Sunday, April 18, 2021

එස්තර් කිවියෙට් - (පාජි) / Paji - හේතු : පරිවර්තනය - ඒ. පී. ගුණරත්න - ළමා කතා කලාව සහ විවිධත්වය

 


එස්තර් කිවියෙට් ගේ පාජි (Paji) නම් කෘතිය ප්‍රථම වරට මුද්‍රණය වන්නේ 1946 වර්ෂයේදී වන අතර 2021 වන විට මම මෙම කෘතිය අන්තර්ජාලයේ සෙවූ විට එහි වර්ණවත් රූප සහිත මුද්‍රණයක් ඇතුළත් කෘතියක් මිලදී ගැනීමට හැකි බව මා හට සොයා ගත හැකි විය. නමුත් එය කියවාගැනීමට කාලය සහ මුදල් නොමැති බැවින් මා හට පාජි (Paji) සහ "හේතු" (Hethu) ලෙස පරිවර්තනය වූ කෘති දෙක අතර වෙනසක් පැවතියේද යන දැඩි කුතුහලය ඇතිවිය. නමුත් එම කුතුහලය සදාකාලික අභිරහසක් ලෙස යටයන අතර මා හට නැවත නැවත මෙම පොත විශ්ලේෂණයට කාලයක් නොමැත.

ඒ. පී. ගුණරත්න මෙම කෘතිය පරිවර්තනය කරන්නේ 1961 වර්ෂයේදීය. මාගේ මව වන හර්ෂනී පොල්වත්ත කුඩා කළ ඉතාම ප්‍රියකළ ළමා කෘතියක් යැයි හඳුනාගෙන ඉතාම මෑතකදී මිලදීගත් මෙම කෘතිය මා කියවුයේ වයස අවුරුදු 29 දීය.

ළමා කතා කලාවේ එන ළමා චරිත, වීර ක්‍රියා, පරිසර වර්ණනයන්, හොඳ හා ගුණාත්මක චරිත ලක්ෂණ හා පොතට ගැලපෙන චිත්‍ර මෙම පොතේ ඇතුළත් වේ. ඉංග්‍රීසි කෘතිය වන පාජි (Paji) හි මුද්‍රණය වර්ණ වන අතර මා කියවූ "හේතු" (Hethu) නම් පරිවර්තනයේ තිබුනේ කළු සුදු මුද්‍රිත චිත්‍රය. මා දකින එකම දුර්වලතාවය වුයේ එයයි. නමුත් විවිධත්වය අතින් ඉතාම අවේණික සහ සුන්දර කතා තේමාවක් ඇති "හේතු" සුන්දර කතා පොතකි.

සිබිල් වෙත්තසිංහ ගේ "මැටි ගෙදර ළමයි" සිහිකරවන කෘතියක් වන මෙය එම කෘතිය අභිබවා යන බවක්ද හැඟේ.

හැරල්ඩ් ප්‍රයිස් ගේ චිත්‍ර ඉතාම සුන්දර මෙන්ම නිර්මාණාත්මකය.


ශ්‍රී ලංකාවේ අතීතයේ රජරට ආශ්‍රිත ගම්මානයක ජීවත් වූ හේතු නම් කැටයම් කපන දරුවාගේ සුන්දර කතාව මෙහි ඇතුළත් වේ.

පිටු 54ක් වන මෙම කෘතිය මිල රු. 60 කි. මෙය මා හට මාගේ මව මා ළමා කාළයේ මිලදිගත්තද මා මෙම පොත ඇසුරු කළේ වයස අවුරුදු 29 දීය. ඉතාම පරිණත වයසකදී මෙම කෘතිය කියවීමෙන් මා හට එහි ඇතුළත් චිත්‍ර වල ඇති අධියතර්තවාදී  ස්වභාවයද කතා තේමාවේ ඇති අතීතකාමී ස්වභාවයද වටහාගත හැකි විය.


ශ්‍රී ලංකාවේ වර්ණ රූප රැගත් ඉතාම හොඳ මුද්‍රණයක් ඇති ළමා කතා පොතක් වුයේ මෑතකදී පළවූ කාලෙඩ් හොසේයිනිගේ "The Sea Prayer" නම් කෘතියේ "සමුද්ද යාතිකව" නම් සිංහල පරිවර්තනයයි. එය නිමවන ලද්දේ ගංගා නිරෝෂිනී සුදුවලිකන්දයි. "හේතු" ග්‍රන්ථයත් එලෙස නිමවුයේ නම් එහි වටිනාකමක් තිබෙනු ඇත. කෙසේවුවද රසවිඳීමක් ඇති ඉහළ ගනයේ කෘතියක් ලෙස මෙම පොත (හේතු) හැඳින්විය හැක.



No comments:

Post a Comment