Wednesday, January 16, 2019

'පශ්චාත් නුතනවාදය, හැඳින්වීමක් - කේ. කේ. සමන් කුමාර' සහ 'පශ්චාත් නව්‍යවාදය [කෙටි හැඳින්වීමක්] - මහාචාර්ය විමල් දිසානායක' : සංකීර්ණත්වය සාරාංශ කිරීම.




'පශ්චාත් නුතනවාදය, හැඳින්වීමක්' හා 'පශ්චාත් නව්‍යවාදය [කෙටි හැඳින්වීමක්]' පොත් දෙක (02) තුලම ඇත්තේ ඉතා විශාල සංකල්ප ප්‍රාමාණයක් සංක්ෂිප්ත කර දැක්වීමකි.

මෙය 'දහනව සියවසේ' අග භාගයේ සිට 'විසිවන සියවසේ' අග භාගයේ දක්වා විහිදෙමින් ලියවුනු පොත් දෙකකි. (02)

ඔබට පශ්චාත් නව්‍යවාදය වටහා ගැනීමට මෙම පොත් දෙක (02) පමණක් ප්‍රමාණවත් නොවේ.

මෙය ආරම්භය පමණි.

'පසු නුතනවාදය' හඳුනාගැනීමට මෙම පොත් බොහෝ විට දෙවරක්වත් කියවිය යුතුයි.

පොත් දෙකම ගැඹුරු දාර්ශනික සංකල්ප රැසක් ඉතාම හැකි අයුරින් සංක්ෂිප්ත ලෙස කියවන්නාට ලබාදීමට තැත්කර ඇත.

මෙම පොත් දෙක (02) නැවත නැවත කියවීමට සිදුවීම වැළක්විය නොහැක. මන්දයත් සංකල්පයන් එතරම් ගැඹුරුයි.

'පශ්චාත් නුතනවාදය, හැඳින්වීමක්' නම් පරිවර්තනය [කේ. කේ. සමන් කුමාර] ඉතාමත් සංකීර්ණ නමුත් වැදගත් කෘතියකි. එහි පිටකවරය නිර්මාණය කළ 'මො.ල. සෙනවිරත්න' මහතාගේ 'අරමුණ කුමක්ද ?' යන ප්‍රශ්නය, පොත කියවන්නාට සිත තුළ ජනිත වන ප්‍රශ්නයකි.

මා සිතන්නේ ඒ අසරණ වූ 'මරලින් මොන්රෝ' [Marilyn Monroe] මගින් නිරූපිත සමස්ත අසරණ ස්ත්‍රියයි. එය සංකේතාත්මකව කරන ලද නිර්මාණයකි.

කෙසේ වෙතත් 'පශ්චාත් නුතනවාදය' ඉගෙනීමට උදව් වන 'හැඳින්වීමක්' ලෙස මෙම පොත් දෙක (02) හැඳින්වීය හැක.

ගිහින් එන්න කානිවල් : සුමුදු නිරාගී සෙනෙවිරත්න - අනවශ්‍ය 'පරිසර වර්ණනයන්' ගේ මිදී ඇත.





අපුරු කෙටි කථා එකතුවකි.




සුන්දර මානව සම්බන්ධතා හා ගුප්ත සංස්කෘතික ලක්ෂණ කෙටි කතා 'අටක්' හරහා ගෙන හැර පෑමට කතුවරිය සමත් වී ඇත.




නුතන ශ්‍රී ලංකාවේ තොරතුරු ඇතුලත් වන මෙම කෙටි කතා එකතුව ගිලිහි යන 'අතීතය' හා නැගී එන 'නුතනත්වය' පිළිබඳව සියුම්ව ජන විඥාණය ඔස්සේ පෙන්වීමට කතුවරිය දැක්වූ උත්සාහය ප්‍රශංසනීයයි.




අනවශ්‍ය 'පරිසර වර්ණනයන්' ගේ මිදී ඇත.

Monday, January 7, 2019

නුතන කවි පොත් තුනක් (03) ක් හා විප්ලවකාරී ජිවිත කතා පොතක් [2016-2018]



මා හට කියවන්නට ලැබුණු තරමක් නැවුම් ලේඛණ රීතියකින් බිහිවූ පොත් හතරකි මේ.

