ෆ්‍රාන්ස් කෆ්කා (1883 - 1924) හෝ ටෙනිසන් පෙරේරා (1940 - වර්තමානය) මාගේ පරම්පරාවේ සාහිත්‍යකරුවන් නොවේ. නමුත් 2014 වර්ශයේදී ශ්‍රේෂ්ඨ ධර්මසේන පතිරාජ (1943 - 2018) ගේ "ස්වරූප" (2014) චිත්‍රපටය නැරඹීමෙන් ලද ආශ්වාදය සහ කම්පනය නිසා මෙම දෙදෙනාගේම කෘති දෙක කියවීමට මා ආකර්ශනය විය.
ටෙනිසන් පෙරේරාගේ අති විශාල සාහිත්‍යමය දායකත්වය නිසා ඔහු සිංහල සාහිත්‍යයයේ වර්තමානයේද ප්‍රකටය.
ස්ටැන්ලි කොර්න්ගොල්ඩ් (1934 - වර්තමානය) ගේ ඉංග්‍රීසි පරිවර්තනයක් ඇසුරෙන් මෙම සිංහල පරිවර්තනය බිහිවී ඇත.
මෙම කෘති කියවීමේදී අපට පෙනෙන්නේ අධියතාර්ත්වාදය කෆ්කාගේ මනසින් ටෙනිසන් පෙරේරා වෙනස් ආකාරයට දකින බවයි.
මා කියවූ ඉංග්‍රීසි පරිවර්තනයේදී Metamorphosis ඇතුළු අනෙකුත් කතා ගැන මයිකල් හොෆ්මාන් (1957 - වර්තමානය) නම් පරිවර්තකයා මතුකරන සාධකයකි, කෆ්කා කාලය. (Kafka-Time) එනම් කතාවේ යම් අවස්ථාවක් වර්ණනයට හා සිද්ධියක් සිදුවීමට කතාවේ ගතවන කාලය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්වීමයි. මෙය විටෙක අකාර්ශනීය වන අතර විටෙක කියවන පාඨකයාට හිසරදයකි. නමුත් එය සිතාගත නොහැකි තරම් වර්ණවත් මෙන්ම සාහිත්‍යමය නව්‍යතාවයකි, කෆ්කාගේ ජීවත් වූ කාලය හා සසඳන විට. මම සාහිත්‍යය විශේෂඥයකු නොවුවත් මා සාහිත්‍යයට මෙවැනි ඉතා සියුම්ව දක්වන දායකත්වයට කැමැත්තෙමි.
මෙම සාධකය ඉතා හොඳින් ටෙනිසන් පෙරේරා තම පරිවර්තනයට ඇඳා ගැනීම ඉතාමත් නිර්මාණාත්මක සාධකයකි. එය දේශයන් දෙකක පරපුරවල් දෙකක සාහිත්‍යකරුවන් වටහාගැනීම ඉතාම වටිනා සාධකයකි, පාඨකයන්ට.
කෆ්කාගේ කථා තුල දිවෙන කෆ්කයානු කෘරත්වය සහ වේදනාව පැහැදිලි කළ නොහැකි තරම් නිර්මාණාත්මකය. එය තුළ අපරදිග සංස්කෘතිය තුළ ඇති කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ ශීඝ්‍ර සංවර්ධනය හා බද්ධ වූ අධියතර්තවාදී මානව දැක්ම විශද වේ. නමුත් පෙරදිග පවත්නා මානුෂිය සංස්කෘතික කරුණාව පරිවර්තනයේ පසුවදනේ දැක්වීම හරහා ටෙනිසන් පෙරේරා අපරදිග හා පෙරදිග සංස්කෘතියේ වෙනස පෙන්වීමට සමත් වී ඇත. නමුත් මෙය හුදු සංස්කෘතික වහන්තරවේ කොටසක් බව වර්තමාන මෙන්ම අතීත ශ්‍රී ලංකිකයා රටේ තත්ත්වය අනුව ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත.
කෆ්කා කියවීම මා හට අපහසු වුවද එය රසවත් මෙන්ම සංකීර්ණ සාහිත්‍යමය ක්‍රියාවලියක් විය.
සමස්ත ශ්‍රේණිගත කිරීම - 3/5
No comments:
Post a Comment