Monday, May 1, 2023

තම්බි මුදියන්සේ : ධර්ම ශ්‍රී කාරියවසම් - පාවදීම්, සංස්කෘතිය, විදෙශියකරණය හා වසර 75ක අදෝනාව

 


"තම්බි මුදියන්සේ" ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ වසර 75ක අදෝනාවාක හෙවනැල්ලෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ පාලනය හෙබවූ එක්තරා බලවත් පවුලක පරම්පරාගත බලයට කරන ලද සටකපටකම් ඇතුළත් තොරතුරු එකතුවකි.

ශ්‍රී ලංකාවේ පෙර සහ පසු බ්‍රිතාන්‍යය නිදහසින් බිහිවූ දේශපාලන නායකත්වය දුෂ්ඨය. ඔවුන් ජාතිවාදය වපුරවමින්, සමාජවාදය හරහා බිහිවන මැර දේශපාලනය නංවාලමින් ක්‍රියාකළේ ඉතා අදම ලෙසටය. එම නිසා වර්තමානයේ පවතින ශ්‍රී ලංකාවේ දුක්බර වර්තමානය සංකීර්ණ පාවාදීම් වල දිගුවකි. ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ට රටට සේවයක් කිරීමට අවශ්‍යතාවයක් නොමැත. ඔවුන්ට අවශ්‍යය වන්නේ බලය රැස් කිරීමට හා දුෂණ ක්‍රියා හරහා මුදල් රැස් කිරීමටය.

"තම්බි මුදියන්සේ" කෘතියේ පාවාදීම් පිළිබඳව ඇති වසර 75ක් පැරණි අදෝනාව සැලකිය හැකි නමුත් සංස්කෘතිය හා විදේශියකරණය පිළිබඳව අදෝනාව 1997 පාසල් යන සමයේ සිට වසර 25ක් පුරාවට අසා සිටීමෙන් මට ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ මුල්සිඳීගිය මෝඩ සංස්කෘතික අන්ධ විශ්වාස පිළිබඳව මට ඇති කළ කිරීම ඉහළ යවයි. මෙම කතුවරයා තොරතුරු පෙළගස්වා ඇති ආකාරය වැදගත් වුවද නුතන තාක්ෂණය ( බටහිර රටවලින් ලැබුණු ) හරහා නිර්මාණය කරන පොත් හරහා මෙවන් සංස්කෘතික සෝදාපාළුවක් ගැන කතා කිරීම හරහා මට ලෝ ප්‍රකට ජෝර්ජ් ඔර්වෙල්ගේ '1984' නවකතාවේ 'ද්විත්ව කථනය' සිහි වේ. ( ආරියවංශ රණවීර - පරිවර්තනය )

ශ්‍රී ලංකාව ආරක්ෂා කළ යුත්තේ මෙවන් අනවශ්‍ය ඉතිහාසයක් හාර අවුස්සන ලේඛකයින්ගෙන්ද නැත්නම් දේශපාලකයින්ගෙන්ද යන ප්‍රශ්ණය මෙම පොත කියවන විට නැගෙන ප්‍රශ්ණයකි.

මෙම කෘතියේ පළමු පරිච්චේදය තුළ ජේම්ස් ටී. රත්නම් ගේ ප්‍රකට ලිපි දෙකක් පිළිබඳව සදහන් වේ. එම ලිපි දෙක 1950 දශකයේ පළවූ ශ්‍රී ලංකාව පාලනය කරන ලද ප්‍රධාන පවුල් දෙකක මුලයන් හෙළිකරයි. එම ලිපි දෙක පරිවර්තනය කර පල කරන ලද 'රාවය' ප්‍රකාශකයින්ගේ කුඩා පොත් පිංච පිළිබඳව මා පළකරන ලද මතවාදය වුයේ එය අදහස් නිදහස්ව පළ කිරීමේ නිදහස පිළිබඳව හෙළිකරන අවස්ථාවක්, ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් හා ජාතිවාදයට එරෙහිවන අවස්ථාවක් ලෙසිනි. මෙම ග්‍රන්ථයද එම අවස්ථාවලට හා ජයග්‍රහනයින්ට අදාළ වේ. නමුත් මෙම ග්‍රන්ථය තුළ ඇති සංස්කෘතිය, විදෙශියකරණය හා වසර 75ක අදෝනාව තරමක් දුරට හිත කලකිරිවෙන හා වසර 25ක් තිස්සේ ඇසි මා හට එපාකරවන සුළු හැඟීමක් ඇති කළේය.

ධර්ම ශ්‍රී කාරියවසම්ගේ මෙම ග්‍රන්ථයේ බොහෝ යටත් විජිත යුගයේ ලියවුණු ඉංග්‍රීසි ජාතිකයින්ගේ කෘති රැසක් ගැන විමසීමට ලක් කරයි. එමඟින් ධර්ම ශ්‍රී මහතා ගොඩනගන මේ කතාව තුළ ජයවර්දන පවුලේ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ භූමිකාවහි බලවත් බව ඉස්මතු කිරීමට තැත් කරන්නේදැයි සිතේ. එය ශ්‍රී ලංකාවේ බොහෝ ඉතිහාසකරුවන් හා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය විය. මගේ කුකුසත් ධර්ම ශ්‍රී මේ සිදුකරන්නේ අනවශ්‍ය මඩ ගැසීම් හරහා '1984' හි 'ඕ'බ්‍රයන්' සිදුකරන 'ගොල්ඩ්ස්ටින්' කෙනෙකු ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමකි. ජයවර්දන නායකත්වය දුෂ්ඨය. එයට අවශ්‍යය වන්නේ ඔහුගේ පවුලේ මුලයන් නොව වර්තමාන විසදුම්ය. මෙය ශ්‍රී ලාංකීය සාහිත්‍යකරුවන් මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධාන දුර්වලතාවයක් ලෙස මා දුටුවෙමි.

නමුත් ශ්‍රී ලංකාව වසර 75ක් පුරාවට පවුල් කිහිපයක් පාලනය කිරීමත් ඒ හරහා බලය සීමිත පිරිසක් අතර හුවමාරු වෙමින් පැවති අසාධාරණ හා දුෂිත තත්ත්වය ජනතාවට හෙළිකිරීම වැදගත් තත්ත්වයක් ලෙස හැඳින්විය හැක.

මෙම ග්‍රන්ථය විප්ලවකාරී මෙන්ම ජනප්‍රියවාදී ස්වභාවයක් ගන්නා බව නොරහසකි.



No comments:

Post a Comment