Wednesday, June 27, 2018

අතීතයට ගමනක්...... : Alchemist (September-October/සැප්තැම්බර්-ඔක්තෝබර් 2017) - ස්ත්‍රීත්වය, සත්‍ය විමසීම, ආගම, දෙවියන් හා ප්‍රභාස්වාරය




මම අවුරුදු 27 ක ගිණුම්කරණය විශය ඉගෙන ගන්න සිසුවෙක් මෙන්ම එම ක්ෂේත්‍රයේ සේවය කල (2017) හා සේවය කිරීමට බලාපොරොත්තු වන (2018) පුද්ගලයෙකි.

මම මගේ බොහෝ අධ්‍යාපන කටයුතුද සිදු කලේ ව්‍යාපාර අධ්‍යනය, කළමනාකරණය, ආර්ථික විද්‍යාව හා ගිණුම්කරණය යන විෂය ක්ෂේත්‍ර වලට වැඩි බරතබිමක් කරමිනි.

එමනිසා මෙම ලේඛනයේ ඇති සමාජ විද්‍යාත්මක, සාහිත්‍යමය හා භාෂාව පිලිබඳ විශ්ලේෂණයන් විවරණයට තිබිය යුතු අධ්‍යාපනික පසුබිම හෝ මුලික දෘෂ්ටියවත් මා තුළ නොමැත.

නමුත් සාහිත්‍ය හා සිනමාවේ සදාතනික පාඨකයකු මෙන්ම රසිකයකු නිසා මෙම කෙටි හා සරල වචන පෙළ, මෙම සඟරාව ගැන ලිවීමට මම කැමැත්තෙමි.

මම "Alchemist" කියවන්නේ 2014 සිටය.

ඉන්පසු බොහෝ පෞද්ගලික හේතු මත මට මෙම සඟරාව කියවීමට නොහැකි විය.

නැවත මෙම සඟරාවක් මගේ ඇසුරට හමුවන්නේ "2017 ඔක්තෝබර්" වල නිවස බලා  ගම්පහින් කෝච්චියේන් බැහැලා, සරසවි පොත්හලට හවස් වරුවක ගිය වේලාවකදීය.

පරණ පැවති සඟරාවේ සම්ප්‍රදායෙන් පිට නොපැන සේපාල් අමරසිංහ මහතා නැවුම් විදිහට දේශීය මෙන්ම ගෝලීය සාධක විශ්ලේෂණය කරමින් ඔහුගේ මෙම කාර්ය භාර්ය සිදු කිරීමට නැවත මෙම කලාපය [Alchemist (September-October/සැප්තැම්බර්-ඔක්තෝබර් 2017)] හරහාද සමත් වී ඇත. ඒ සඳහා නොමදව අන් ලේඛක පිරිසද සමත් වී ඇත.



අතීතයට ගමනක් කියන්නේ කාලය හරහා සිදු කරන කාල තරණයක් නොවේ. මතකයන් හරහා සිදුකරණ ගනුදෙනුවක්.

මෙම කෙටි ලිපියට එම මාතෘකාව යෙදුවෙත් එමනිසයි.

මම 2017 දී කියවූ මෙම සඟරාවේ මතකයන් නැවත සිහිකරන්නේ එහි පවත්නා කාලින හා සමාජීය වශයෙන් වැදගත් කමක් නිසාවෙනි.

මෙම ලේඛනය නව ආකෘතියකින් මෙන්ම, ශ්‍රී ලංකාවේ බොහෝ අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ මෙන්ම දක්ෂ විද්‍යාර්ථීන්ගේ ඒ ඒ මාතෘකා යටෙතේ තම මතවාදය හා දෘෂ්ටිය, ශ්‍රී ලාංකීය සමාජයේ දැනුම හා දෘෂ්ටිය සොයා, එය පසුපස යන දේශීය පාඨකයාට දැනගැනීමට සැලැස් වීමට මෙම සඟරාව, නැවත මෙම කලාපයෙන්ද, සමත් වී ඇති බව පැවසිය යුතුය.

