Friday, May 12, 2017

ඉසිවරයා - ඛලිල් ජිබ්‍රාන්ගේ විරුද්ධභාසි බව ගෑඹුරින් විශ්ලේශනය කරන සිංහල පරිවර්තනය




ඛලිල් ජිබ්‍රාන්ගේ "ඉසිවරයා" ඔහු විසින් රචනය වන්නේ 1923 දීය.

මා ඔහුගේ කියවා ඈත්තේ සිංහල පරිවර්තන පොත් 03 ක් පමනි.

(01) ඉසිවරයා
(02) උන්මත්තකයා
(03) බිදුනු පියපත්

කවියා ඉතාම සුන්දර අයුරින් "ඉන්ද්‍රජාලික යතාර්තවාදය" විශ්ලෙශනය කරයි. ඔහුගේ සාහිත්‍ය කෘති එවැනි ලක්ෂණ වලින් පිරි ඇත. එමනිසා එහි මායාකාරී බව සැම විටම ස්වභාවධර්මය හරහා කතුවරයා සැමවිටම ඉතාම පැහැදිලි නමුත් ගැඹුරු භාෂාව තුළින් විශ්ලේශණය කරමින් තම කෘතියේ පණිවිඩය ජනතාකරණය කරයි. එමනිසා ඔහු සහ ඔහුගේ කියවන්නද යම් අයුරකින් ඉහළ රුචිකත්වයක් හා මානසික දියුණුවක් මෙම කියවීම තුළින් අනිවාර්යෙන්ම ලබා ගනී.

ඉසිවරයා කෘතිය සි0හලට පරිවර්තනය වන්නේ චින්තා ලක්ශ්මි සින්හා අරච්චි විසිනි.

ඈය මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්, අපුගේ ලොකය, ශ්‍රි කාන්ත, ගෝරා, ගෝ දානය, අරණකට පෙම්බෑද හා ශ්‍රි කාන්ත හා රාජ ලක්ශ්මි වෑනි කෘතිද පරිවර්තනය කලේය.

මෙම පරිවර්තනයේ වෑදගත්කම නම් ඒ ඒ පරිච්චෙදයේ එන චරිතයන් කතාවේ කථා නායකයා වන  ඉසිවරයාගෙන් අසන ඒ ඒ ජීවන සාධක ඉතාමත් ආවෙනිකව එම පුද්ගලයාට බද්ද වන අයුරින් ජීවන දර්ශනයට අවශ්ය සාධක ඉසිවරයා විසින් පෑහෑදිලි කර දිමයි. 

එමනිසා මෙය සෑම මනුශ්යකුම කියවිය යුතු පොතකි. සෑම ආගමක ඈති ජීවන ම0පෙත මෙන්ම, වුර්තිමය ආචාර ධර්ම සේ ඛලිල් ජිබ්‍රාන් ඔහුගේ කව්‍යමය චින්තනය පෑහෑදිලි කරයි.    

මෙය බුද්ධ ධර්මයේ එන චතුරාර්ය සත්ය වෙනි පදනම් ස0කල්ප සාහිතයම දෘශ්ටිකෝණයකින් පෙන්වනවා වෑනිය. විරුද්දභාසි බව මනාව කලමනාකරනය කරයි.    

ඉතාම ඉවසිමෙන් හා විවුර්ත මනසින් සෑම සාහිත්යට ආදරය කරන පුද්ගලයකුම  කියවිය යුතු පොතකි. 

ඉතාම කෙටියෙන් ලියු පොතකි. මෙය ඛලිල් ජිබ්‍රාන්ගේ කෘතියක් හා භාශාමය නිර්මාණයක් නිසා හා එහි පවත්නා අවෙනිකත්වය නිසාදො කිසිදු වරදක් නොපෙනේ.

No comments:

Post a Comment