Monday, September 17, 2018

නුතන ශ්‍රී ලංකාවේ පුනරුදය (2015 - 2020) - විකිණීම, බිලිදීම සහ එට්කා [ජනතා විමුක්ති පෙරමුණ]




ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජවාදී මතධාරී පක්ෂයකි.

එහි ප්‍රතිපත්ති ප්‍රකාශන 'නියමුවා ප්‍රකාශන' ලෙස මුද්‍රණය කර ජනතාකරණය කරයි.

මෙම පිටු 44ක ලේඛණය රු. 50 කි.

මෙහිදී පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයා විසින් 2016 සැප්තැම්බර් 20 වැනි දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වූ දේශණය නිරුපණය වේ.

එම දේශණය 'විකිනීම, බිලිදීම සහ එට්කා[ETCA]' නම් වේ.

එට්කා[ETCA] යනු 'Economic and Technological Cooperation Agreement' වේ.

මෙම ගිවිසුම සිංහල බසින් 'ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම' ලෙස හැඳින්විය හැක.

මෙම දේශනයේදී කථිකයා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ආර්ථිකයේ බිඳ වැටීම හා එහි අනාගත අවිනිශ්චිතතාවය, පැවති දේශපාලන ප්‍රතිපත්තිමය බෙලහීනතාවය නිසා සිදු වූ බව පවසයි.

කතිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රී.ල.නි.ප.) හා එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) යන දෙපාර්ශවයේම අධික අන්තගාමිවූ දේශපාලනික ප්‍රතිපත්තිමය පිළිවෙත් විවරණය කරන අතරතුර මෙම පොත හරහා තරමක් දුරට අනවශ්‍ය 'මඩ' ගැසීම් වලට යොමුවේ.

නමුත් පවත්නා ආර්ථික ක්‍රමවේදය තුළ 'විකිණීම' හෙවත් ශ්‍රී ලංකාවට අයිති දේශීය සම්පත්, විදේශීය ගෝලීය බලවතුන්ට විකිණීම නම් බියකරු ආර්ථික ප්‍රතිපත්තිය තරමක් දුරට සංකීර්ණ විශ්ලේෂණයට ලක් කිරීම සැලකිය යුතුයි.  

දෙමළ ඩයස්පෝරාව යනු හිස් පඹයකු බව 7 වැනි පිටුවේදී කියයි. එය තරමක් පදනම් විරහිත බවක් පෙනේ. පවත්නා ශ්‍රී ලාංකීය සමාජ හා වෘත්තීය වෙළඳපොල ආකෘතියට බොහෝ ප්‍රශ්ණ මෙම ක්‍රියාකරිත්වය තුළින් ඇති විය. 

එමනිසා එය කතිකයා පවසන පරිදි මෙය බැහැර නොකළ යුතු සාධකයකි.

තවද 10 වෙනි පිටුවේදී ගෝලීය බලවතුන් නිසා ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය බිඳ වැටීමට එරෙහිව හඬ නැගු එකම පක්ෂය ඔවුන් (ජ.වී.පෙ) බව කතිකයා පවසයි. 

නමුත් මගේ අවුරුදු 27 ක ජීවිතයේදී නම් ශ්‍රී ලංකාවේ තිස් වසරක සිවිල්, යුද්ධය අවසන් කිරීම හා බොහෝ විදේශීය සෘණාත්මක බලපෑම් වලට එරෙහිව හඬ නැගුවේ මගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයයි. (ශ්‍රී.ල.නි.ප)

එනමුදු සමස්ථ පිටු 44 තුළ ශ්‍රී ලංකාවේ තුන්වෙනි ලෝකයේ රටක් ලෙස ගෝලීය බලවත් රාජ්‍යයන් හා අන්තර්ජාතික මුල්‍යය ආයතන ඉදිරියේ තම දේශීය සම්පත් ආරක්ෂා කිරීම සහ ආයෝජන සඳහා ලබාගත් ණය පියවීමට දැරීමට සිදුවන දැවැන්ත වෙහෙස පහත ලෙස සාරාංශ කරගත හැක.

මෙම සාරාංශය ජ.වී.පෙ. නායකතුමා ETCA කෙරෙහි දැක්වූ මතය මත වැඩිබර තැබීමක් ලෙස හැඳින්විය හැක.