සැප්තැම්බර්-ඔක්තෝබර් 2017 කලාපය මගේ බ්ලොග් පිටුවේ මාතෘකාවේ ඇති සාධක මෙන්ම තවත් අමතර සමාජ හා අනෙකුත් කරුණු විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා කියවන්නාට අත්විදීමට ලබා දී ඇත.

ස්ත්‍රිත්වය ගැන සංවාදයක ස්වරුපයෙන් ගොඩ නගන සඟරාවේ ආරම්භය 2018 දී පෙබරවාරි මස පැවති ප්‍රාදේශීය පාළන ආයතන වල මැතිවරණයේදී, 25% ක ස්ත්‍රී නියෝජනයක් ලබා දීමට නියෝග දෙමින් සකස් කරන ලද ජාතික නීතියට අවශ්‍ය මුලික සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක් ලබා දෙන බව මට සිතේ. මෙම සංවාදය සිදු වන්නේ රොහාන් පෙරේරා මහතා සහ මරීනා අල් හොසයෙන් මෙනෙවිය අතරයි.

සඟරාවේ සංස්කාරක ගේ ආරම්භක ලිපිය ලෙස සත්‍ය විමසීමට අවශ්‍යය මුලික මාතෘකා 3ක් කෙටියෙන් සාකච්චා කිරීම, ඉතාමත් හොඳ ආරම්භයක් මෙම ලේඛන එකතුවට ලබා දෙයි. මෙය සේපාල් අමරසිංහ මහතා විසින් ලියන ලදී.

අදාළ ලේඛන එකතුව බොහෝ විට බර තැබීමක් කරන්නේ ආගම, දෙවියන් හා ප්‍රභාස්වාරය යන මාතෘකා වලටය.

නුතන දේශීය ආගමික භාවිතය හා එහි ඇති බිඳවැටීම ගැන ඉතාමත් ගැඹුරින් මෙන්ම කාලින උදාහරණ යොදාගනිමින් උපහාසය මිශ්‍ර භාෂාව දක්ෂ ලෙස හසුරුවමින් මෙම ලේඛන ලියවී ඇති බවට පැවසිය හැක.

ආගමක සමාජීය කාර්ය භාර්ය හා එහි පවත්නා පෞද්ගලිකත්වය ඉතාමත් සංකීර්ණ සමාජ විද්‍යාත්මක විශ්ලේෂණ හරහා මෙන්ම ප්‍රයෝගික සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික උදාහරණ හරහා අදාළ ලේකකයන්,  සඟරාව කියවන්නන්ට ලබා දීමට සමත් වී ඇත.

සේපාල් අමරසිංහ මහතාගේ ප්‍රධාන ලේඛනය "ප්‍රභාස්වාරය"(Disillusionment), විදේශීය ඉංග්‍රීසි සිනමා කෘතියක් [The case of christ (2017)] හරහා කිතු දහම හා එහි ආගමික බලපෑම ඉහත සමාජීය මෙන්ම පෞද්ගලිකත්වය යන සාධක හරහා විශ්ලේෂණය කිරීමට සමත් වී ඇත. ඒ අදාළ සිනමා කෘතියේ කථා නායකයාගේ දෘෂ්ටිය හා සිනමාකරුවාගේ සිනමා උපක්‍රම විශ්ලේෂණය කරමිනි. මෙම සිනමා කෘතිය නිර්මාණය කර ඇත්තේ සත්‍ය කතාවක් හරහා මෙන්ම සිදුවීම් පදනම් කරගෙනය.

මා හට මෙම අදාල ලිපිය කියවා ගෙන යන විට කතුවරයාගේ විශ්ලේෂණය සමාජ විද්‍යාත්මක පදනමකින් මෙන්ම පෞද්ගලිකත්වය හරහා පැහැදිලි කල ඇති බවත් එය ඉතාමත් හොඳින් නිර්මාණය වී ඇති බවත් පැවසිය හැක.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  • අමරසිංහ, සේ. (2017). ප්‍රභාස්වාරය (Disillusionment). alchemist, (September-October/සැප්තැම්බර්-ඔක්තෝබර් 2017), පිටු. 16-35.



















    

2 comments:

  1. මම මේ email එක දැක්කෙ දැනුයි.ස්තුතියි දීමන්ත...

    ReplyDelete