Saturday, March 4, 2023

නුදුටු තැන් - ආර්. පල්ලවෙල : සැඟවුණු සිතුවිලි වංශයක් එළියට පැමිණීම.

 


සිතුවිලි වංශය යනු 'කන්ද උඩ ගින්දර' නම් ජැක්සන් ඇන්තනිගේ නවකතාවේ පෙරවදනේ තිබු වචනයක් අහුලා ගැනීමකි.

නුදුටු තැන් කෘතියදී නිදහසින් පසු ජාතිකවාදී බලවේග බලය හොබවපු යුගයක කතුවරයකුගේ සිතුවිලි වංශයක් ලෙස හැඳින්විය හැක.

දැනට මුද්‍රණයේ නොමැති මෙම කෘතියේ පැරණි මුද්‍රිත පොතක් අප ගෙදර තිබී හමුවූ අතර මෙය 1950 දශකයේ පැවති සැඟවුණු සිතුවිලි වංශයක් මා ඉදිරියේ විදාරණය වීමකි.

පොතේ නම සහ කතුවරයාගේ නම හරහා Google හරහා අන්තර්ජාලය පරික්ෂා කල විට හමුවන්නේ 'සරසවිය' පත්‍රයේ ඇති කුඩා ලිවීමක් පමණි. එමඟින්ද සටහන් වන්නේ කෘතියේ එකල පැවති ප්‍රචලිත බවයි.

මෙහි සංඥාපනය ලියා ඇත්තේ ආර්. පල්ලාවෙල වන අතර පෙරවදන ලියා ඇත්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ අතින්ය.

නුදුටු තැන් කෘතියේ මුලික වශයෙන් කොටස් හතරකි.

(01) සමාජය 

(02) වැඩ කිරීම 

(03) විවාහය 

(04) විවේකය 

අතිශය සාර්ථක නොවුවද සමාජය තුළ පැවති විවිධ පැතිකඩයන් හරහා ශ්‍රී ලංකා සමාජයේ හරස්කඩක් මැවීමට මෙම කෘතිය සමත් වේ. 1950 දශකයේ සමාජය ගැන අවබෝධයක් මේ කෘතිය කියවන විට ලබාගත හැක. නමුත් එය බොහෝ විට සාමාන්‍ය ජන මනස නොව තරමක් දුරට හේතුඵල වාදී චින්තනයක් හරහා බිහි වුවක් බව සිතිය යුතුය.

මෙය ලියා ඇත්තේ කතුවරයාගේ සිතුවිලි ඉහත කොටස් හතර ගැන එකතු කිරීමකි.

මෙම පොතහි මිල රු. 2.50 ක් වන අතර එය වර්තමානයේ පවත්නා උද්ධමනයේ ශිඝ්‍රතාවය ඒ හරහා ඉගෙනගත හැකිය.

මෙම පොත තුළ ඉතාමත් වටිනා උදෘත විශාල වශයෙන් දැකිය හැකිය.

ඉන් එකක් මම පහත දක්වමි.

"බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වූ හැටියේම කළේ සිංහල භාෂාවේ මාර්ගයෙන් දැනීම දියුණු කොට ඒ අනුව භාෂාව දියුණු කිරීම නොව කිසිම මනුෂ්‍යයකුට සහනයක් නොවන විකාර කිරීමෙන් රටේ භේද ඇතිකොට අහිංසක මිනිසුන්ගේ ජීවිත නැතිවන තැනට මග සැලසීමයි. මහා බුද්ධිමත් නායකයින්ගේ මාර්ග දේශකත්වයෙන් සිදුවුයේ මෙයයි."

-පිටු 179-

No comments:

Post a Comment