  • මෙම දේශණයට අනුව එට්කා (ETCA) ගිවිසුමට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ඇතුළත් නොකර ඉන්දියාවට එට්කා (ETCA) වැඩක් නැහැ ලෙස කතිකයා පවසයි.
  • මෙම දේෂණයට අනුව එට්කා (ETCA) මගින් දේශීය තොරතුරු තාක්ෂණික ආයතන වලට තම වෙළදපොල මෙන්ම ශ්‍රම වෙළඳපොල ද අහිමි විය හැක. කතිකයා MIT හා WSO2 වැනි ලංකාවේ ඇති විශාල තොරතුරු තාක්ෂණික ආයතන වල පැවැත්ම මගින් දේශීය ක්ෂේත්‍රයේ පවත්නා සරුසාර බව තවතවත් විවරණය කරයි.
  • එහිදී ඔහු දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ හැකියාව පිළිබඳව විවරණය කරයි.
එහිදී ඔහු දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ හැකියාව පිළිබඳව ගැඹුරින් විවරණය කරයි.

මෙම ලේඛණය තුළ ඇතුළත් දේශණය තුළ ඇති මුලික හරය දේශීය සම්පත් වල අයිතිය දේශීය මිනිසුන්ට හා රජයට බවයි.

එමගින් තිරසාර සංවර්ධනයක් රටට ලඟා කර ගත හැකි බව පක්ෂ නායකතුමා ගේ අදහස වේ.





Sunday, September 16, 2018

Modern Sri Lankan Renaissance (2015 - 2020) : A speech by the JVP leader Anura Dissanayake on ETCA [Economic and Technological Cooperation Agreement]




Janatha Vimukthi Peramuna / JVP (People's Liberation Front) is a major socialist political movement in Sri Lanka.

"Niyamuwa Prakashana" or "Niyamuwa Publications" are there major policy printing and publication unit of JVP.

This book which is valued for Rs. 50/- and have 44 pages contains a speech made by the political party leader of JVP with regards to economic policies of the past decade of Sri Lanka and also about the ETCA. (2006 - 2016)

This book contains a 'Sinhala version' of the speech made by the JVP leader Anura Dissanayake on 2016 September 20th at Colombo public library.

ETCA stands for Economic and Technological Cooperation Agreement.

This was a twenty-year-old (1998 - 2018), work in progress agreement attempting to liberalize the services and investments between India and Sri Lanka.

Due to its disadvantages, this was removed from the Sri Lankan context by Sri Lankan economic activists and politicians.

To give an understanding of the JVP leaders perspective on ETCA and the selling of Sri Lankan assets and investments to foreign parties this book is reviewed by me.

To understand the "Sri Lankan Modern Rennaissance (2015-2020)" this can be taken into consideration as another perception.

This speech is an observation of the Sri Lankan political parties and their reaction to the matter.

The speaker emphasizes the "uncertain" political decision making of the past Sri Lankan political parties and how it has cyclically impacted the modern Sri Lankan economic condition on an economy which is struggling in the third world to achieve development targets of global financial institutions and the money lending powerful nations like China and United States of America. (USA)

Sri Lanka Freedom Party (SLFP) / United People's Freedom Alliance (UPFA) and United National Party (UNP) are being heavily disgraced by the speech made by the J.V.P. leader on their inability to be fixated to a certain economic policy.

But their speaker goes into excessive attacks against the above two parties.

But the deceptive and the short term concept of "selling" of Sri Lankan assets can be considered as a vital factor discussed in the speech considering the future of the Sri Lankan economy as a nation.

And also selling assets to foreign global powerful economies and its policy should be studied in a broader sense because it may incur dangerous impacts to future.

In the page '07' of the speech, it includes a description about the "Tamil Diaspora". The speaker claims that Tamil Diaspora is powerless and not something to focus highly.

But personally, I disagree.

In the current, Sri Lankan context, the economy has impacted very negatively due to the non-governmental organizations (NGO) related to the Tamil diaspora because these entities have created many issues related to human resource management and the job market.

On page 10 the speaker emphasizes on his parties role of fighting against global powers profiting through manipulating third world economies.

But my personal observation is through experience and observation of 27 years is that only United People's Freedom Alliances (UPFA) or Sri Lanka Freedom Party (SLFP) fought against global powers who tried to manipulate Sri Lanka and also stopped the 30-year-old war.

To finalize the essence of this speech to the readers specifying on ETCA and it impacts,

(01) Speaker believes Indians wants to penetrate Sri Lanka's IT  [Information Technology] industry or sector to gain benefits to their economy

(02) But he suggests a solution by giving examples like the Sri Lanka's well renowned IT background and companies. (WSO2 and MIT [Millenium IT])

Finally, the essence is to maintain the idea and show Sri Lankans the value of the struggle against ETCA.

The speaker believes that it is vital to Sri Lankans to maintain the ownership of the assets and investments in order to protect the values and resources of the economy.






















Saturday, September 8, 2018

The Power of Now : Eckhart Tolle - A book that repeats itself over and over, but with a valid point


This 236-page book is written about human spirituality.

The book spans into ten (10) chapters discussing the practical use of the strength of 'presence'.

'Presence' according to the writer it is the ability to understand the current situation of his mental and physical state of life.

By understanding 'presence', the writer suggests taking your life decisions wisely.

For that, he gives insights to the reader through his book from various religions and other literature sources.

The basic idea is that the writer tries to emphasize throughout the book is to not to get fixated into deeply rooted animalistic human behavior when you are dealing with 'presence'.

The contents of the book are as follows.

Author's preface to the paperback edition
Introduction
Chapter One: You are not your mind
Chapter Two: Consciousness - The way out of pain
Chapter Three: Moving deeply into the now
Chapter Four: Mind strategies for avoiding the now
Chapter Five: The state of presence
Chapter Six: The Inner Body
Chapter Seven: Portals into the unmanifested 
Chapter Eight: Enlightened Relationship
Chapter Nine: Beyond Happiness and Unhappiness there is peace
Chapter Ten: The meaning of surrender

Summarising the facts the writer believes through meditation and deeply understanding your own thoughts you can achieve your highest mental stability, intelligent and emotional quotient.

The writer throughout the 236-page book uses the pause symbol after certain passages which is a suggestion that the reader may want to stop reading for a moment, become still, and feel and experience the truth of what has just been said. 

There may be other places in the text where you will do this naturally and spontaneously. 

Simply summarised this is like a handbook to human spirituality with a practical essence.
















Tuesday, September 4, 2018

"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - මහා වංසය ගැන උගනිමු. : නාරද කරුණාතිලක හා කොලට් සේනානායක



නාරද කරුණාතිලක සහ කොලට් සේනානායකගේ "මහාවංසය ගැන උගනිමු" යන පොත ප්‍රථම වරට මුද්‍රණය වන්නේ 2014 වර්ෂයේදී ය.

මෙම ලේඛණය අන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා සංස්කෘතිය පිළිබඳව ලේඛනයන් වලට වඩා වැදගත් වන්නේ ඒවායේ පවත්නා,

(01) තියුණු පර්යේෂණාත්මක විවරණයන්
(02) සරළ භාෂා භාවිතය හා සංක්ෂිප්ත බව  
(03) නොසෙවූ සංකීර්ණ ඓතිහාසික සාධක තම පර්යේෂණ හරහා 

ජනතාකරණය කිරීමයි.

කෙසේ හෝ වේවා මෙම ලේඛකයන් දෙදෙනා තරමක් අප රට තුළ වැදගත් ස්ථානයක් ගන්නේ ඔවුන් තුළ පවත්නා බෞද්ධ දර්ශණය මුලික කරගත් ලේඛණ ශෛලිය නිසාවෙනි.

මෙම ශෛලිය තුළින් ජනිත වන සංකීර්ණ ගැටළුව වන්නේ, ශ්‍රී ලංකාවේ බහු වාර්ගික රටක් වීම සහ ලේඛකයන් දෙදෙනා තම අවශ්‍යතාවය පරිදි 'මැවුම්වාදය' නිර්දය ලෙස විවේචනය කිරීමයි.

එනමුදු එමගින් බුදු දහමෙහි අගය සහ වටිනාකම වැඩිවන අතර එය පදනම් සහිතව තර්කානුකුලුව සිදු කරන බැවින් එහි වරදක් නොපෙනේ.

මෙම කුඩා ග්‍රන්ථය රු. 100ක් වන අතර පිටු 31කි. මම මෙය මරදාන ගොඩගේ පොත් මැදුරෙන් ගත්තෙමි.

බෝධි සභාව නම් ආයතනයක් හරහා ප්‍රකාශණය කරන මෙම පොත ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රකටව පැවතිය යුතු පොතකි.

අන්තර්ජාලය හරහා හෝ වෙනත් තොරතුරු මාධ්‍ය හරහා මෙම කතුවරයන් ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වීම, තරමක් දුක්බර තත්වයකි.

