණාත්මක බලපෑම.
මෙහි එන ලිපිපෙළ තුළ ඉතාම ප්‍රගතශීලි සිනමා ක්ෂේත්‍රයකට අවශ්‍යතාවය පෙන්වුවද එයට විසදුමක් ගැන කථා නොකරයි. සැමවිටම පවත්නා සෘණාත්මක සාධක ගැන කථා කරමින් සිනමා ක්ෂත්‍රයේ නොහැකියාවේ සිට පිරිමින්ගේ බෙලහිනතාවයන් ගැනද කතා කරයි.
තවද මෙහි සැම ලේඛනයකම ඇත්තෙ අතීත කාමයයි.
වර්තමානයේ සිනමාව මෙම ලිපි පෙළෙහි කතුවරුන්ට විපරිත යුගයකි. කතාව සත්‍යකි.
නමුත් එය සැමවිටම සත්‍ය නොවන බව බොහෝ වාණිජ මෙන්ම, ගුණාත්මක හා තාක්ෂණික වශයෙන් වර්තමාන සාර්ථක සිනමා කෘති මගින් පෙන්වා ඇත. මා හට එවැනි සිනමා කෘති මෙම දශකය තුළ පැවති බවත් ඒවා ලේඛනයට අවශ්‍ය නොවන බවත් මම සිතමි.
තවද මෙම ලේඛන ඒ ඒ රචකයාගේ පෞද්ගලික දෘෂ්ටිවාදීන් හා මතවාදයන් මත පිහිටා ලියවුනු බවක් පෙනේ. මෙය සමස්ත ක්ෂේත්‍රයක් ධනාත්මක, ගුණාත්මක හා සංවර්ධනාත්මක පැවැත්මකට, පරිණාමයකට හා විකාශනයකට මෙය කෙතරම් වැදගත්ද යන්න අපැහැදිලිය.
නමුත් මේවන ධනාත්මක හෝ සෘණාත්මක වේවා සිතුවිලි සිනමාව ගැන මා හට ඇතී වුයේ මෙම සිනමා චතුර් මාසිකය 2017 වසර අවසන් ප්‍රකාශණය නිසාය. එමනිසා මේ සුසංයෝගී හැගීම් මැද මෙම ලේඛනය පිළිබදව විචාරය අවසන් කරමි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment