Sunday, September 19, 2021

තී සහ තා - සුරත් ද මැල් : යොවුන් සහ තරුණ රස්තියාදුකාර ආදර කතාවක්

 


පිටු 392 ක් පුරා දිව යන මිල රු. 650ක් වූ 'තී සහ තා" නවකතාව සුරත් ද මැල් නම් අලෙවිකරන ශිල්පියාගේ ප්‍රථම ලියමනයි.

නාගරික ප්‍රේම කතාවක් ලෙස අලෙවිකරණය වූ මෙම නවකතාව අර්ධ නාගරික ගම්පහ ජීවත් වූ මටද සමීප අත්දැකීම් සිහිපත් කරන අතීත කාමයෙන් පිරීගිය මාගේ පරම්පරාවේ අවංක ආදර කතාවක් ලෙස මට හැඟුණි.

මාර්ටින් වික්‍රමසිංහ සහ පසුකාලීන ශ්‍රී ලංකාවේ යතාර්ථවාදී නවකතා රටාවේ ඇති විවිධ අර්ථකතන වලට යෑමේ සීමාකම බිඳහෙලූ නවකතාවක් ලෙස මෙය හැඳින්විය හැක.

උපුල් ශාන්ත සන්නස්ගල, සමන් වික්‍රමාරච්චි, චින්තන ධර්මදාස හා කේ. කේ. ශ්‍රීනාත් වැනි ප්‍රතිකලාත්මක (Anti-art) නවකතා රටාවක් යොදාගන්නා ලේඛකයෙක් ලෙස සුරත් ද මැල්ගේ මෙම කෘතිය හැඳින්විය හැක.

නූතන ආදරය කෙතරම් දූෂිත විය හැකිද යන්න මෙම විවෘත සහ අමුතු නවකතාව කියවන්නාට පසක් කර දේ.

කතාවේ මධ්‍යයට යන විට තරමක් නීරස වන නවකතාව එහි පවත්නා නිර්මාණශීලි, යථාර්තයෙන් වියුක්ත රටාව නිසා නව පනක් කියවන්නාට ලබා දේ.

ග්‍රන්තයේ අග භාගයේදී තරමක් දුක්බර මෙන්ම ව්‍යාකුල ස්වභාවයක් ගන්නා කතාව අවසන් වන්නේ අපව බලාපොරොත්තු විරහිත කරමිනි.

ප්‍රතිසංස්කෘතික මෙන්ම උපසංස්කෘතික ලක්‍ෂණ වලින් ගහන මෙම නවකතාවේ පහත උදෘතය එහි ඇති නව්‍ය භාෂා විලාශය හෙළිදරව් කරයි.


"මට මගේ මුහුණ හුරුවුවාට එක්වරම එය දකින අයට එසේ නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ නිසා මම කාටවත් වැඩිය මුණ දුන්නේ නෑ. සමහර නළු නිලියෝ තමන්ගේ මුණේ ලස්සනම පැත්ත විතරයි කැමරාවට හරවන්නේ කියල මම අහල තිබුණා. අඩුම කැත වම් පැත්තේ කියල හිතල මම වැඩිපුර වමට බර වුණා. අන්තිමට වාමාංශිකයෙක් වුණා."

-පිටු 34-


මෙම නවකතාව පශ්චාත් නුතනවාදී නවකතා රටාව උත්කර්ශයට නංවන කෘතියකි.



No comments:

Post a Comment