'භික්ෂු පරිච්චේදය' ඉතාම බලවත් මෙන්ම වැදගත් සාධකයක් කතා කරයි. එහි වැරදි ඇත. නමුත් ලේඛණ රීතිය තුළ නව්‍යතා විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ.

කවි පොත් තුනද නැවුම් ලේඛණ රීතියක් යොදාගෙන ඇති බව පෙනේ.


Friday, January 4, 2019

"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - දෙමළ වංසයට පුර්විකාවක්




මෙම පිටු 76ක් වූ රුපියල් 150/- ක් වටිනා මෙම කෘතිය තුළ මුලිකව ඇතුලත් වන්නේ දෙමළ මිනිසා සහ ජනතාවගේ ඉතිහාසයට සරල හැඳින්වීමක් කාලීන උදාහරණ සමග ලබා දීමයි.

මෙහි පෙරවදනේදී ඇත්තේ දෙමළ වංසයට නොව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ගේ ඉන්දියාවේ ගමන් වලට පුර්විකාවක් යැයි කීම මීට වඩා නිවැරදිදැයි විටෙක සිතේ.

මෙම පෙරවදනේදීම 'හුණුවටයේ කතාව' නම් වේදිකා නාට්‍යය විවේචනයට ලක් කර ඇත. හුණුවටයේ කතාව දෙමළ වංශයට හා ඊළමට මුලික කරුණක් වන්නේ කෙසෙද යන්න ගැටලුවකි. එය සර්ව කාලීන නාට්‍යයකි. තවද බුද්ධිමය වශයෙන් මිනිසාව පටු කිරීමට සිදුකරන ලද පහත් වර්ගීකරණයක් ලෙස මෙය දැකිය හැක.

මෙම පොත තුල මුලිකව පටුන ලෙස පහත මාතෘකා දැක්විය හැක.

01. පෙරවදන
02. බ්‍රාහ්මි
03. තමිල්නාඩුව ගොතන දෙමළ සාහිත්‍ය වංශය
04. සටහන්
05. ආශ්‍රිත කෘති

මෙහිදී මහින්දාගමනයට පෙර පැවති භාෂා භාවිතය හා ලක්දිව දියුණු ආර්ථික හා සංස්කෘතික ලක්ෂණ වැදගත් ලෙස ඉස්මතු කර ඇත. මෙය නාරද සේනානායක සහ කොලට් කරුණාතිලක යන දෙදෙනාගේ සාහිත්‍යයේ ප්‍රධාන ලක්ෂණ ලෙස දැකිය හැක.

දෙමළ ජනතාව හා ඔවුන්ගේ ඉතිහාසය සංක්ෂිප්ත ලෙස දැක්වීමට මොවුන් දෙදෙනා සමත් වී ඇත.

මෙම කෘතිය තුල දෙමළ බුදු සසුනෙහි පැවති අර්බුධයද සාකච්චාවට ලක් කරයි.

තරමක් රෞද්‍ර ආකාරයට දෙමළ උගතුන් හා ඉතිහාසඥයින් මෙම කෘතිය තුල විවේචනයට ලක් කර ඇත.



මෙහිදී දෙමල ජනතාවට නොමැති ඉතිහාස ග්‍රන්ථ පෙළ පිළිබඳව දැඩි ගැඹුරු චෝදනාවකට සමස්ථ කෘතිය පුරා විහිදෙන විවේචනයක් දක්නට ලැබේ.

මහාවංශය මොවුන් දෙදෙනාට ප්‍රධාන වශයෙන් සත්‍ය බව හා ශ්‍රී ලංකාවේ දැනුමේ මුලය විය යුතු බව පෙන්වා දෙයි.

"නාරද" හා "කොලට්"  ගේ සෑම ග්‍රන්ථයකම මෙය දැකිය හැක.

"නාරද" හා "කොලට්"  ගේ ලිවීම් හා කියවීම් ඉතිහාසය යළි ප්‍රති කියවීමකි. එය හෙළයාට පක්ෂව සිදුවේ. බොහෝ කරුණු වලට නව මතවාද, විවාද, යෝජනා සහ චෝදනා මෙහි ඇත.