අන්තර්ජාලයේදී මොවුන් දෙදෙනා ගැන මට ලිපි දෙකක් සොයාගත හැකි විය.

මොවුන් දෙදෙනාගේ තවත් කෘතියක් වූ 'කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම' විචාරයට ලක් කරමින් ලියවුනු "BOONDI.lk" නම් වෙබ් අඩවියේ මොවුන් දෙදෙනාගේ සාහිත්‍යමය විප්ලවවාදී ස්වභාවය ගැන අපට දැනගත හැකි විය.

එම ලේඛණය පහත ඇමුණුමෙන් සොයා ගත හැක.

http://www.boondi.lk/article.php?ArtID=4561

තවද ශ්‍රී ලංකාවේ පවත්නා ක්‍රිස්තියානි හා කතෝලික ධර්මය හා එය ගැන මුලික සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් අප හට මේ ලිපිය තුළින් ලබාගත හැක.

නමුත් 'නාරද' හා 'කොලට්' යන සාහිත්‍යධරයන් දෙදෙනා ගැන ලොකු විස්තරයක් එහි නොමැත.

ඔවුන් දෙදෙනාගේ දෘශ්ටිය තරමක් විචාරාත්මකය. 

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට යටත් විජිත පාලන සමයන්හි සිදුවූ බලපෑම් මගින් ශ්‍රී ලංකිය දේශීය සංස්කෘතිය, ආර්ථිකය හා අභිමානයේ සෝදාපාළුව තම සාහිත්‍යය හරහා පෙන්නුම කර ඇත.

එමනිසා හටගන්නා අර්බුදයන් හා ඒවාට විසදුම් මෙම පොත් වල දක්වා ඇත.

අන්තර්ජාලය හරහා ගැඹුරින් විශ්ලේෂණය කරන විට "ගුගල් බුක්ස්" [Google Books] හරහා පහත ඉංග්‍රීසි බසින් රචිත මුද්‍රිත පොතක විද්‍යුත් මාධ්‍යයෙන් සකස් කරන ලද පොතේ මොවුන් දෙදනා ගැන සොයා ගත හැකිවිය.

එම පොතේ නම "Being a Christian in Sri Lanka [ Historical, Political, Social and Religious Considerations ] යන මැයෙන් රචිත ඉංග්‍රීසි කෘතියකි.

මෙය රචනා කර ඇත්තේ 'ලෙනාර්ඩ් පින්ටෝ' [Leonard Pinto] නම් කතුවරයා විසිනි.

මෙම කෘතියේදී 'කොලට්' හා 'නාරද' යන කතුවරයන් දෙදෙනා විවේචනය කර ඇත.

ඒ ඔවුන්ගේ සාහිත්‍ය කෘතීන් වල "මැවුම්වාදය", මුලිකව පදනම් වී ඇත්තේ බුද්ධ ධර්මය මත බව පැවසීමයි.

එම තොරතුරු පහත වෙබ් අඩවි ඇනවුම හරහා සොයා ගත හැක.

https://books.google.lk/books?id=ifVMCgAAQBAJ&pg=PT408&dq=narada+karunathilaka&hl=en&sa=X&ved=0ahUKEwjKorD78KHdAhUPfX0KHQyuCBEQ6AEIJzAA#v=onepage&q=narada%20karunathilaka&f=false

මෙසේ හැර 'කොලට් සේනානායක' හෝ 'නාරද කරුණාතිලක' ගැන අන්තර්ජාලය තුළ දක්නට නොමැත.

මෙම පිටු 31ක් තුළ මාගේ හද සලිත කරන ලද තොරතුර වන්නේ බුදු සමයේ පැවති පාළි භාෂාවට බුද්ධ ධර්මය දේශනයට තිබුණු නැඹුරුවයි.

බුදු රජාණන් වහන්සේ සංස්කෘත භාෂාව මග හැර පාළි භාෂාව තම බුද්ධ දේශනයට යොදාගන්නේ එය කුලහීන ජනතාවගේ ශුභසිද්දිය උදෙසයි.