"නාරද" හා "කොලට්" ජාතිවාදීන් නොවේ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලාංකීය සිංහලයාට වන අවස්ථාවාදී සමාජ හා සංස්කෘතික අසාධාරණය හරහා ඇතිවිය හැකි දේශපාලනික අර්බුධ වලට මග නොපෑමට අවශ්‍යය සත්‍ය තොරතුරු ලබා දීම තැත් කිරීම තුලින් සිංහලයා නැවත සන්නද්ද කර නංවාලීමට උත්සහ දරයි.

මෙම පොත් පෙළ වඩා වැදගත් වන්නේ ඉතිහාස සිසුන්ට හා විද්වතුන්ටයි.

එසේ කි පමණින් ව්‍යාපාරිකයා හා ව්‍යාපාර ශිෂ්‍යයා මෙලෙස ඉතිහාසය බැහැර නොකළ යුතුයි.

ඔහුගේ මමත්ත්වය, පරිභෝජන රටා හා සංස්කෘතිය ඉතිහාසයේ කොටසකි.




මුහුදට කරන මානුෂීය යාතිකාව - සමුද්ද යාතිකාව : කලෙඩ් හොසේයිනි - සිංහල පරිවර්තනය : ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද



මෙම පොතට පිටු සංඛ්‍යාවක් නොමැත.

මෙය රූපමය හා භාෂාත්මක සංකලනයක් හරහා මානවවාදී පණිවිඩයක් ලබාදීමට දරණ සාහිත්‍යමය නිර්මාණයකි.


මෙය කාලිඩ් හුසෙයිනි ගේ 'Sea Prayer' කෘතියේ සිංහල පරිවර්තනයයි.

2004 වසරේදී එනම් මා 9 වසරේදී (අවුරුදු 14දී) ශ්‍රී ලංකාවට පැමිණි සුනාමි ස්වභාවික ව්‍යසනයද මෙම කෘතියේ මුහුදට කරන අයචනාත්මක යාතිකාව සම්බන්ධ කර ගත හැක.

මා 9 වසරේදී සුනාමිය විහිළුවක් වුවද මා දැන් වයස අවුරුදු 27ක් වන විට මෙම පොතේහි බලපෑම නිසා විහිළුවක් මෙන් නොදැනේ.



මා හට සුනාමිය විහිළුවක් වුවා යැයි කීම මෙම විචාරය කියවන්නා මවිත කරණු ඇත.

සරලව එහි අර්ථය වූයේ මට එහි ඇති ගැඹුර ආර්ථිකමය, දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික අර්ථයෙන් මෙන්ම පෞද්ගලිකව අඩු කම්පනයක් සිදුකිරීමයි.

එනමුදු මා හා මාගේ පවුලේ අය හැකි පමණින් අසරණ වුවන්ට ආධාර ලබාදුන්නෙමි.

නමුත් අදාළ ව්‍යසනයකට මුහුණ දුන් අයගේ මානසිකත්වය ඉතාම සංවේදී හා මානුෂිය භාෂා භාවිතයක් හරහා පාඨකයා වෙත ගෙන හැර පෑමට මෙම කෘතියද සමත් වී ඇත.

මෙම කෘතිය තරමක් දේශපාලනික ආකෘතියක් ගත්තද, එහි යාතිකාව සිදුවන්නේ මුහුදෙන් ගමන් කරන සරණාගත දරුවකුගේ ආරක්ෂාව පතාය.

එමනිසා මෙය ශ්‍රී ලංකාවටද ගැඹුරින් අදාළ වේ.

ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක සිවිල් යුද්ධයද මෙවැනි සරණාගතයින් ඇතිවීමට හේතු විය.

එමනිසා මෙම සාහිත්‍යය කෘතිය සිරියානු අර්බුධය මුලික කරගෙන නිර්මාණය වුවද විශ්වීය වැදගත්කමකින් යුක්ත වේ.

මෙම කෘතියේ එන චිත්‍ර නිර්මාණය කර ඇත්තේ 'ඩෑන් විලියම්ස්' ය.

ඉතාමත් හොඳ කියවීම් අත්දැකීමකි.

පිටු 20 කි. මිල රු. 350 කි.