මෙම කරුණෙහි සත්‍යතාව මට  "Britannica.com" හරහා තහවුරු කරගැනීමට හැකි විය. එම තොරතුරු පහත ඇමුණුමෙන් බලා ගත හැක.

https://www.britannica.com/topic/Pali-language

තවද පහත වෙබ් අඩවි ඇනවුම හරහා තවත් තොරතුරු බලා ගත හැක.

https://www.quora.com/Which-language-did-Buddha-preach-in


මෙම කෘතිය තුළ මහාවංසය ඉගෙනගැනීමේ වැදගත්කම හා ඊට බද්ධ වූ ශ්‍රී ලංකාවට අවේණික දේශීයත්වය යන සාධක කෙරෙහි නැවත ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමටත් ප්‍රයත්න දැරීම වැදගත් සාධකයක් ලෙස දැකිය හැක.

එමනිසා මෙම පොත දේශීය සාහිත්‍යමය වශයෙන් ගත් කළ ඉතාමත් ඉහළ වටිනාකමකින් යුක්ත පොතකි.

'කොලට්' හා 'නාරද' ගේ ශ්‍රී ලංකාව පිළිබඳව දෘෂ්ටිය සිංහලයන්ට තිරසාර සතුටක් ලබා දේ.

එමනිසා මෙම දෙදෙනාගේ ලේඛණවල හරය පෞද්ගලික ජීවිතයේදී භාවිතා කිරීම රටක් ලෙස දියුණුවට වැදගත් වේ.



ආශ්‍රිත මුලාශ්‍ර නාමාවලිය


වෙබ් අඩවි 

  • ජයතුංග, රුවන්. එම්. (2015). කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය.[Online/අන්තර්ජාලය හරහා] BOONDI.lk. Available at / වෙබ් අඩවි ඇමුණුම: http://www.boondi.lk/article.php?ArtID=4561 [ Accessed on / පරිශීලනය කළ දිනය: 05/09/2018]









































"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - වවුල් බංගලාව : නාරද කරුණාතිලක හා කොලට් සේනානායක



ළමා කතා ස්වරුපයෙන් ලියන මෙම කුඩා යොවුන් නවකතාව පිටු 79 කි. මෙහි මුල්‍යමය වටිනාකම රු. 150 කි.

කථාව විටෙක යථාර්ථයත්, විටෙක ළමා මනසේ මැවෙන මායාවක්ද යන්න සැක සහිත ය.

නිවාඩුවක් පිණිස ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට එන දැරියකට ඇගේ පරම්පරා නිවසේදී වවුලන් කිහිප දෙනෙකු ඇසුරු කරන්නට අවස්ථාව ලැබේ.

ගෙදර වහලේ සිටින වවුලනුත්, පබළු (කතාවේ ප්‍රධාන චරිතය) හා ඇයගේ නෑයන් වටා ගෙතී යන මෙම කතාව ශ්‍රී ලංකාවේ ගැමි චින්තනය හා ගැමි ජීවිතයට වවුලගේ කාර්යභාර්ය නිරූපිත ලේඛනයක් ලෙස හැඳින්විය හැක.

ජන කවි, ජන කථා හා ගෝලීය උදාහරණ සමග ලියා ඇති කෙටි නමුත් සුන්දර හා දැනුමෙන් පෝෂිත හරබර වියමනක් ලෙස මෙම කුඩා කෘතිය හැඳින්විය හැක.

පොත ඉතා විමසිල්ලෙන් රස වින්දනය කරන අතරතුර අන්තර්ජාලය හරහා ඔබ පර්යේෂණය කලේ නම් තවත් දැනුමෙන් පෝෂණය විය හැකි අතර 'වවුලා' ගේ ගෝලීය කාර්යභාරය පිළිබඳව සාක්ෂි සහිතව ඉගෙන ගැනීමට හැකියාවක් ඇත.

'නාරද' හා 'කොලට්', ශ්‍රී ලංකාවේ ගම හා සොබාදහම අතර පවත්නා සබැඳියාව හොඳින් පැහැදිලි කරයි.











Sunday, September 2, 2018

බුදුන්ගේ රස්තියාදුව - කේ. කේ. ශ්‍රීනාත් : කාලය, මුදල් හා මනස කා දමන පොතකි.


පිටු 249ක් වන මෙම 'පුස් ' ආන්දෝලනාත්මක කෘතිය රු. 500 කි.

මෙම පොතේ කවරය සහ නව කතාවේ නම දකින විටම එහි අලවියටම බිහිවූ බවක් පෙනේ.

එමනිසා හොඳ සාහිත්‍ය පාඨකයකුගේ යුතුකමක් මෙන්ම සාහිත්‍යට ආදරය කරන රසිකයකුගේ වගකීම වන්නේ මෙවන් විකාර රුපි පොත් ගැන සමාජය හා සහෘද පාඨක පිරිස් දැනුවත් කිරීමයි.

තාත්වික කථා කලාවෙන් බැහැරවී අධි තාත්වික කථා සම්ප්‍රදායකින් ලියා ඇති මෙම කුණුහරුපය, මානසික රෝගියකුගේ පපොච්චාරණයකි.

කථාව ගලා යන්නේ යථාර්තය සමග නොව වේදිකා නාට්‍යයක ස්වරූපයෙනි. චරිත කිහිපයකි. ඉතාම පහත් හා තුප්පහි විහිළු තහළු මෙම නව කතාවේ ඇතුලත් වේ. 

එම විහිළු, බුදු සිරිත සහ ඇඳා ගැනීම සිත තරමක් ව්‍යාකුල කරවන තත්ත්වයකි.

කථා නායකයා තරමක් ව්‍යාකුල මනසක් ඇති මිනිසෙකි. 

නමුත් හුදු පෞද්ගලික දුර්වලතා වලට සමාජයේ පවත්නා ආගමික හා සංස්කෘතික සාධක ඇඳා ගැනීම, තම මෝඩකම පෙන්වන්නකි. 

කතුවරයාට එම සාධකය (කථා නායකයාගේ ව්‍යාකුල මනස සහ ජීවිතය) නිරුපණයට මෙම බාහිර පරිසර (බුද්ධ දර්ශණය හා ශ්‍රී ලාංකීය සංස්කෘතිය) අවශ්‍යය වුයේද යන්න, පාඨකයාට විටෙක මානසිකව පසක් වේ.

තරමක් වියරුවෙන්ද, තරමක් මනෝ මුලික භාෂා හැසිරවිමකින් ආගමික ශාස්තෘවරයකු නිර්ධය ලෙස විවේචනය මහා පිස්සුවකි.

මෙහි කතුවරයා වන කේ. කේ. ශ්‍රීනාත් ගැන කිසිවක් සටහන් නොවීමත්, කතුවරයාගේ පොත තුළ ඉතාමත් සංකිර්ණ ආත්මාර්ථකාමී මනොමුලික බවක් දක්නට ලැබීම සිංහල හා දේශීය සාහිත්‍යයේ අනාගතය ගැන බියක් ඇති කරයි.

විටෙක කේ. කේ. ශ්‍රීනාත් යනු නුතන ශ්‍රී ලාංකීය සමාජයේ සිංහල සාහිත්‍ය තුළ සැරිසරන මනෝ ව්‍යාධිකයකු ද යැයි හැඟෙ.

එමනිසා 'ගුණාත්මක නිර්මාණය' කියන සාධකයට අවධානය යොමු කිරීම වැදගත්ය.

අන්‍ය ආගමිකයන් මෙවන් කෘති, තම ආගම ගැන නොලියන බවත්, මෙමගින් තම සාහිත්‍ය තුළින් තම සංස්කෘතියේ 'වල' කපා ගැනීමක් මෙහි දැකිය හැකිය.

ප්‍රධාන සාහිත්‍යය දරාවෙන් පිට පෙන 'වීරයන්' වීමට ලියන මෙම පොත් මගින් බිහිවන මෙවන් අතුරු ඵල වන් සාහිත්‍යය නිර්මාණ සමාජ කුෂ්ට, දද හා පිළිල මෙන්ය.

මේවා දකින විටද පවත්නා ක්‍රමය තුළ ඇති 'කල කිරීම' ඉහළ යයි. 

නමුත් සිංහල සාහිත්‍යයට මිනිසුන් නැවත යොමු කරවීමට ගත් මෙම උත්සාහයට ගරු කරමි.

මෙවැනි පොත් වලට කාලය නාස්ති නොකරන්න.

සෑම වසරකම නිර්දේශිත 'ස්වර්ණ පුස්තක', 'රජත පුස්තක' හා 'රාජ්‍ය සම්මාන' පොත් ඔබට හැකි පරිදි කියවන්න.

මෙවන් මනෝ මුලික, පිස්සු පොත් මග හරින්න.

වාසනාවකට මෙම පොත අන්තර්ජාලය PDF ලෙස පැතිර යාම තුලින් තරමක් හෝ දුරට කුණු ඕජස  සමාජය තුළ පැතිරයාම පාලනයට හැකි විය. 

තවත් විස්තර මෙම පහත විචාරය තුළ දක්නට ලැබේ.

http://3mana.com/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8/